22 September 2024

උතුරු නැගෙනහිර ගැඹුරු මුහුදේ තෙල් සම්පත සෙවීමේ මෙහෙයුම ඇරඹේ

ශ්‍රී ලංකාවේ උතුරු – නැගෙනහිර ගැඹුරු මුහුදේ ස්වභාවික වායු සහ ඉන්ධන නිධි හඳුනා ගැනීමේ මෙහෙයුම අද (02) ආරම්භ කල බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශය පවසයි. ඒ කොළඹ වරායට සේන්දු වූ අති නවීන BGP Pioneer නෞකාව එකී දත්ත ගවේෂණ සඳහා උතුරු නැගෙනහිර ගැඹුරු මුහුදට යාත්‍රා කිරීමෙනි.

එන්ටප‍්‍රයිස් ශ‍්‍රී ලංකා තුළින් කාන්තාවන්ට විශේෂ තැනක්

න්ටප‍්‍රයිස් ශ‍්‍රී ලංකා ව්‍යාපෘතිය තුළ කාන්තා ව්‍යවසායකත්වය බිහි කිරීමට විශේෂයෙන් ම ක‍්‍රියා කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. ඒ සඳහා බැංකු සමඟ එක්ව සහන පොළි ණය ක‍්‍රමයක් ක‍්‍රියාත්මක කරන බව ද අමාත්‍යවරයා පැවසිය.

සංහිඳියා වොලිබෝල් ශූරතාවය යාපනය ‘බෙයා ෆුට්’ කණ්ඩායම දිනාගනී

අගෝස්තු 31 වන දින මොනරාගලදී සමාප්තිය සනිටුහන් කළ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ජාතික ප්‍රදර්ශනයෙහි පැවැත්වූ සංහිඳියා කුසලාන පාසල් වොලිබෝල් තරගාවලියේ ශූරතාවය යාපනය, පුත්තූර්, සෝමස්කන්දා විද්‍යාලයීය වොලිබෝල් කණ්ඩායම විසින් දිනා ගනි.

බැසිල් එන්නේ නෑ ! ගෝඨා එන එක කියන්න බෑ ! – මහින්ද කියයි

ඒකාබද්ධ විපක්ෂය විසින් ආණ්ඩුවට එරෙහිව ලබන 05 වනදා සංවිධානය කරනු ලබන රැළියට හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහභාගි නොවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඒ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ බැසිල් රාජපක්ෂ මහතා මේ වන විට විදේශ රටවල සිට බොහෝ වැඩ කරමින් සිටින බවයි.

චතුරගේ උත්සව ශාලාව ගැන අගමැති කාර්යාලයෙන් නිවේදනයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතා වෙත ශාලාව ලබා දී ඇත්තේ පිටස්තර උත්සව සඳහා එය ලබා දෙන අවස්ථාවන්හි අය කරන සම්මත ගෙවීම් මත බවත් උත්සවයේ සැරසිලි, ආහාරපාන හෝ අන් කිසිදු කාර්යයකට සම්බන්ධයක් නොමැති බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.

බිම්ස්ටෙක් නව සභාපතිවරයා ජනාධිපති මෛත්‍රීපාල  පත් වෙයි 

බහුආංශික තාක්ෂණික හා ආර්ථීක සහයෝගීතාව සදහා ඛෙංගාල බොක්ක ප්‍රවේශය හෙවත් බිම්ස්ටෙක් ( BIMSTEC ) පස්වන රාජ්‍ය නායක සමුථවේ සභාපතිත්වය ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන  මහතා වෙත පිරිනැමේ.

පාසැල් සිසුන් අතර මත්ද්‍රව්‍ය වසංගතය පාලනය කළ යුතුයි – ඇමැති අකිල

ළමුන්ගේ හැසිරීම් නිරීක්ෂණය කිරීම තුළින් පාසැල් සිසුන් අතර පැතිර යන මත්ද්‍රව්‍ය වසංගතය පාලනය කළ යුතු අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ගේ සිට  විදුහල්පතිවරුන් දක්වා උපදෙස් පාසැල් සිසුන් අතර පැතිර යන මත්ද්‍රව්‍ය වසංගතය හඳුනා ගැනීමේ වගකීම කළාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ගේ සිට විදුහල්පතිවරුන් දක්වා ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පෙන්වා දෙයි.

රට ගැන සිතන සතොස තවත් ඉදිරියට ගෙන යනවා – එස්.එච්.එම්.ෆාරාස් 

මේ වන විට රටේ වැඩි ආදායමක් ලබන ආයතන ලෙස සතොස හැඳින්විය හැකි බව  ලංකා සතොස ප්‍රධාන විධායක නිළධාරී එච්.එම්.ෆාරාස් මහතා පවසයි. ttvnews.lk  වෙබ් අඩවිය සමඟ අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ අනෙකුත් වෙලෙඳ ආයතන අභිබවා සතොස ආයතනය දියණුවට පත්ව ඇති බවයි.

ඉන්දියානු සාගරයේ අනාගත මුතු ඇටය සාගර නගරයයි – ඇමැති පාඨලි 

  ඉන්දියානු සාගරයේ අනාගත මුතු ඇටය සාගර නගරය බව අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ චීන මධ්‍යම රූපවාහිනිය සමග සාගර නගර භූමියේ පැවති සාකච්ඡාවකදීය. 

පරාජය කළේ වාර්තාව පමණයි – පනතට නෙමෙයි

පළාත් සභා මැතිවරණයට අදාලව නව ක‍්‍රමවේදයක් හදුන්වා දීමේ වැඩපිළිවෙලට විරුද්ධ නොමැති බවත්, ඊට අදාලව සීමා නීර්ණය කර තිබූ ක‍්‍රමදෙව්යට පමණක් විරුද්ධ බවත් වාරිමාර්ග, ජල කළමනාකරණ හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.