22 September 2024

2019 ලෝක කුසලානය අපිට ලේසිවන එකක් නැහැ – ඇමැති අර්ජුන

ක්‍රිකට් ක්‍රීඩාව විනාශ කළේ මේ ආණ්ඩුවේ බවත් ඒකට දයාසිරි කියන පුද්ගලයා වගකියන්න ඕනේ බව හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක, ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම වත්මන ලබන පරාජයන් ගැන මාධ්‍යවේදීන් හමුවේ අද (24) අදහස් දක්වමින්.

ශ්‍රී ලංකාවේ ප්‍රථම අඹ වගා සංවර්ධන කළාපය දඹුල්ලේ හා යාපනයේදී

ශ්‍රී ලංකාවේ ප්‍රථම අඹ වගා සංවර්ධන කළාපය දඹුල්ල හා යාපනය ප්‍රදේශ ඉළක්ක කර ගනිමින් ස්ථාපිත කිරීමට කෘෂිකර්ම අමාත්‍යංශය තීරණය කර ඇත. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක කඩිනම් කෘෂිකර්ම සංවර්ධන වැඩ පිළිවෙළ වන අපි වවලයි – අපි කන්නේ යටතේ කෘෂිකාර්මික වගා කළාප ඒ ඒ ප්‍ර ‍දේශවල වගා කෙරෙන බෝගවර්ග හඳුනාගනිමින් ඒවාට ප්‍රමුඛත්වය ලබා දී […]

රාජ්‍ය පාලනයට එක්වන නිලධාරීන් කිසිම බේදයක් නැතිව වැඩ කල යුතුයි – ඇමැති වජිර

ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලවලින් ඉගෙනගෙන පරිපාලන විභාගයත් සමත්වෙලා රාජ්‍ය පාලනයට එක්වන නිලධාරීන් බෙදිලා නොසිතා තමන්ගේ ප්‍රදේශය, ජාතිය, භාෂාව, ආගම ගැන හිතන්නේ නැතිව වැඩ කරන්න ඕනෑ බවත් අපි එකම ජාතියක්, එකම ආගමක් එකම රටක් හැටියට වැඩකරන්න ඕනේ බවත් යාපනයේ හෝ වේවා ගාල්ලේ හෝ වේවා වතුකරයේ හෝ වේවා එකම නීතියක් ක්‍රියාත්මක විය යුතු බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර […]

සියලු පත්වීම් සුදුස්සන්ට පමණයි – ඇමැති මංගල කියයි

දේශපාලන හිතවත්කම් මත රැකියා ලබා දීම වෙනුවට දක්ෂතාව මත සුදුස්සාට රැකියා ලබා දෙමින් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට කටයුතු කරමින් සිටින බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

ව්‍යවස්ථාදායක සභාවේ නිල කාලය අවසන්

  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ කාල‍ය 21 වනදා දින අවසන්ව තිබේ. කථානායක මාධ්‍ය ලේකම් චමින්ද ගමගේ මහතා කියා සිටියේ ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයින් වන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, කථානායක කරූ ජයසූරිය සහ විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතාගේ නිල කාලය අවසන් නොවන බවයි.

මුහුණ දුන් අර්බුද හමුවේ ඩොලරයේ ඉහළ යාමටත් සාර්ථකව මුහුණ දෙනවා – අගමැති

පසුගිය වසර කිහිපය තුල ආණ්ඩුව අර්බූද ගණනාවකට මුහුණදී ඉදිරියට පැමිණියා සේ ඩොලරයේ අගය ඉහල යාමෙන් උද්ගතව තිබෙන අර්බුදයට සාර්ථකව මුහුණ දීමට අවශ්‍ය පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (22) නාත්තන්ඩියේදී ලුර්දු මහා විද්‍යාලයේ සම්පත් මධ්‍යස්ථානය විවෘත කිරීමේ උත්සවයට සහභාගි වෙමින්.

විකල්ප ආණ්ඩුව ලෙස රට භාර ගැනීමට ‘මහින්ද බලවේගය’සූදානම් – විමල් කියයි

ඉතියෝපියාවේ මුදල් ඒකකයට සාපේක්ෂව ද රුපියල 9.2%කින් අවප‍්‍රමාණය වීමට සැලැස් වූ සිරිසේන – වික‍්‍රමසිංහ ආණ්ඩුව තම බැරිකම වටහාගෙන තොලොංචි වී යා යුතු බවත් විකල්ප ආණ්ඩුව ලෙස රට භාර ගැනීමට මහින්ද රාජපක්‍ෂ මහතා ප‍්‍රමුඛ දේශපාලන සන්ධානය සූදානම් බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

දීපු නිදහස නිවැරදිව බුක්ති විදින්න – ජනපති

තමා ලබා දුන් නිදහස නිවැරදිව බුක්ති විදින ලෙසත් එය ඇතැම් අය වැරදි ආකාරයෙන් භාවිතා කරමින් සිටින බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ කුරුණෑගල දිස්ති‍්‍රක් ගොවි ජනතාව වෙත ඉඩම් දීමනා පත‍්‍ර පිළිගැන්වීමේ උත්සවයට ඊයේ (21) පස්වරුවේ එක්වෙමින්.

සීමා නිර්ණ පිළිබඳ වාර්තාව ප්‍රමාදය….! ඡන්දය කඩිනමින් කළ යුතුයි ….!

පළාත් සභා මැතිවරණයට අදාල සීමා නීර්ණය පිලිබදව තවදුරටත් පුළුල් ලෙස කරුනු සලකා බලා එකගතාවයකට එලඹීමට අවශ්‍යය බැවින්, සිය වාර්ථාව ඉදිරිපත් කිරීමට තව මාස 02ක පමණ කාලයක් ප්‍රමාද වනු ඇති බවට ඒ සදහා පත්කරන ලද සමාලෝචන කමිටුව කථානායක කරු ජයසුරිය මහතා වෙත දැනුම් දී තිබේ.

ක්‍රිකට් දේශපාලනයට හරවලා ක්‍රීඩාව විනාශ කරනවා …! හිටපු ගෞරවනීය සභාපති මම – තිලංග කියයි

හම්බන්තොට සූර්යවැව ක්‍රීඩාංගනය ඉදිකරමින් සිදු කළ විනාශය නිසා අවුරුදු ගණනාවකට මූල්‍යමය වශයෙන් කඩාගෙන වැටුන බවත් එම වංචාව සොයා බැලීමට නොහැකි වීම පිළිබඳව කණගාටුවන බවත් ඒ සඳහා ක්‍රීඩා අමාත්‍යවරයාට මැදිහත් වන ලෙසත් ක්‍රිකට් පාලක මණ්ඩලයේ හිටපු සභාපති තිලංග සුමතිපාල මහතා පවසයි.