22 September 2024

දේශපාලන ක්‍ෂෙත‍්‍රයේ විප්ලවකාරී වෙනසක් රටට අවශ්‍යයි – ඇමැති පාඨලි

පෞද්ගලික අංශයේ හැම පැත්තෙම ප‍්‍රභූ පන්තිය සතුව තිබූ ඒ බලය කි‍්‍රයා කාරී දක්ෂ, පක්ෂ ගමේ මිනිසුන්ට අත්පත් වු නමුත් දේශපාලනයේදී එය සිදු නොවු අතර එය ප‍්‍රභූ පන්තියෙන් මෙය පාදඩයින් අතට ගොස් ඇති බව කණගාටුවෙන් වුවත් කිව යුතු බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

මහින්දගේ බාල සොහොයුරුගේ දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල සොහොයුරු අභාවප‍්‍රාප්ත චන්ද්‍රා රාජපක්ෂ මහතාගේ දේහයට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අවසන් ගෞරව දැක්වීය. දේහය තැන්පත් කර ඇති වීරකැටිය, මැදමුලන නිවසට අද (25) උදෑසන ගිය ජනාධිපතිවරයා දේහයට අවසන් ගෞරව දැක්විය. 

පසුගිය කාලයේදී දේශපාලඥයින් ආගම ද ඉනිමඟක් කර ගත්තා – ඇමැති සජිත්

යහපාලන රජය සම්බුද්ධ ශාසනයට මුල් තැන ලබා දෙන රජයක් බවත්, එහි දේශපාලඥයකු ලෙස තමන්ද සම්බුද්ධ ශාසනයේ උන්නතිය උදෙසා උපරිම දායකත්වය ලබා දෙන බවත් නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මෛත්‍රි පිල එජාපයට 

2015 වසරේදී එක්සත් ජාතික පක්ෂය හා පක්ෂ ගණනාවක් එක්ව පොදු අපේක්ෂකයා වශයෙන් වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පත් කර ගැනීමෙන් අනතුරුව පිහිටවු ජාතික ආණ්ඩුව මේ වන විට දේශපාලන වශයෙන් ගැටළු රැසකට මුහුණ පා ඇති බව වාර්තා වේ.

මහින්ද හැමදාම රිංගන්න තමයි ට්‍රයි කළේ – ඇමැති සරත් කියයි

මහින්ද රාජපක්ෂ මහතා නැවත වතාවක් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමෙන් ජනතා පැතුමට එරෙහි වන බවත්, ඔහු සැමදා දේශපාලන හිඩැස්වලින් රිංගා ඒමට උත්සහ කරන බව ෆීල්ඩ් මාර්ෂල් අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා පවසයි.

භාණ්ඩාරයට වැඩියෙන්ම සල්ලි දෙන්නේ අපියි – ඛනිජ තෙල් ඇමැති කියයි 

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මහා භාණ්ඩාරයට වාර්ෂිකව වැඩිම මුදලක් ලබා දෙන රාජ්‍ය ආයතනය බව ඛනිජතෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. එය 2016 වසරේදී එම මුදල රුපියල් බිලියන 148කි. 2017 වසරේදී බිලියන රුපියල් 148කි. 2018 වසරේ මුල් මාස හයේදී රුපියල් බිලියන 68කි. 

ගාමිණි සෙනරත් ඇතුළු සිව්දෙනාට ඇප

ලිට්ට්‍රෝ ගෑස් සමාගමට මුදල් සැපයීමේ දී මුල්‍ය වංචා කළැයි කියන සිද්ධියට අදාළව පැමිණිල්ල විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ අද (24) කැඳවනු ලැබු අවස්ථාවේ දී හිටපු ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණි සෙනරත් ඇතුළු සිව් දෙනාට ශරීර ඇප මත මුදා හැරීමට නියෝග කර ඇත.

කාර්වලට බද්දක් අය කරයි – ඇමෙරිකා ජනපති 

යුරෝපයෙන් ගෙන්වන සියළුම මෝටර් රථ සඳහා සියයට 25ක බද්දක් පනවන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ට්‍රම්ප් ජනාධිපතිවරයා කියා සිටියේ අදාළ ආනයනික බද්ද ක්‍රියාත්මක වුවහොත් මෝටර් රථයක මිල අමෙරිකානු ඩොලර් 1,400ත් 7,000ත් අතර ප්‍රමාණයකින් ඉහළ යනු ඇති බවයි.

සීමා නිර්ණය වාර්තා අද පාර්ලිමේන්තුවේ සම්මත වෙයිද?

පළාත් සභා මැතිවරණ කොට්ඨාශ සීමා නිර්ණය කිරීමේ කමිටු වාර්තාව පිළිබඳ විවාදය අද(24) පැවැත් වේ.  අද පෙරවරු 10.00ට පාර්ලිමේන්තුව රැස්වන අතර පෙරවරු 11.00 සිට පස්වරු 6.00 දක්වා විවාදය පැවැත්වීමට නියමිතයි.

බද්දෙන් පනින්න බැරි වෙන්න මත්පැන්වලට ආරක්ෂිත මුදාවක් – ඇමැති මංගල

    සුරාබදු අයිතම මත පැනවෙන බදු ආදායම් ගිලී යාම වලක්වන්න ආරක්ෂිත මුද්‍රා පටි වැනි සුදුසු ක්‍රමවේදයක් හදුන්වා දීමේ අවශ්‍යතාවය ඇතිව තිබෙන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර  මහතා පවසයි.