22 September 2024

කොමිෂමත් දුෂිත නම් කාට කියන්නද ? මෛත්‍රි අසයි ……….

අල්ලස හා දුෂණය ගැන කියන්න තියෙන කොමිෂන් එකෙන් දුෂණයන් සිදු වෙනවා නම් පැමිණිලි ඉදිරිපත් කරන්නේ කාටද යන්න ගැටළුවක් බව එක්සත් ජාතික නිදහස් පෙරමුණේ මහ ලේකම් නීතීඥ මෛත්‍රී ගුණරත්න මහතා පවසයි. 

විදේශ සංචාරකයින්ගේ වැට් බදු ආපසු ගෙවීම්වලට විශේෂ කවුන්ටරයක් 

විදේශ සංචාරකයන් මිලදී ගනු ලබන භාණ්ඩවල වැට් බදු ආපසු ගෙවීමට විශේෂ කවුන්ටරයක් අඟහරුවාදා විවෘත කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය නිවේදනය කරයි. විදේශ සංචාරකයන් ශ්‍රී ලංකාවේ සංචාරය කරන අවස්ථාවේදී වැට් බදු අයකරනු ලබන භාණ්ඩ මිලදී ගත් විට එම භාණ්ඩ සඳහා අයකරනු ලබන 15% ක වැට් බද්ද රටින් බැහැර යන විට ඔවුන් හට ආපසු ගෙවීම අඟහරුවාදා (11) […]

ලබන වසරේදී මගේ කසාදේ වෙයි – මන්ත්‍රී නාමල් කියයි

ලබන වසරේදී තමාගේ විවාහය සිදුවනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.  පෞද්ගලික රුපවාහිනි නාලිකාවක් සමඟ සංවාදයකට එක්වෙමින් මන්ත්‍රිවරයා කියා සිටියේ විවාහය ප්‍රමාදය සම්බන්ධයෙන් තමාට පියාගෙන් බැනුම් අසන්නට සිදු ව ඇති බවයි. 

අවුරුදු 3 කළ වෙනස ඉදිරියටත් – ඇමැති ලක්ෂ්මන් 

වසර තුනක් තුල සිදුකල මේ වෙනස අනාගතයට රැගෙන ගියොත් අපි බලාපොරොත්තු වන ආර්ථික සමෘද්ධිය අපට වගේම අපේ රටේ දරුවන්ටත් ලබා දීමට හැකි වෙන බව  රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන අමාත්‍ය අධිනීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි. 

‘ආසියාන්’ ලෝක ආර්ථික සමුළුව සඳහා අගමැති වියට්නාමයට

ලෝක ආර්ථික සමුළුවේ ආරාධනය මත ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වියට්නාමයේ හැනොයි නුවර පැවැත්වෙන ‘ආසියාන්’ ලෝක ආර්ථික සමුළුව සඳහා සහභාගී වීමට අද (10) පිටත්ව යනු ඇත.

ආසියානු දැල් පන්දු ශුරතාවලිය ශ්‍රි ලංකාවට

11 වන ආසියානු දැල් පන්දු ශූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (09) දින සමත් විය. ඒ අවසන් මහා තරගයෙදි සත්කාරක සිංගප්පුරු කණ්ඩායම ගෝල 69-50ක් ලෙස පරාජයට පත් කරමින්. ශී‍්‍ර ලංකාව අවසන් වරට ආසියානු දැල් පන්දු ශූරතාවක් දිනා ගත්තේ 2009 වසරේදීයි.

බැසිල්ට අභියෝග කරන්න නාමල් බෑ – ඇමැති රාජිත කියයි

බැසිල් රාජපක්ෂ මහතාගේ සංවිධාන ශක්තියට අභියෝග කිරිමට උත්සාහ කළ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා තම පියාට විනාශය ලඟාකර දුන් බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

ලැක්ටෝජන් බබාගේ දෙවන විකට නාට්‍ය මහනුවරදිලු – ඇමැති සජිත් කියයි

පොහොට්ටුව නිර්මාණය කළ ප්‍රථම විකට නාට්‍ය පසුගිය 5 වැනිදා කොළඹ දී රඟදැක්වූ නමුත් එය මුළු රටම බලා සිටියදීම එය අසාර්ථක වූ බවත්, අසාර්ථක වූ එම පළමු විකට නාට්‍යයෙන් පසුව දෙවන විකට නාට්‍ය ඉදිරියේදී මහනුවර නගරයේදී රඟදක්වන බව ලැක්ටෝජන් බබා ප්‍රකාශ කර ඇති බවත් නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ශ්‍රී ලංකාව ආසියා නෙට්බෝල් ශූරතාවලියේ අවසන් මහා තරගයට

ආසියා නෙට්බෝල් ශූරතාවලියේ අවසන් මහා තරගය සඳහා ශ්‍රී ලංකාව අද (08) සුදුසුකම් ලබා ගත්තා. ඒ අවසන් පූර්ව තරගයේදී හොංකොං කණ්ඩායම පරාජයට පත් කරමින්. සිංගප්පූරුවේ පැවැත්වෙන ආසියා නෙට්බෝල් ශූරතාවලියේ කුසලාන කාණ්ඩයේ එකම අපරාජිත කණ්ඩායම බවට ශ්‍රී ලංකාව පත්ව තිබේ.

පොහොට්ටුවටත් එජාපයටත් තනි ආණ්ඩු හදන්න බෑ – ජනපති

පොදු ජන පෙරමුණට සහ එක්සත් ජාතික පක්ෂයට තනි ආණ්ඩුවක් සැදීමට කිසිදු අවස්ථාවක් හැකියාවක් නොමැති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ නිවිතිගල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම බල මණ්ඩල රැස්වීම අමතමින්.