22 September 2024

මිලාන් නුවරදී ශ්‍රී ලාංකිකයා ගැන විදේශ කටයුතු අමාත්‍යංශයෙන් පැහැදිලි කිරීමක් 

යෞවනයන් සිවු දෙනකු නීති විරෝධීව ඉතාලියට රැගෙන ඒමට උත්සාහ කළේය යන චෝදනාව මත රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් හිමි ශ්‍රී ලාංකිකයකු මිලාන් නුවර මල්පෙන්සා ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගත් බවට පළවූ ඉතාලි මාධ්‍ය වාර්තාවලින් අනතුරුව, එහි සත්‍ය අසත්‍යබව තහවුරු කරගැනීම පිණිස වහාම විමර්ශනයක් ආරම්භ කළ බව  විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

මුද්‍රණ හා ඇසුරුම් අපනයනයෙන් හොඳ ආදායමක් – ඇමැති රිෂාඩ්

කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්ගේ නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ ජයගැනීම සඳහා සූදානම් කළ යුතු බවත්, ඒ සඳහා මුද්‍රණ නිමාව හා ඇසුරුම්කරණය ඉතා වැදගත් වන බව  කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි. 

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම කලින්ම ගෙදර එයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන ආසියානු කුසලාන එක්දින තරගාවලියේ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමග පැවැති තීරණාත්මක තරගය ඊයේ (17 ) දින පරාජය වීමත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියෙන් ඉවත්විය.

ෆොන් අන්සර් කරන්න බැරි තානාපති කාර්යාලවලට ජනපති අනතුරු අඟවයි !

ඔස්ට්‍රියා තානාපති කාර්යාලයට ජනාධිපති කාර්යාලයේ නිලධාරින් දිනක් පැය 04 ක කාලයක් දුරකතනයෙන් සම්බන්ධ කර ගැනීමට උත්සහා කළ අවස්ථාවේදී එයට පිළිතුරු ලබා නොදීම හේතුවෙන් එම කාර්යාලයට අයත් සියළුම නිලධාරින් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කළ බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

ආනයනික රෙදිපිළි මත වූ වැට් බද්ද 5% දක්වා අඩු කෙරේ

රෙදිපිළි කර්මාන්තයේ නිරත පාර්ශ්වකරුවන්ගේ ඉල්ලීම්වලට ප්‍රතිචාර දක්වමින් ආනයනික රෙදිපිළි මත පනවා තිබූ වැට් බද්ද 5% දක්වා අඩු කර ඇති බව මුදල් අමාත්‍යංශය නිවේදනය කරයි. ඒ අනුව රෙදිපිළි මත 15%ක්ව වූ වැට් බද්ද අද (18) සිට අඩු කිරීමේ ගැසට් නිවේදනයට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා අද අත්සන් තබා ඇත. 

අපි ආණ්ඩුව ගන්නවා – එජාප මහ ලේකම්ගෙන් ප්‍රකාශයක්  

1977 වසරේ දී ජේ.ආර් .ජයවර්ධන හිටපු ජනාධිපතිතුමන් පාක්ෂිකයන්ට ප්‍රතිලාභ ලබා  දුන් ආකාරයට ඉදිරි ජනාධිපතිවරණයෙන් අනතුරුව ද පාක්ෂිකයන්ට සහන ලබා දෙන බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. 

මෙහෙදී කෑගහන අය ඉන්දියාවේදී සද්ද නෑ – ඇමැති කිරිඇල්ල

ශ්‍රී ලංකාවේදී මත්තල ගුවන් තොටුපල ඉන්දියාවට දෙන එකට විරුද්ධව කෑ ගහන අය ඉන්දියාවේ නායකයෝ මුණගැහිල එ්කට විරුද්ධ නෑ කියලා ප්‍රකාශ නිකුත් කරන බව රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන අමාත්‍ය අධිනීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි. 

සුහුරු කෘෂිකර්ම ව්‍යාප්ති ආදර්ශ වැඩමුළුව ඇරඹේ

ආසියානු ඵලදායීතා සංවිධානය සහ කෘෂිකර්ම අමාත්‍යාංශය ඒකාබද්ධ ව සංවිධානය කරන ලද සුහුරු කෘෂිකර්ම ව්‍යාප්ති ආදර්ශ වැඩමුළුව අද (17) දින පෙරවරුවේ ආරම්භ කළ බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි. 

විමල්ට එරෙහි සංශෝධිත පැමිණිල්ලක් 

ජාතික නිදහස් පෙරමුණේ නායක , පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු 06 දෙනෙකුට එරෙහිව කුරුදුවත්ත පොලිසිය අද (17) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ සංශෝධිත පැමිණිල්ලක් ගොනු කර තිබේ. 

බස් ගාස්තු ගැන අද තීරණයක්

බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් අද(17) දිනයේ අවසන් එකඟතාවයකට පැමිණීමට බලාපොරොත්තු වන බව සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සමිති සම්මේලනය පවසයි. ඉන්ධන මිල ඉහළයාමට සාපේක්ෂව බස් ගාස්තු ඉහළ දැමීමක් සිදු කළ යුතු බව එම සංගමය පසුගියදා සඳහන් කළේය.