22 September 2024

අරපරිස්සමෙන් විදුලිය පාවිච්චි කරන්න – විදුලි ඇමැති කියයි

විදුලි බලාගාර ආශ්‍රිත ජලාශයන්ගේ ජල මට්ටම දිනෙන් දිනෙම අඩුවේගන යෑම හේතුවෙන් විදුලිය අරපරිස්සමෙන් භාවිතා කරන ලෙස විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා මහජනතාවගෙන් ඉල්ලීමක් කර සිටි.

මාළඹේ – කොටුව සැහැල්ලු දුම්රිය පද්ධතිය ඉදිකිරීමේ ණය ගිවිසුමට අත්සන් තැබේ

මාළඹේ-කොටුව සැහැල්ලු දුම්රිය පද්ධතිය ඉදිකිරීම සඳහා වන ණය ගිවිසුමට අත්සන් තැබීම ඊයේ (11) දින මුදල් අමාත්‍යාශයේදී සිදුවිය. එමගින් ඇමරිකානු ඩොලර් මිලියන 1850ක ණය මුදලක් ජපානයේ ජයිකා (JICA) ආයතනය විසින් ලක් රජය වෙත සැහැල්ලු දුම්රිය සේවය සඳහා ලබා දෙන අතර, එහි පොළිය සියයට දශම එකකි.

 සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙන් අලෙවි නියෝජිතයින්ගේ විශ්ව විද්‍යාල දූ දරුවන්ට ශිෂ්‍යත්වයක්

සුවහසක් ශ්‍රී ලාංකික දරුවන්ගේ උසස් අධ්‍යාපනය වෙනුවෙන් මහපොළ ශිෂ්‍යත්වයට අරමුදල් ලබාදෙන සංවර්ධන ලොතරැයි මණ්ඩලය පසුගියදා තම අලෙවි ජාලයේ අලෙවි නියෝජිත මහත්ම මහත්මීන්ගේ දූ දරුවන් සදහා ශිෂ්‍යත්ව ප‍්‍රදානයක් සිදු කෙරිණි.

ජවිපෙ TNA 20 ගැන විශේෂ සාකච්ඡාව ජවිපේ ප්‍රධාන කාර්යාලයේදී

විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම සම්බන්ධයෙන් සහ 20වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ සහ ටීඑන්ඒ සංවිධානය අතර විශේෂ සාකච්ඡාව අද(11) පස්වරු 2.00ට පැලවත්ත ජවිපෙ ප‍්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි.

කුවේට්හි රැඳී සිටි ශ්‍රමිකයින් 18 ක් දිවයිනට

කුවේට් රාජ්‍යයේ රැකියා සඳහා ගොස් විවිධ කරදරවලට ලක්වූ කාන්තාවන් 16ක් හා පිරිමි ශ්‍රමිකයින් දෙදෙනෙකු ඇතුළු 18 පිරිසක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හා කුවේට් තානාපති කාර්යාලයේ මැදිහත්වීම මත අද (11) පෙරවරුවේ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL230 දරණ ගුවන් යානයෙන් දිවයිනට පැමිණියහ.

අපි වැඩකරන අය මිසක්, පම්පෝරි ගහන අය නොවෙයි – ඇමැති රවි කියයි

එක්සත් ජාතික පක්ෂය අපි නිර්භීතව තීන්දු අරගෙන වැඩකරගෙන යන බවත් අපිට අවශ්‍ය වන්නේ ජනතාව සමග සිටින අතරම අපි වැඩකරන අය මිසක්, පම්පෝරි ගහන අය නොවන බව එක්සත් ජාතික පක්ෂ උපනායක, විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

  අනතුරට පත් ඉතියෝපියා ගුවන් යානයේ ගමන් ගත් සියළු දෙනා මිය ගොස්

  පසුගියදා අනතුරට පත් ඉතියෝපියා ගුවන් යානයේ සිටි සියලුදෙනා මියගොස් ඇති බවට එරට රජය නිල වශයෙන් ප‍්‍රකාශ කර තිබේත. විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර සිටියේ අඩිස්අබාබා ගුවන් තොටුපලේ සිට කෙන්යාවේ නයිරෝබි බලා ගමන් ආරම්භ කළ එම යානයේ මඟීන් 149 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් 08 දෙනෙකු ගමන් කරමින් සිටි බවයි.

දකුණු අප්‍රිකාවට ලකුණු 71 ක ජයක්

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැති තුන්වැනි එක්දින තරගයේදී ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 71ක ජයක් අත්කරගැනීමට දකුණු අප්‍රිකාව සමත් විය. ඒ් දකුණු අප්‍රිකාවේ ඩර්බන් නුවරදී ඊයේ පැවැති එක් දින තරඟයේදිය.

නව සන්ධානය එක්වන්න – අගමැති සියළු දෙනාට ආරාධනා කරයි

2015 දී බලයට පත්වූ ආණ්ඩුව ආරම්භ කළ සංවර්ධන වැඩපිළිවෙලේ ප්‍රතිලාභ ලැබෙමින් තිබෙන මේ මොහොතේ එක්සත් ජාතික පක්‍ෂයත්, එක්සත් ජාතික පෙරමුණත් එක්ව ආරම්භ කරන නව ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය සමඟ එක්වන ලෙස සියලූ පාර්ශ්වයන්ට ආරාධනා කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

දිවුරුම් බෝධිමළු විහාරස්ථානයේ දොළොස් රියන් හිටි බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කරයි

මහනුවර, අම්පිටිය පුරාණ දිවුරුම් බෝධිමථ විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද දොළොස් රියන් හිටි බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීමේ පුණ්‍යොත්ස්වය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10) පස්වරුවේ පැවැත්විණි.