21 September 2024

බැරි වුණ දේවල් ඉදිරි කාලයේදී කරනවා

ගත වූ වසර තුනක කාලය තුළ අපේක්‍ෂා කළ සියලූ දේ ඉටු කර ගැනීමට නොහැකි වුවත්, සාර්ථකව රට ඉදිරියට ගෙන යාම සඳහා ශක්තිමත් අඩිතාලමක් දමා තිබෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ශ්‍රී ලංකාවට නව පලතුරු විශේෂයක්

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ශ්‍රී ලංකාවේ වියලි හා තෙත් කලාපීය දේශගුණික තත්ත්වයන් යටතේ වගා කළ හැකි නව පලතුරු විශේෂයක් හඳුන්වා දී තිබේ.

දිපු නිදහස නැති කරගෙන අඩන්න එන්න එපා

වර්තමානයේ මාධ්‍යවල තිබෙන්නේ ආණ්ඩු විරෝධී ප‍්‍රචාරය බවත් හවසට මාධ්‍ය දිහා බලපුවහම රටේ ආණ්ඩුවක් නැති බව ජනතාවට හැගෙන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.  ජනාධිපතිවරයා මේ බව පැවසුවේ  මොරගහකන්ද කළුගඟ රන් දියවර රැඳවුම් මංගල්‍යය අද (23) ජනපතිවරයාගේ ප්‍රධානත්වයෙන් වීවෘත කළ අවස්ථාවේදිය.

ශ්‍රමිකයින්ට නිල ඇදුමක් හදුන්වාදී නෑ

ගෘහ සේවිකාවන් ලෙස පිටත්ව යන ශ්‍රමිකයින් සදහා නිල ඇදුමක් හදුන්වාදී නැති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය අවධාරණය කරයි.  විදේශ රැකියා නියෝජිත ආයතන විසින් බදවාගැනීම් කරනු ලබන ශ්‍රමිකයින් සදහාද ඒ ආකාරයේ නිල ඇදුමක් හදුන්වාදීමට නියෝග ලබාදී නොමැති බවද විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

රැල්ලට යන්නේ නැහැ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටින්නන් ප්‍රාණය පුදලා පක්ෂය රකින අය බවත් රැල්ලට නොයන පුද්ගලයින් බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

යුද්ධයෙන් පීඩාවට පත්වූවන්ට රිෂාඩ්ගෙන් සහන

යුද්ධයෙන් පීඩාවට පත් වූ උතුරු පළාතේ ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීම අප සියලු දෙනාගේ වගකීමක් වන බවත් ඒ වෙනුවෙන් රැකියා 25,000ක් ලබා දීමේ වැඩසටහනක් ආරම්භ කරනවා යැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

ඊලඟ ජනපති අපේක්ෂකයා දිනේෂ් නම්

රාජපක්ෂ පවුලේ අය එක්ක රටේ අනාගතය තීන්දු නොකර ඊළඟ පාර අපේක්ෂකයා දිනේෂ් ගුණවර්ධන කිව්වා නම්, අන්න අපිත් පොඩ්ඩක් හැරිලා බලන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

ජනපති පොළොන්නරුව ලක්ෂඋයනේ සංචාරයක

”පිබිදෙමු පොළොන්නරුව” දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ සිදු කෙරෙන පොළොන්නරුවේ සංවර්ධන කටයුතු රැසක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නිරික්ෂණයට ලක් කෙරිණි.

රාජපක්ෂ යුගයේදී අපරාධ 55,000 ක් වෙලා

2013 වසරේ, ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සහ ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ කාලයේ අපරාධ 55,000 ක් සිදුවී තිබෙන බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.