22 September 2024

රාජ්‍ය ඇමති අශෝක් ඉඩම් සොයයි

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයට අයත් ආයතන වලින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ප්‍රධාන ආයතනයක් වන නමුත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කුරුණෑගල ආයතනය තවමත් මහජනතාවට සේවා සපයන්නේ කුලී පදනම මත ගොඩනැගිල්ලකය.

ශ්‍රී ලංකාවේ එල්.එන්.ජී. තාක්ෂණය ව්‍යාප්ත කිරීමට කොරියානු රජයේ සහයෝගය

ශ්‍රී ලංකාවේ එල්.එන්.ජී. තාක්ෂණය ව්‍යාප්ත කිරීමට කොරියානු රජයේ සහයෝගය ලබා දීම සම්බන්ධයෙන් හා විදුලිබල ක්ෂේත්‍රයේ නව ආයෝජන අවස්ථා සම්බන්ධයෙන් කොරියාවේ විශේෂ අවධානය යොමුව ඇති බව දුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යංශය පවසයි.

දෙවන විශේෂ මහාධිකරණයේ නඩු පැවරීම් ගැන ඇමැති තලතා කතා කරයි

දෙවන විශේෂ මහාධිකරණය තුළින් නඩු පැවරීමට අවශ්‍ය කටයුතු නීතිපතිවරයා හා අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් සිදු කිරීමට නියමිත බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය පවසයි.

ජාත්‍යන්තර පාරිභෝගික දිනය සමරන්න පාරිභෝගික අධිකාරිය ගමට යයි

තරඟකාරී වෙළෙඳපොළ තුළ පාරිභෝගික අයිතිය සුරක්ෂිත කර ගන්නා ආකාරය පිළිබඳව ගමින් ගමට ගොස් පාරිභෝගිකයන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ජාත්‍යන්තර පාරිභෝගික දිනයට සමගාමීව ක්‍රියාවට නංවන බව පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති ආචාර්යය ලලිත් සෙනවීර මහතා පවසයි.

දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කරන ඇතැම් වෘත්තීය සමිතිවල ක්‍රියාකලාප ඛේදනීයයි

වැටුප් විෂමතාව ඉවත්කරන ලෙස සහ ගුරුවරුන්ට සිදුකරන බලපෑම නතර කරන ලෙස ඉල්ලමින් වැඩවර්ජනයක් සිදුකිරීමට ඇතැම් වෘත්තීය සමිති ගනු ලැබූ උත්සාහය තුළ ඇති අවස්ථාවාදී අරමුණු රටේ ජනතාව සහ අධ්‍යාපන පද්ධතියට සම්බන්ධ සියලු දෙනා හොඳින් අවබෝධ කරගත යුතු බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

යෝජනා වෙනස් කරන්න එපා – සභානායක කියයි

මානව හිමිකම් කවුන්සිලය මගින් ශ‍්‍රී ලංකාව ප‍්‍රසංශාවට ලක් කර තිබෙන බවත් ඒ යෝජනාව වෙනස් කරන්න එපා යැයි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක, රාජ්‍ය ව්‍යවසාය,කන්ද උඩරට උරුමය හා මහනුවර සංවර්ධන අමාත්‍ය අධිනීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

පරද්දනවා කියු ජනපති වැය ශීර්ෂය සම්මත වෙයි

2019 අයවැය කාරක සභා අවස්ථාවේ දී ජනපති වැය ශීර්ෂය ඇතුළුව වැය ශීර්ෂ 22ක් පාර්ලිමේන්තුවේ දී සම්මත වී ඇත. ඒ, 2019 අයවැය තෙවන වර කියවීමේ විවාදය හෙවත් කාරක සභා අවස්ථා විවාදය අද(13) ආරම්භ වු පසු පැවැති ඡන්ද විමසිමේදිය.

නව OPPO F11 Pro වෙළෙඳ පොලට ළඟදීම

48MP අති සුපැහැදිලි කැමරා පද්ධතිය සමඟින් නිකුත් වන නව OPPO F11 සහ F11 Pro ජංගම දුරකථන මාදිලි 2 හරහා පාරිභෝගිකයන් හට ඉතා විශිෂ්ට Portrait ගැනීමේ අවස්ථාවක් ලබාදීමට OPPO සැරසෙයි.

ලංගමට සැප බස් පමණයි – ඇමැති අර්ජුන කියයි

මින් ඉදිරියට ශ්‍රී ලංගමය සඳහා මිලදී ගන්නේ උසස් තත්ත්වයේ බස්රථ පමණක් බව ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. ඒ සඳහා නව පිරිවිතර (Specifications) ඉදිරි මාස කිහිපයේදී හඳුන්වා දෙන බවද අමාත්‍යවරයා පැවසිය.

රාජ්‍ය ආයතනවල බුලත්විට, දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන භාවිතය සහ විකිණිම තහනම්

රාජ්‍ය ආයතන පරිශ්‍ර තුල බුලත්විට, දුම්කොළ සහ පුවක් ආශ්‍රිත නි‍ෂ්පාදනය, භාවිතය හා විකිණීම තහනම් කිරිම සදහා රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයක් නිකුත් කිරීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල යෝජනාවකට අනුමැතිය හිමි වී ඇත.