21 September 2024

පාර්ලිමේන්තුවත් එජාපයේ මුලස්ථානය වෙලා – මහින්ද අමරවීර කියයි

කථානායකවරයාගේ ක්‍රියාකලාපය නිසා පාර්ලිමේන්තුව කල් තබනවා කියලා නිවේදනය කළාට පස්සේ එක්සත් ජාතික පක්ෂයල දෙමළ සන්ධානය, ජාතික විමුක්ති පෙරමුණ එක්තුවෙලා විවාද කරන්න පටන් ගත් බවත් එය හරියට පාළුගෙයි වළං බිදිනවා වගේ වැඩක් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

පාර්ලිමේන්තුව හෙට රැස්වෙයි… හෙට මොකද වෙන්නේ …?

පාර්ලිමේන්තු යළි හෙට (27) දින රැස්වෙයි. හෙට දිනයේදී පාර්ලිමේන්තුවේ කටයුතු කෙසේ සිදුවන්නේ ද පිළිබඳ දේශපාලනඥයින් මෙන්ම ජනතාව සිටින්නේ විමසිල්ලෙන්. මේ අතර හෙට දිනයේද මහජන ගැලරිය සහ කතානායක ආරාධිත ගැලරිය වසා දැමීමට තීරණය කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.

රනිල් නැතිව එජාපයේ බහුතරය ඇති අයෙකුට අගමැතිකම දෙන්න පුළුවන් – ජනපති

කිසිදු අවස්ථාවක රනිල් වික්‍රමසිංහ මහතා නැවත අගමැති ධූරයට පත් නොකරන අතරම එක්සත් ජාතික පක්ෂයේ නියෝජනය කරන සරත් ෆොන්සේකා මහතා හැර බහුරතය ඇති අයෙකුට අගමැති ධුරය ලබා දීමට සුදානම් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

රුවත්තියන්ට කිරුළ පලදින්නට මිලියන ගණනක් වියදම් කළ පැජන්ට් කිංග්

ශ්‍රී ලංකාවේ අදවන විට කාන්තාවන් සඳහා වෙන් වු රැ රැජිණ තරඟවල් බොහෝ දකින්නට ලැබුණත් ශ්‍රී ලංකාවේ අංක එකේ පැජන්ට් කිංග් ලෙස විරුධාවලිය ලබා සිටින වෛද්‍ය ප්‍රසාද් දේශප්‍රිය විසින් සංවිධානය කළ Mrs Ocean Word Sri Lanka තරඟාවලිය පසුගිය 23 වනදා ඉතා උත්කර්ශවත් අන්දමින් නිමා විය.

රනිල්ව රැක්කේ කිසිදෙයක් ලැබුණේ නැති යූන්පීකාරයින් – මරික්කාර් කියයි

පසුගිය අවුරුදු 03 හමාරක කාලය තුළ එක්සත් ජාතික පාක්ෂිකයා වෙනුවෙන් සාධාරණය ඉටු නොවූ බවත්,මෙවර ආණ්ඩු බලය ලබා ගත් පසු එය තවදුරටත් එය නොවන්නේ නම් ආණ්ඩුවේ නොසිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පවසයි.

රස්තියාදුකාර දේශපාලනයට ඉඩ දෙන්නේ නෑ – මනුෂ නානායක්කාර කියයි

ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණ සදහා එක්සත් ජාතික පෙරමුණ ඇතුළු පුළුල් සන්ධානයකින් තරග කරන විට එයට එක්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායම් සූදානමින් සිටින බවත් රස්තියාදුකාර දේශපාලනයට රට තුළ ඉඩක් ලබා නොදෙන බවත් ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පවසයි.

අරගලය අවසන් වෙන්නේ අගමැතිකමෙන්ම නෙමෙයි – වජිර අබේවර්ධන කියයි

රටේ මේ වන විට පවතින දේශපාලනික ගැටළුව අවසන් වනුයෙ අග්‍රාමාත්‍ය ධුරය පමණක් නොව ජනාධිපති ධුරයත් ප්‍රජාතන්ත්‍රවාදි ලෙස ලබාගෙන බව එක්සත් ජාතික පක්ෂයේ ගාල්ල දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රි වජිර අබේවර්ධන මහතා පවසයි.

මේ සටනේදී මම තනිවෙලා නෑ – ජනපති කියයි

තමා දේශපාලනයේ උඩුගම් බලා පිහිනන්නේ මාතෘ භූමියේ හෙට දවස වෙනුවෙන් බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. එම වෑයම රට වෙනුවෙන් හෙට දවසේ ජයග‍්‍රහණය කළහැකි වනු ඇති බව සඳහන් කළ ජනාධිපතිවරයා මාතෘ භූමිය වෙනුවෙන් ගෙන යන සටනේ දී කිසිදු තැනක තමා තනී වී නොමැති බවත්, රටට ආදරය කරන සියලු පොදු ජනතාව තමා සමග අත්වැල් බැඳගෙන සිටින බවත් […]

පාකිස්ථානයේ ප්‍රහාර දෙකක්

පාකිස්නයේ කරාචි නුවර පිහිටි චීන කොන්සල් කාර්යාලයට ඇතුළුවීමට උත්සහා කළ ” බලොච් විමුක්ති හමුදාව ” නැමැති කල්ලියේ පිරිසක් විසින් පාකිස්ථානයේ ආරක්ෂක නිලධාරින් දෙදෙනෙකු ඝාතනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

තේරීම් කාරක සභාව සඳහා ඡන්ද 121 පක්ෂව ලැබෙයි

තේරීම් කාරක සභාවට පක්ෂව ඡන්ද 121 ලැබුණ අතර විපක්ෂව ඡන්ද ප්‍රකාශ කිරීමට කිසිවෙකුත් ඉදිරිපත් නොවුණි. ඒ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සභාවෙන් ඉවත්ව ගිය හේතුවෙනි.