22 September 2024

ආණ්ඩුව දාල ගිය අය දැන් බලය ඉල්ලන්නේ මොන සැලසුමකින්ද  – ඇමැති කිරිඇල්ල 

  ආර්ථීකය හරියට මෙහෙයවාගන්න බැරුව ආණ්ඩුව දාල ගිය අය දැන් බලය ඉල්ලන්නේ මොන සැලසුමකින්ද යන්න ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන අමාත්‍ය අධිනීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රශ්ණ කර සිටි. 

පුද්ගලික ආයෝජන එක්රැස් කිරීම පිළිබඳ පොදු කතිකාවත වැදගත් – අගමැති 

අනාගත සංවර්ධන ව්‍යාපෘති සඳහා රාජ්‍ය ආයෝජන ප්‍රමාණවත් නොවන බැවින්, පුද්ගලික ආයෝජන ද ඒ සඳහා එක්රැස් කර ගැනීම පිළිබඳ කලාපීය පොදු කතිකාවතක වැදගත්කම ආසියානු රටවල් සියල්ලම පාහේ අවබෝධ කරගෙන ඇති බව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනපති අගමැති එක්වීම රටට හොඳක් – ඇමැති දුමින්ද කියයි 

මෛත්‍රීපාල සිරිසේන මහතා අද ගොවියා ආරක්ෂා කරමින්, ගොවියාට වතුර ටික ලබා දෙමින්, වගාව ශක්තිමත් කරමින් තමයි මේ රට පාලනය කරන්නේ බවත් අගමැතිවරයා වෙළඳාම, විවෘත ආර්ථිකය ගැන කථා කරන අතර එයින් රටට හොඳක් සිදුවන බව  ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක, අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

පක්ෂය කඩාගෙන ගිය අය අද පක්ෂයට ගරහනවා – නි.ඇමැති මනුෂ කියයි 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩාගෙන ගිය පිරිස් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අගමැතිධූරයට පත් කරන බව කියමින් ජනතාව තුන්වැනි වරටත් රවටා ඇති බවත් ඔවුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට හූ කියමින් පක්ෂයට ගරහන කණ්ඩායමක් බවට පත්ව ඇති බවත් විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය ගාල්ල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක […]

අතුරුදන්වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය ගැන UN Human Rights Councilහි පැසසුම්

රජය විසින් අතුරුදන්වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (Office on Missing Persons) ස්ථාපනය කිරීම එක්සත් ජාතීන්ගේ මනව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරිය (UN High Commissioner for Human Rights) වන මිචෙල් බැචලට් Michelle Bachelet ගේ අගය කිරීමට පාත්‍ර වෙයි.

ප්‍රථම වරට ශ්‍රී ලාංකිකයෙකුට ස්වීඩන් මැතිවරණයෙන් ජය ලැබෙයි

වසර හතරකට වරක් පැවැත්වෙන ස්වීඩන් මැතිවරණය ප්‍රධාන පරිපාලන එකකයන් තුනක් වන පාර්ලිමේන්තුව, පළාත් පාලන සභාව, නගර සභාව ඉලක්ක කරමින් පවත්වනු ලබයි. එහිදී නගර සභාව වෙනුවෙන් මෙරට වාමාංශික ව්‍යාපාරයේ ප්‍රධානතම පක්ෂය වන LEFT PARTY හි අපේක්ෂකයෙකු වු සුනිල් ජයසුරිය මහතා, ඔරෙබ්රෝ නගර සභාවේ සභිකයෙකු ලෙස පත් වි ඇත.

මහින්දගේ රැළියේ ෂෝ පෙන්නන ගිය මාධ්‍ය ආයතනවල අයට සොරි වෙයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් පසුගියදා කොළඹ වැටළිමේ රැළීයට සහභාගී වීමට ගිය රාජ්‍ය මාධ්‍ය ආයතනවල නිලදාරින් හට මේ වන විට අවවාදය හා වැඩ තහනම් ලිපි ලැබී ඇති බව වාර්තා වේ. 

ජාතික වනෝද්‍යානවල විල්ලු පද්ධති සක්‍රිය නොවීමෙන් වන සතුන්ගේ ජීවිත අවදානමක 

ජලගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය හා සෝමාවතිය ජාතික වනෝද්‍යාන තුළ පිහිටි විල්ලු පද්ධති වසර 3ක පමණ කාලයක් සක්‍රීය නොවීමෙන් විවිධ ජලජ ශාක ගහණ වැඩි වී වගුරුබිම් බවට පත් වී වන සතුන්ගේ ජීවිත අවදානම් සහගත තත්ත්වයකට පත්ව ඇතැයි පොලොන්නරුව ත්‍රිකුණාමලය ප්‍රදේශය භාර වනජීවී පශු වෛද්‍ය සමීර කළිගු ආරච්චි මහතා පවසයි.

යහපාලන ආණ්ඩුව ගැන  පශ්චත්තාප වෙනවා – ආචාර්ය අමින්ද මෙත්සිල කියයි 

වත්මන් ආණ්ඩුව බිහි කිරීමට අඩු වැඩි වශයෙන් ද දායක වූ සියලු දෙනා යහපාලන ආණ්ඩු කාලය සම්බන්ධයෙන් පශ්චත්තාප වන බවත්  වත්මන් රජය බලයට පත් කිරීමෙන් බලාපොරොත්තු වූ සංවර්ධනය සහ ආර්ථික දියුණුව තවමත් දකින්නට නැති බවත් වයඹ විශ්ව විද්‍යාලයේ වාණිජ්‍ය සහ මුල්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා මහතා  පවසයි.

අපි හදපු ආර්ථිකය මේ අය විනාශ කරලා – හිටපු ජනපති 

අපි හදපු ආර්ථිකය වත්මන් ආණ්ඩුව විනාශ කර ඇති බව හිටපු ජනපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ ඊයේ (10) මැද්දේපොල විහාරස්ථානයේ පැවැති උත්සවයකට එක්වෙමින්.