22 September 2024

යාපනයේ ප්‍රශ්න 140,000කට විසඳුම් – ඇමැති වජිර කියයි 

යාපනය දිස්ත්‍රික්කයේ නිල මෙහෙවර ජනපති ජනතා සේවය ප්‍රාදේශීය වැඩසටහන් 12ක් පවත්වා අවසන් කළ බවත් එහි දී වසර 30කට වැඩි කාලයක් ගොඩගැසී තිබූ නොවිසඳුණු ජනතා ගැටලු 140,000ක් පමණ විසඳා අවසන්කරමින් පවතින බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.

ඉතිහාසයේදීවත් මේතරම් වැඩ කරපු ආණ්ඩුවක් නෑ – ඇමැති දුමින්ද

ගොවි ජනතාව වෙනුවෙන් ,ගොවිතැන වෙනුවෙන් , ගොවීන්ගේ අනාගතය වෙනුවෙන් මෙතරම් වැඩ කොටසක් කළ ආණ්ඩුවක් පහුගිය ඉතිහාසයේම නොමැති බවත්, ඉදිරියටත් ගොවියා වෙනුවෙන් පමණක් නොව සියළු ජනතාව වෙනුවෙන් කළයුතු සියළු දේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් ප්‍රමුඛ වත්මන් ආණ්ඩුව සිදු කරන බව වාරී මාර්ග ජල සම්පත් හා ආපදා කළමණාකරන අමාත්‍යය දුමින්ද දිසානායක මහතා පවසයි.

මල්වතු පාර්ශවයේ අති පුජ්‍ය අලුත්ගම ශ්‍රී ධම්මානන්ද නා හිමියන් අපවත් වේ

සියම් මහා නිකායේ, මල්වතු පාර්ශවයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික අති පුජ්‍ය අලුත්ගම ශ්‍රී ධම්මානන්ද නා හිමියන් අපවත් වී ඇත. අපවත්වන විට උන්වහන්සේ 103 වන විය.

20 සම්මත වුණොත් දුටුගැමුණුටත් බැරි බව විමල් කියයි

විසිවැනි සංශෝධනය සම්මත වූවාට පසු දුටුගැමුණු මහ රජතුමන් වැනි ශ්‍රේෂ්ඨ නායකයකුට මේ රටේ පාලනය ලැබුණත් ඔහුට කළ හැකි කිසිවක් ඒ වන විට ඉතිරිව පවතින්නේ නැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

මහින්දට පොහොට්ටුවේ නායකත්වය …..! – ජී.එල් පිරිස් කියයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය ලබා ගැනීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ඉදිරි පක්ෂ සම්මේලනයේදී ආරාධනා කරන බව එම පක්ෂයේ සභාපති මහාචාර්ය ජි.එල්.පීරිස් මහතා පවසයි.

OPPO F9 Starry Purple වෙළෙඳ පොළට

OPPO F9 Starry Purple දුරකථනය ශ‍්‍රී ලංකාවේ වෙළඳපොළට හඳුන්වා දීමට OPPO Sri Lanka සමාගම පසුගියදා කටයුතු කළේ ය. මීට පෙර Sunrise Red සහ Twilight Blue වර්ණ සහිත F9 දුරකථන OPPO මගින් මෙරටට හඳුන්වා දී තිබිණි.

අනුන්ගේ පරණ පව් ගෙවන්නේ අපියි – අගමැති  

  එදා ණය ලබාගත්තේ අප නොවුණත්, දැන් ආණ්ඩුව බාර ගෙන තිබෙන්නේ අපි බවත් පරණ පව් ගැන කොතරම් කෑගැසුවත් මේ වගකීම අප බාරගත යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

බැඩ්මින්ටන් ක්‍රීඩකයින්ගේ ගැටළුවට ඇමති මැදිහත් වෙයි

ජාතික තේරීම් කමිටුව විසින් වයස 17 න් පහළ බැඩ්මින්ටන් කණ්ඩායම සදහා ලබා දෙන ලද නිර්දේශ ක්‍රියාත්මක කිරීමට බැඩ්මින්ටන් සම්මේලනය කටයුතු කළ යුතු බවට පළාත් සභා, පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා විසින් 2018.09.15 දින දැනුම්දුන් අතර ඒ අනුව ඔවුන් ක්‍රියා කරමින් වයස 17 න් පහළ හා 15 න් පහළ කණ්ෂ්ඨ බැඩ්මින්ටන් ශූරතා තරඟාවලිය […]

පොහොට්ටුවේ හොඳ සෙල්ලම් ගැන ඇමැති සජිත් කියයි

පොහොට්ටුව ඇතුළේ දැන් හොඳ හොඳ සෙල්ලම් සිදු වන බවත් 2020 දී මොකටද සැරසෙන්නේ කියා පොහොට්ටුවේ බුද්ධිමත් පිරිසකට දැන් තේරී තිබෙන බව නිවාස හා ඉදිකිරිම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

හෝමාගම තාක්ෂණ නගරයේ ඉදිකිරිම් සිග්‍රයෙන් – අතිරේක ලේකම් වෛද්‍යරත්න

දැනුම උසස් තාක්ෂණය සහ නවෝත්පාදනය පදනම් කර ගත් ආර්ථිකයකට මග කියන හෝමාගම ප‍්‍රදේශයේ ඉදිවන තාක්ෂණ නගරයේ කටයුතු මේ මොහොතේ සීග‍්‍රයෙන් සිදුවෙන බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (මහානගර) මාධව වෛද්‍යරත්න මහතා පවසයි.