21 September 2024

රජයේ ආයතන දහස් ගණනකට ඔප්පු නෑ…!

පාසැල් ඇතුලූ රජයට අයත් විවිධ ආයතන වල පිහිටි භූමි වල අයිතිය කියා පෑමට ඔප්පුවක් නොමැති ආයතන 12000 ක් පමණ මේ වන විට තම අයිතිය තහවුරු කර ගැනීම සදහා ඔප්පු ලබා දෙන ලෙසට ඉල්ලූම්පත් ඉදිරිපත් කර තිබෙන බව ඉඩම් හා පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.

මත් ද්‍රව්‍ය ව්‍යාපාර නැති කරන්න එක් වෙන්න

පාසැල් දරුවන්ට පිරිසිදු පානීය ජලය ලබාදීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

මහින්ද ගෝඨා ගැන තීරණයක

එළැඹෙන ජනාධිපතිවරණයේදි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාව ඉදිරිපත් කරන්නේ ද නැද්ද යන්න ගැන තීන්දුවක් ගැනීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තීරණය කර ඇති බව වාර්තා වේ.

සෞඛ්‍ය හා වෛද්‍ය සේවා වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියක්

ශ්‍රී ලංකාවේ මෑතකදී වාර්තා වන වසංගත රෝග, සමාජීය – ආර්ථික ජන සංක්‍රමණ හේතුවෙන් හෘද රෝග හා මස්තිෂ්කවාහිනි රෝගාබාධ වැනි බෝ නොවන රෝගවල (NCD) වර්ධනයක් පෙන්නුම් කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසයි.

මෛත්‍රිව ජනපති කරන්න මහින්දගේ උදව් ඕන

ඒකාබද්ධ පොදු ජන පෙරමුණ නමින් සන්ධානයක් ගොඩ නගා එක්සත් ජාතික පක්ෂයට විරුද්ධ බලවේග ඒකරාශි කර ගත යුතු බව හිටපු අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසයි.  ඒ මහතා මේ බව කියා සිටියේ ඊයේ (12) කොළඹ මාධ්‍ය හමුවක් කැඳවමින්. 

ජනපතිව ශක්තිමත් කරනවා

මරණ දඩුවම නියමවී සිටියදීත් මත්ද්‍රව්‍ය ජාවාරම් කරන ජාවාරම්කරුවන්ට මරණ දඩුවම ලබාදීමට ජනාධිපතිවරයා ගත් තීරණය අගය කරන බවත් එම තීන්දුව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය දේශපාලන ශක්තිය ලබාදෙන බවත් විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි.

උපාධිධාරින් ජනතාවටත් හිසරදයක්

රැකියා විරහිත තරුණ තරුණියන්ගේ ගැටලූව මෙතෙක් පැවති සෑම ආණ්ඩුවකටම හිසරදයක් වුනා වගේම ජනතාවටත් උපාධිධාරීන්ටත් එය හිසරදයක් වී ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

අනුරාධපුරයට අවුරුදු 5 ක සැලැස්මක්

අනුරාධපුර දිස්ත්‍රික් පස් අවුරුදු සංවර්ධන සැලැස්ම එළිදැක්වීම අනුරධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී වාරී මාර්ග, ජල සම්පත් හා ආපදා කළමණාකරන අමාත්‍යය දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

අපේ රටේ ප්‍රමිතියට ගැලපෙන ටින් මාළු ආනයනයට

ටින් මාලු ප්‍රමිතිය ආශ්‍රිතව මතුව තිබෙන ගැටලුකාරී තත්ත්වය අදාළ සියලුම පාර්ශවයන් සමඟ සාකච්ඡා කර අපේ රටේ ප්‍රමිතීන්ට අනුව වඩාත් ගැලපෙන ටින් මාළු ආනයනය කිරීමට ප්‍රායෝගික වැඩපිළිවෙලක් සාකච්ඡා කර යොදා ගත යුතු බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

මරණ දණ්ඩනයට අත්සන් තියනවා

මත්ද්‍රව්‍ය ජාවාරම හේතුවෙන් අධිකරණයෙන් මරණීය දණ්ඩනය නියමවී, දඩුවම් ලබමින් සිටියදීත් පුළුල් ලෙස මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වන සිරකරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීමට ඉදිරියේදී ජනාධිපතිවරයා ලෙස තම අත්සන යොදන බව ජනාධිපති පවසයි.