21 September 2024

කිසිම වංචාවක් වෙන්න ඉඩ තියන්නේ නෑ – ජනපති

දූෂණයට, වංචාවට සහ නාස්තියට විරුද්ධ අයෙකු ලෙස වත්මන් සංවර්ධන වැඩපිළිවෙළේ දී කිසිදු අක‍්‍රමිකතාවයකට ඉඩ තබා නොමැති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. වත්මන් සංවර්ධන වැඩපිළිවෙළ රටේ ජනතාවගේ සුබසාධනය සඳහා මිස දේශපාලනඥයින්ගේ සාක්කු පුරවා ගැනීමට නොවන බව ජනාධිපතිවරයා අවධාරණය කරයි.

2020 වෙනකන් ආණ්ඩුවත් ජනපතිත් ඉන්නවා

2020 වන තුරු ආණ්ඩු බලයත් ජනාධිපතිවරයාත් සිටින බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මැතිවරණයට භය කණ්ඩායමක් නොවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක වාරී මාර්ග ජල සම්පත් හා ආපදා කළමනාකරන අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

අපි කිසි දෙයක් විකුණලා නෑ – ඇමැති මංගල

ජනතාව අත්පොලසන් දිය යුත්තේ දේශපාලනඥයා පොරොන්දු ලබා දෙන විට නොව පොරොන්දු ඉටු කරන විට බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. දේශපාලනඥයන්ගේ පොරොන්දුවලට අත්පොලසන් ලබා දීමේ ප්‍රතිවිපාක පසුගිය වසර දහයක කාලය තුළ ජනතාවට විඳින්නට සිදු වූ බව හෙතෙම පෙන්වා දෙයි.

1000CC නොවැඩි වාහන නිෂ්පාදනය බද්ද සංශෝධනය කරයි

එන්ජින් ධාරිතාවය 1000 කට නොවැඩි මෝටර් රථ සඳහා අයකරනු ලබන නිෂ්පාදන බද්ද 2018 අගෝස්තු මස 01 දින සිට සංශෝධනය කර ඇති බව මුදල් අමාත්‍යංශය පවසයි. ඒ අනුවල එන්ජින් ධාරිතාව 1000 කට නොවැඩි සාමාන්‍ය මෝටර් කාර් 01 සඳහා අගෝස්තු මස 01 සිට ඒකක බද්ද ලෙස රු. 1,500,000 ක් ලෙස නියම කර තිබේ.

පාසල් ළමුන්ට ස්මාර්ට් ජංගම දුරකතන තහනම් 

ප්‍රංශයේ පාසල්වල ස්මාර්ට් ජංගම දුරකතන තහනම් කිරීමට තීරණය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම වාර්තා සදහන් කළේ එමෙන්ම ටැබ් යන්ත්‍ර වැනි වෙනත් අන්තර්ජාල සබදතා සහිත උපකරණ ද තහනම් වනු ඇති.

නිමල් එක්ක බෑ – සුසිල් කියයි

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සමඟ ගමනක් යාමට නොහැකි බව හිටපු අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පවසයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ ප්‍රේම්ජයන්ත් මහතා කියා සිටියේ නිමල් ගමනක් යාමට සුදානම් වු බවත් එය ඔහු විසින්ම මඟ හැර දැමු බවයි.

රෙදි ඇදන් යන්නනම් බෑ – බුද්ධික

කටාර් හි ස්ටැෆර්ඩ් ශ්‍රී ලංකා පාසල බලහත්කාරයෙන් අත්පත් කරගත් බවට චෝදනා එල්ල වන එරට ශ්‍රී ලංකාවේ තානාපති ඒ.එස්.පී.ලියනගේ මහතා පිළිබඳව වහාම ජනාධිපතිවරයා සහ අගමැතිවරයා පියවරක් ගත යුතු බව කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා පවසයි.

පුහුණු ගුරුවරු නැතිනම් නඩු කියන්න පුළුවන්

කුමන ආණ්ඩුවක් යටතේ වුව දල ඉදිරියේ දී පාසල්වලට පුහුණු ගුරුවරු ලබා නොදෙනවා නම් අධ්‍යාපන අමාත්‍යාංශයට එරෙහිව අධිකරණය හමුවට ගොස් තම පාසල්වලට පුහුණු ගුරුවරු ලබා ගැනීමේ අවස්ථාව දෙමාපියන් වෙත ලබාදෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

මිනිස් ජාවාරම් වලක්වන්න වැඩපිළිවෙලක්

මිනිස් ජාවාරම් වැළැක්වීමට ගෝලීය වැඩපිළිවෙලක් අවශ්‍ය බව ජගත් මහ ලේකම් ඇන්තෝනියෝ ගුටෙරස් පවසයි. විදෙස් මාධ්‍ය ප්‍රකාශ කළේ විවිධ රටවල දේශසීමා ආශ‍්‍රිතව ගැටළු ගණනාවක් මතුව තිබේ.

එන්ටර්ප‍්‍රයිස් ශ්‍රී ලංකා ආණමඩුවෙත්

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්ට උපදේශනය හා මූල්‍ය පහසුකම් ලබා දීම වෙනුවෙන් රජය ආරම්භ කළ එන්ටර්ප‍්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහනට අදාලව විශේෂ මධ්‍යස්ථානයක් ආණමඩුවේ ස්ථාපිත කෙරිණ. එම මධ්‍යස්ථානය පිහිටවූයේ ආණමඩුව මහජන බැංකු පරිශ‍්‍රයේයී.