22 September 2024

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා තුළින් ව්‍යාපාර සැළසුම් 783ක් දිවයින පුරා

දිවයිනේ සියලුම ප්‍රදේශ ආවරණය වන පරිදි ,තුරුණු දිරිය,ණය යෝජනා ක්‍රමය සඳහා ව්‍යාපාර සැළසුම් 783ක් සකස් කර ඇති බව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය ( SEDD ) විසින් පවසයි.

ජනාධිපතිවරණය 2019 දී – හිටපු ජනපති කියයි

2020 මැතිවරණයක් නොපවත්වන බවත් නියමාකාරයටනම් 2019 වසරේදී ජනාධිපතිවරණය පැවැත්විය යුතු බව හිටපු ජනපති, පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ පොදුජන පෙරමුණ නියෝජනය කරන වෘත්තීය සමිති නියෝජිතයන් සමඟ නාරාහේන්පිට අභයරාමයේ පැවති හමුවට එක්වෙමින්.

ඊළග ජනපති අපේක්ෂකයා යුඇන්පි කෙනෙක් – ඇමැති කිරිඇල්ල

කවුරු මොනවා කිව්වත් ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයේම අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්න අවශ්‍ය බව පාර්ලිමේන්තුවේ සභානායක රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන අමාත්‍ය අධිනීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

පලමුවරට පැන්ඩා සහ සමුරායි බැදුම්කර නිකුත් කරනවා – මහබැංකු අධිපති

ශ්‍රී ලංකාවේ පළමු වරට පැන්ඩා සහ සමුරායි බැඳුම්කර නිකුත් කරනු ඇති බව මහබැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ ව්‍යාපාර ආයෝජන සඳහා TTV Media Hub ආයතනය විසින් පවත්වන OSL Magazine සමඟ සම්මුඛ සාකච්ඡාකට එක්වෙමින්.

සංචාරක මඟ පෙන්වීම නව තාක්ෂණික මුහුණවරකින්

ජෝර්ජියාවේ සංචාරය කරන්නන් වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට එරට ජාතික සංචාරක සංවර්ධන ආයතනය විසින් ආරම්භ කර තිබේ. ඒ, ජෝර්ජියාවේ සංචාරය සඳහා පැමිණෙන්න එම රට පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ තබන අදහස් රැස් කරමින් කෘත්‍රිම බුද්ධිය යටතේ ඔවුන්ට මඟ පෙන්වීමේ ක්‍ර මවේදයක් සකස් කරමින්.

රාජකීය පවුල බදු පෙරයක බව ඇමැති සජිත් කියයි

ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයේ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් පසුගිය සමයේ සිටි රාජකීය පවුල තුළ අද බලු පොරයක් හටගෙන ඇති බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මරාගත්ත දේශපාලනය නතර කරන්නයි අපි එකතු වුණේ – ඇමැති දුමින්ද

ජාතික ආණ්ඩුව හැදුවේ දෙගොල්ලන්ට ඇමතිකම් ගන්න නොවන ජාතික ආණ්ඩුව හැදුවේ වෙනදා මරා ගත්ත දේශපාලනයට තීත තියන්න බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

වර්ජනය පිටුපස දේශපාලන බලවේගයක් – ඇමැති මහින්ද

දුම්රිය වැඩවර්ජනය පිටුපස දේශපාලන බලවේගයක් ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ කයිලවැල් පෝටෑව වැව පිළිසකර කිරීම ආරම්භ වු අවස්ථාවේදීය.

  උතුර සංවර්ධනයට ජාත්‍යන්තරයට ඇමැති රිෂාඩ්ගෙන් ආරාධනා

  යාපනය අච්චුවේලි ප්‍රදේශයේ පිහිටුවා ඇති කර්මාන්ත කලාපයේ ආයෝජනය කිරීමට මැලේසියාව ,තායිවානය ,චීනය ,ඉන්දියාව ,ඇතුලු ජාත්‍යන්තරයේ ප්‍රමුඛ පෙලේ ආයෝජකයින්ට තමා ආරාධනා කරන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

බෙහෙත්වල මිල අඩු කළේ නැතිනම් වැඩ වරදි – ඇමැති රාජිත

පිළිකා ඖෂධ ඇතුලු ඖෂධ වර්ග 25 ක මිල අඩු කිරීමේ වැඩපිළිවෙලට ඖෂධ ආනයනකරුවන්ගේ වාණිජ මණ්ඩලය එකග නොවුනත්, ඉදිරියේ දී එම ඖෂධ මිල අඩු කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.