22 September 2024

ආණ්ඩුව වෙනස් වෙන්න ඕන – ඇමැති පාඨලි කියයි

වත්මන් ආණ්ඩුවේ පැවැත්ම තිබෙන්නෙත් ජනතාව මත බවත්. වත්මන් ආණ්ඩුවත් කාලයට යුගයට ගැලපෙන ආකාරයට වෙනස් විය යුතු බව අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පවසයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ රටේ ආණ්ඩු පෙරලන්න ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයට මිස පෙළපාලි ගොස් බැරි බවයි.

20 නිසා ජනපතිවරයාට අහිමි වන දේවල් ගැන විජිත කියයි

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් ඉදිරියේදී පත්වන ජනාධිපතිවරයාට කිසිදු විධායක බලයක් හිමි වන්නේ නැති බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. පසුගිය (06) වනදා එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ 20 න් පත්වන ජනාධිපතිවරයා රටේ ආර්ථිකය මෙහෙයවන්න පුළුවන්කමක් නොමැති බවයි.

නවක වදයට බැට දෙන්න ජනපති සුදානම්

නවක වදය වැළැක්වීම පිළිබඳ පනත නිසි ලෙස කි‍්‍රයාත්මක කරමින්, නවක වදයට සම්බන්ධ වන පිරිස් වෙත දැඩි දඬුවම් ලබාදීමේ නීති ඉදිරියේ දී ක‍්‍රියාවට නංවන බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසයි.

විද්‍යුත් වාණිජ්‍ය ගනුදෙණු කිරීමේදී ශ්‍රී ලංකා ඉදිරියට – ඇමැති රිෂාඩ්

2017 දී අන්ක්ටාඩ් සංවිධානය නිකුත් කරන ලද ව්‍යාපාර පාරිභෝගික කටයුතු ගෝලීය විද්‍යුත් වාණිජ්‍යය දර්ශකයට අනුව ශ්‍රි ලංකාව විද්‍යුත් වාණිජ්‍ය ගනුදෙණු කිරීමෙන් ලෝකයේ රටවල් 144 ක් අතුරින් 73 වන ස්ථානයේ පසුවන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩි බදියුදීන් මහතා පවසයි.

කිසිම ශිලාචාරකමක් නෑ – යහපාලනය නොවන අවපාලනයක් – රතන හිමියන්

සිංගප්පුරු ගිවිසුම සම්බන්ධ සිංහල හා දෙමළ භාෂාවෙන් පිටපතක් නොමැතිව එය ඉංග්‍රිසි භාෂාවෙන් පමණක් ඉදිරිපත් කිරීම ශිලාචාරභාවයක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසයි.

නාමල් තවම බබෙක් – ඩිලාන් කියයි

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා තවමත් බබෙක් බව හිටපු අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසයි. අද (06) පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා කියා සිටියේ නාමල් රාජපක්ෂ තවමත් දේශපාලනිකව පරිණත වී නොමැති බවයි.

20 ට ඕන කොන්දක් ඇති කෙනෙක් – තිස්ස අත්තනායක 

2020 පැවැත්වෙන ජනාධීපතිවරණය ඉතා තීරණාත්මක මැතිවරණයක් බවත් එහිදී රටේ නායකයා විය යුත්තේ කොන්ද කෙලින් තියෙන කෙලින් වැඩ කරන කෙනෙක් බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි. 

පෙරළන්න ගිහින් ඇනගත්ත නාමල් බබා 

යහපාලන ආණ්ඩුව ගෙදර යනව තුරු කොළඹට විශාල සෙනගක් රැස් කර සිටින බව පැවසු හිටපු ජනපතිගේ පුත් නාමල් රාජපක්ෂට සිදු වුයේ එළිවන්නට පෙර අකුලා ගෙන ගෙදර යන්නටයි.  නාමල් රාජපක්ෂ බලයෙන් උන්මාදයට පත්ව සිටින අයෙකු වන අතර බලය ලබා ගැනීමේ උන්මාදයෙන් සිටින කෙනෙකි.

වෝටර්ස් ඒජ් අවට කලාපය විනෝදාස්වාද කලාපයක් කිරීමට පියවර – ඇමති පාඨලි

වෝටර්ස් ඒජ් අවට කලාපය විනෝදාස්වාද කලාපයක් ලෙස සංවර්ධනය කිරීමට පියවර ගන්නා බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.  අමාත්‍යවරයා මේ බව පැවසුවේ, වෝටර්ස් ඒජ් හෝටලයේ පුළුල් කරන ලද නවතම ඉංජිනේරු ඒකකය සහා නවතම හරිත රථගාල විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින්. 

ජනතාව නොමග යවා ඡාවාරම්කාරයින් නැවත දේශපාලනයට එන්න හදනවා – ඇමැති සජිත්

ජනතාවට කොළඹට එකතු වන්නැයි විරුද්ධවාදීන් පවසන්නේ නැවත වරක් ඔවුන් බලයට පැමිණ හොර ජාවාරම්කාර දේශපාලනය රට තුළ නැවත ක්‍රියාත්මක කිරීමට බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.