22 September 2024

සුහුරු තාක්ෂණයේ කොටස්කාරයන් බවට කාන්තාව පත්විය යුතුයි – ඇමති චම්පික රණවක

තාක්ෂණයේ කොටස්කාරයෝ බවට ඇඟලූම්කම්හල්වල, තේ දළු කඩන ගෘහ සේවිකාවෝ හැටියට පමණක් නොව මේ සුහුරු තාක්ෂණයේ කොටස් කාරයෝ බවට අපේ කාන්තාවෝ පත්විය යුතු බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ධිවරයිනි මත්ද්‍රව්‍ය ඡාවාරම්කරුවන්ට හසුවන්න එපා – නාවික හමුදාපති කියයි

මෙරට සාගර ආශ්‍රිතව ධිවරයින්ට හොඳ ආදායමක් ලබා ගැනීමට හැකිව තිබියදී ඉක්මනින් මුදල් සෙවීමට මත්ද්‍රව්‍ය ඡාවාරම්කරුවන්ට මෙරට ධිවරයින් හසුව දරු පවුල අසරණ තතත්වයකට පත් නොකරන ලෙස නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා පවසයි.

පාරිභෝගික අධීකාරියට නව සභාපතිවරයෙක්

පාරිභෝගික අධිකාරියේ නව සභාපති ලෙස ලලිත් සෙනවිර මහතා පත් කර තිබේ. අදාළ පත්වීමේ ලිපිය පසුගිය 08 වනදා දිගු කාලීනව අවතැන්වුවන් නැවත පදිංචි කිරීම සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදින් මහතා විසින් ලබා දී තිබේ.

සිරිකොත ගමින් ගමට හෙට කළුතරින් ආරම්භ වෙයි

සිරිකොත ගමට වැඩසටහන කළුතර දිස්ති‍්‍රක්කයෙන් හෙට (10) දින එක්සත් ජාතික පක්ෂයේ නායක, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ආරම්භ කිරිමට සියළු කටයුතු සුදානම් කර තිබේ.  අගලවත්ත , පානදුර හොරණ, කලුතර මතුගම, බණ්ඩාරගම, බේරුවල සහ බුලත්සිංහල ප‍්‍රදේශවල සිරිකොත ගමට වැඩසටහන හෙට(10) පැවැත්විමටයි සැලසුම් කර තිබෙන්නෙ.

“තුන් සිත් ගී හෙළ වනිතා ගී ලතා” උපහාර උළෙලට ජනපති ජනපති එක් වෙයි

ප්‍රවීණ ගී පද රචිකාවන් වන දයා ද අල්විස්, කුසුම් පීරිස්, යමුනා මාලනී පෙරේරා ගී පද රචිකාවන් ඇගැයීම වෙනුවෙන් ඊයේ (08) පස්වරුවේ කොළඹ බිෂොප් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ පැවති ,තුන් සිත් ගී හෙළ වනිතා ගී ලතා, උපහාර උලෙළේ විශේෂ ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක් විය.

දළඳා විදියේ නයිට් බසාර් වහාම අත්හිටුවයි – ඇමැති කිරිඇල්ල

ශ්‍රී දළඳා වහන්සේ වැඩවසන කන්ද උඩරට මහනුවර නගරයේ සංස්කෘතික උරුමයන් රැක දීම‍‍ට මුල්තැන දෙමින් දළඳා වීදියේ පැවැත් වූ නයිට් බසාර් (රාත්‍රී කඩ) වහාම අත්හිටුවීමට නියෝග කළ බව රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමයන් හා මහනුවර සංවර්ධන ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

මත්ද්‍රව්‍ය මැඩලන්න අප්‍රේල් 03 පසු ත්‍රිවිධ හමුදාවේ දෑත් තවත් ශක්තිමත් කරනවා – ජනපති

මත්ද්‍රව්‍ය මර්දනය, නිවාරණය සහ පාලනය වෙනුවෙන් ගෙන යන වැඩසටහනට මෙම අප්‍රේල් 03 වන දායින් පසු පොලීසිය සමඟ ත්‍රිවිධ හමුදාව වඩා ශක්තිමත් ලෙස දායක කර ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඉදිරියට යන්න නම් පාර කපන්න ඕන – ඇමැති පාඨලි කියයි

රට ඉදිරියට යන්න නම් අනිවාර්යයෙන්ම දූෂණයෙන් තොර සංවර්ධනයකට පාර කැපිය යුතු බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරයා වැඩ භාර ගනි

ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස සුනිල් සමරවීර මහතා අද (8) පෙරවරුවේ සිය රාජකාරි කටයුතු ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී ආරම්භ කරයි. මෙම අවස්ථාවට ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් රමණී ගුණවර්ධන මහත්මිය, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතා ඇතුළු අමාත්‍යාංශය යටතේ ඇති ආයතනවල නිලධාරීහු එක්ව සිටියහ.

සේනාගේ පීඩාවට පත් ගොවීන්ට වන්දි පිරිනැමීම අම්පාරෙන් ඇරඹේ

සේනා දළඹුවාගේ උවදුරෙන් පීඩාවට පත් ගොවින්ට වන්දි ලබා දීමේ පළමු අදියර අම්පාර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරන බව කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි.