22 September 2024

නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද …..! තීරණය රැසක් …. !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීම අද (20) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි. පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතුවල ප්‍රගතියය හා පක්ෂ සම්මේලනය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වේ.

ශ්‍රී ලංකාවට යළිත් විශිෂ්ඨ ජයක් – එක්සත් අරාබි එමීර් රාජ්‍යය පරදයි

ආසියානු අභියෝග ශූරතා පිරිමි වොලිබෝල් තරගාවලියේ අද පැවති අර්ධ අවසන් පූර්ව තරඟයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය පරදා සුවිශේෂී ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. ඒ අනුව අද පැවති තරගයේදී වට 3ට 0 ක් ලෙස ශ්‍රී ලංකාවට ජය හිමිවිය.

ඉහල දැමුනු පාන්පිටිමිල පහල දැමීමට ඇමති රිෂාඩ් බේකරි හිමියන්ට පොරොන්දුවෙයි 

පසුගියදා රුපියල් පහකින් ඉහල දමන ලද පාන් ගෙඩියක මිල ,විෂයභාර අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා සමග පැවැති සුබවාදී සාකච්ඡාවකින් අනතුරුව ඉදිරි දින කිහිපය තුලදී පෙර පැවැති මිල දක්වා රුපියල් පහකින් පහත හෙලීමට තම සංගමය තීරණය කල බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා පවසයි.

ජනපති දුවට ITN දොර වැසේ 

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ දියණිය වන චතුරිකා සිරිසේන මහත්මිය රාජ්‍ය මාධ්‍ය ආයතනයක් වන ස්වාධීන රුපවාහිනි ආයතනයට පැමිණිමේදී එහි පාලනාධිකාරිය විසින් විරෝධය පල කර ඇති බව වාර්තා වේ.

නාලක ද සිල්වා අනිවාර්ය නිවාඩු යවයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බවට චෝදනාවල පරීක්ෂණ කටයුතු අවසන් වන තෙක් වහාම ක්‍රියාත්මක වන පරිදි නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා අනිවාර්ය නිවාඩු යැවීමට නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාශය නිර්දේශ කර තිබේ.

OPPO F9 Lucky Draw අබාන්ස් එක්ක පාරිභෝගිකයින්ට තෑගිි දෙයි 

OPPO F9 දුරකථන අබාන්ස් වෙතින් මිලදීගන්නා පාරිභෝගිකයන්ට වටිනා ත්‍යාග පිරිනැමීමේ අරමුණින්, OPPO සහ Abans එක්වී ක‍්‍රියාත්මක කරන .’OPPO F9 Lucky Draw’ වැඩසටහන පසුගියදා නිල වශයෙන් ආරම්භ කර ඇත. 

ටීම් එකට දෙහි කපන්න ඇමැති ෆයිසර් එන්න කියයි 

ආසියානු කුසලානයේ මුලික වටයේ සහභාගී වූ තරඟ දෙකම පරාජය වූ ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට පැමිණී වහාම ක්‍රිඩා අමාත්‍යංශය වෙත වාර්තා කරන ලෙස දන්වා ඇත. 

විද්‍යාත්මකව සිදුකරන දේවලට බාධා කරන්න එපා – ඇමැති පාඨලිගෙන් ඉල්ලීමක් 

පුත්තලම, ආරුවක්කාරුව ප්‍රදේශයේ ඉදිකිරීමට නියමිත කසළ අංගනය නිසි ක්‍රමවේද හරහා විද්‍යාත්මක අයුරින් ක්‍රියාත්මක කිරීමට නියමිත ව්‍යාපෘතියක් බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

Miss Tourism world 2018 තරඟාවලියට ශ්‍රී ලංකාවෙන් රෙවනි ඔෂානා

චීනයේ බීජිං නුවර පැවැත්වෙන ලෝක සංචාරක රෑ රැජිණ තරඟාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සුරුපී රෙවනි ඔෂානා මෙනෙවිය සහභාගි වී ඇත. ඇය මෙම තරඟයට සහභාගී වුයේකළුබෝවිල චීන කටු වෛද්‍ය සායනයේ සහ P D එන්ටර්ටේන්මන්ට් ආයතනයේ අධ්‍යක්ෂක වෛද්‍ය ප්‍රසාද් දේශප්‍රිය මහතාගේ මඟ පෙන්වීම යටතේ සංවිධානයනය කරනු ලැබු Miss Tourism Srilanka 2018 තරඟාවලිය ජයගැනීමෙනි.

එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා සූර්ය බල ශක්ති උත්පාදන යෝජනා ක්‍රමය වෙනුවෙන් ADB වලින් රු. මි. 8000ක්

එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා සහන ණය යෝජනා ක්‍රමය යටතේ ක්‍රියාත්මක වහල මත සවි කරන ලද සූර්ය බල ශක්ති උත්පාදන වැඩසටහන සඳහා ආසියානු සංවර්ධන බැංකුව විසින් රුපියල් මිලියන 8000 මුදලක් (ඇ.ඩො. 50) ලබා දී ඇති බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසයි.