21 September 2024

සමස්ත ක්‍රිඩාවම කඩා වැටෙනවා – ඇමැති අර්ජුන්  

  වත්මන් ක්‍රීඩා පරිපාලනයේ ඇති දුර්වලතා හේතුවෙන් ක්‍රිකට් පරිපාලනය පමණක් නොව සමස්ත ක්‍රීඩවම ඉදිරියේදී කඩා වැටෙනු ඇතැයි ඛනිජ තෙල් සම්පත් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ අස්ගිරි – මල්වතු මහනායක හිමිවරුන් බැහැ දැකීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

OPPO A3s හඳුන්වා දෙයි

ලොව සෙල්ෆි ඡායාරූප කලාවේ ප‍්‍රමුඛයා වන OPPO සිය නවතම Mid-range කැමරා දුරකථනය වන OPPO A3s හඳුන්වා දීමට මෑතකදී කටයුතු කළේ ය. පහසු මිලට මිලදීගත හැකි ආකාරයට දකුණු ආසියානු වෙළඳපොළට පැමිණෙන ප‍්‍රථම ස්මාර්ට්ෆෝන් දුරකථනය මෙයයි.

ප්‍රශ්ණවලට දරුවන් උගස් තියන්න එපා – බස් ගැමුණු කියයි

දුම්රිය වෘත්තිය සමිති විසින් ගෙන ඇති වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ට විශාල අසාධාරණයක් සිදු වන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරතන මහතා පවසයි.

වෛද්‍ය සංගමයට මානසික රෝගයක් – ඇමැති රාජිත

වෛද්‍ය සංගමයට මානසික රෝගයක් වැලදී ඇති බව සම කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා පවසයි.  අමාත්‍යවරයා ඊයේ (08) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කියා සිටියේ වෛද්‍ය සභාවක් පිහිටුවලා තිබෙන්නේ වෛද්‍යවරුන්ගේ ආරක්ෂාව නොව මහජනතාව වෙනුවෙන් බවයි.

කළුතර,බෝසත් මාපිය සෙවණ, ජනපති අතින් විවෘත කෙරේ

සම්බුද්ධ ශාසනයට කුල දරුවන් පූජා කළ දෙමාපියන්ට රැකවරණය සැලසීම සඳහා කළුතර, ඈතගම ඉදිකෙරුණු ,බෝසත් මාපිය සෙවණ, ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (08) පස්වරුවේ විවෘත කෙරිණි.

යහපාලනය ගැන මටත් අයිතියක් තියෙනවා – ඇමැති දුමින්ද

යහපාලනය ඇති කරන්න ජනාධිපතිතුමන් එක්ක එළීයට බැහැපු කෙනෙක් විදිහට මට යහපාලනය ගැන කථා කරන්න ලොකු අයිතියක් තිබෙන බව අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ අනුරාධපුර පැවැති උත්සවයකට සහභාගී වෙමින්.

ලබන වසරේදී පවුල් ලක්ෂ 08 කට සමෘද්ධි සහනාධාර

2019 වර්ෂයේ අප්‍රේල් මාසය වන විට අලුතින් පවුල් ලක්ෂ 08 ක් සඳහා සමෘද්ධී සහනාධාරය ලබා දෙන බව සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යය පී.හැරිසන් මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ අනුරාධපුර තඹුත්තේගම නිළ සෙවන කාර්යාලය ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින්.

CA ශ්‍රී ලංකා වාර්තා සම්මාන තරගය සඳහා අයදුම් පත් කැඳවයි

මෙරට සකස් කරන ලද විශිෂ්ටතම සහ වඩාත් බුද්ධිමත් වාර්ෂික වාර්තා ඇගයීමට ලක් කිරීමේ ප‍්‍රයත්නයක් ලෙස ශ‍්‍රී ලංකා වරලත් ගණකාධිකාරි ආයතනය (CA Sri Lanka) 54 වන වාර්ෂික වාර්තා සම්මාන තරගාවලිය සඳහා දැන් අයදුම් පත් කැඳවයි.

අග්‍රාමාත්‍ය ක්‍රීඩා අරමුදල අගමැති ප්‍රධානත්වයෙන් ආරම්භ කරයි

ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අත දීමේ අරමුණින් “අග්‍රාමාත්‍ය ක්‍රීඩා අරමුදල” අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (07) අරලියගහ මන්දිරයේදී ආරම්භ කරන ලදී. රු.මි.50 කින් ආරම්භ කරන ලද මෙම අරමුදල ඉදිරියේදී තවත් ශක්තිමත් කර ගනිමින් වත්මන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙන්ම දක්ෂතා ඇති නවකයින්ට ක්‍රීඩා ක්ෂේත්‍රයේ ඉදිරියට ඒමට ආධාර උපකාර කිරීම මෙම අරමුදලේ මූලික අරමුණක් වී තිබේ.

විභාග ප්‍රතිපල වෙනස් කළාට සමාව ඉල්ලයි!

සිය විශ්ව විද්‍යාලයට ඇතුල්වීම සඳහා පෙනී සිටිය යුතු ප්‍රවේශ විභාගයේ ලකුණු වසර ගණනක් පුරාවට වෙනස් කිරීම සම්බන්ධයෙන් ජපානයේ ප්‍රමුඛතම වෛද්‍ය විද්‍යාලයක් සමාව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.