22 September 2024

ජනපති බලන්නේම ආණ්ඩුව පෙරළන්න.. මම ඡන්දේ දෙන්නේ නෑ … සරත් ෆොන්සේකා කියයි

වත්මන් ජනාධිපතිවරයා විසින් ආණ්ඩුව විසින් සිදු කරනු ලබන රටට යහපත් දේ සඳහා සහාය දක්වෙන්නේ නැති බවත් ඔහු ආණ්ඩුව කකුලෙන් ඇඳීමක් සිදු කරන බව ෆිල්ඩ් මාර්ෂල්, පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පවසයි.

” දුර ගමනක සලකුණු ” සහ ” එක අහසක් යට ” මල්කාන්තිගේ පොත් දෙක එළිදක්වයි

පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයේ අතිරේක ලේකම් මල්කාන්ති ජයම්පති මහත්මිය විසින් රචිත ග්‍රන්ථ දෙකක් එක්දැක්වීම අප්‍රේල් මස 04 වනදා පස්වරු 03 කෞතුකාගාර දේශන ශාලාවේදී සිදු කිරීමට නියමිතයි.

ත්‍රිපිටකය ලෝක උරුමයක් කිරීමේ ඉල්ලීම යුනෙස්කෝවට

ථෙරවාදී ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත් කිරීමේ ඉල්ලීම අඩංගු ලියවිල්ල යුනෙස්කෝ සංවිධානයට මේ මස 23 දින පස්වරු 2.00ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර ශ්‍රී දළදා මාලිගා මහ මළුවේ දී පැවැත්වෙන ත්‍රිපිටකාභිවන්දන ජාතික උත්සවයේ දී බාර දීමට සියළු කටයුතු සුදානම් කර තිබේ.

අයවැය කාරක සභා විවාදය අදින් ආරම්භ වේ

අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද 43 කින් ජයගැනීමට ඊයේ (12) දින ආණ්ඩුවට හැකි විය. අද (13) දින පාර්ලිමේන්තුවදී අයවැය කාරක සභා විවාදය මේ වන විට ආරම්භ වී තිබේ.

ඉන්ධන මිල ඉහළට – මුදල් අමාත්‍යංශය

අද (12) දින මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් සහ ඩීසල් මිල ගණන් යළි ඉහළ දමා ඇති බව මුදල් අමාත්‍යංශය පවසයි. අමාත්‍යංශය නිවේදනය කළේ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 3කින් ඉහළ දමා ඇති බව ය. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල වන්නේ, රුපියල් 132කි.

අයවැය දෙවන වර කියවීම සම්මතයි

අයවැය දෙවනවර කියැවීමේ ඡන්ද විමසීම පාර්ලිමේන්තු සංකීර්ණයේදී ආරම්භ කෙරුණු අතර අයවැයට පක්ෂව 119 විපක්ෂව 76 ක් ද ලැබී තිබිණි. එක්සත් ජාතික පක්ෂ රජයේ මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් 2019 වසර සඳහා ඉදිරිපත් කළ අයවැය යෝජනාවේ දෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද(12) සිදුවිය. මේ සඳහා 

වැඩ කලානම් ඇයි ඡන්දයට බය – මන්ත්‍රී නිමල් ලන්සා

එක්සත් ජාතික පක්ෂය රටට වැඩ කලානම් මැතිවරණයට භය වන්නේ ඇයි දැයි ඒ්කාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා මහතා පවසයි. ඒ් මහතා අද (12) පාර්ලිමේන්තුවේ පැවැත්වෙන අයවැය විවාදයට එක්වෙමින් කියා සිටියේ වත්මන් රජය ආදායම වැඩි කර තිබෙන්නේ රටේ ජනතාව විසින් ගෙවන බදු මුදල් වලින් බවයි. මාර්තු 31 වනදායින් පසුව රටේ ජනතාවට විශාල ප්‍රශ්ණයක් වන බවයි.

ජනපතිට තව මාස 08 .. අපි ගේමක් දීගෙන යන්නේ – රාජ්‍ය ඇමැති සුජිව

මේ වන විට රට සංවර්ධන මාවත වෙත ගෙනයමින් යන ගමට ජනාධිපති ධුරයට තව මාස 08 ක කාලයක් පමණක් ඉතිරිව ඇති හෙයින් ඒම කාලය තුළ ජනාධිපතිවරයාට එක්සත් ජාතික පක්ෂය සමඟ එක්වන ලෙස අමාත්‍ය මණ්ඩලයේ සාමාජික නොවන විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුජිව සේනසිංහ මහතා පවසයි.

ගොවියාට සාධාරණ වෙන්න ඕන – අමාත්‍ය පී. හැරිසන් කියයි

සේනා දළඹු ව්‍යවසනයෙන් පීඩාවට පත් ගොවීන්ට යම් හේතුවකින් වන්දි නොලැබ අසාධාරණයක් වුවහොත් ඔවුන්ට අභියාචනා ඉදිරිපත් කළ හැකි යැයි කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි.

සීතල ද? අයවැය… දුණුසුම්ද? … ඡන්දය…

පසුගිය 2018 වසරේදී සිදු වු බලපෙරලියෙන් පසුව පත් වු එක්සත් ජාතික පක්ෂය විසින් 2019 වසර සඳහා ඉදිරිපත් කළ අයවැය යෝජනාවේ දෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද(12) පැවැත්වීමට නියමිතව තිබේ.