23 September 2024

සැහැල්ලු දුම්රිය සේවාවක් ආරම්භ කිරීමට සැලසුම්

පොදු ප්‍රවාහන සේවය භාවිතා කරන ජනතාවගේ සුභ සිද්ධිය සදහා සැහැල්ලු දුම්රිය පද්ධතියක් හදුන්වා දීමට රජය සැළසුම් කර තිබේ. මහ නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරමින් පවතින අතර මේ යටතේ හදුනා ගත් දුම්රිය මාර්ග හතක් හදුනාගෙන ඇත.

විග්නේෂ්වරන් අලුත් පක්ෂයක් පිහිටුවයි

තමන් දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත් වී නව පෙරමුණක් පිහිටුවා ගෙන ඉදිරි කටයුතු සිදු කරන බව ගන්නා බව  උතුරු පළාත් ප්‍රධාන ඇමැති  සී.වී.විග්නේෂ්වරන් මහතා පවසයි. තම නායකත්වය යටතේ දෙමළ ජනතා සන්ධානය (තමිල් මක්කල් කූට්ටනි) නමින් නව දේශපාලන පක්ෂයක් පිහිටුවා ගන්නා බව විග්නේෂ්වරන් මහතා දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් දිනා දීමේ බලවේගයක් වශයෙන් කටයුතු කිරිමට මේ නව පෙරමු‍ණ පිහිටුවා ගන්නා […]

විහාරස්ථානයක ඉදි කෙරෙන පළමු පලතුරු උද්‍යානය තිස්සමහාරාමයේදී

ශ්‍රී ලංකාවේ විහාරස්ථාන පරිශ්‍රයක් ආශ්‍රීතව ඉදි කෙරෙන පළමු පලතුරු උද්‍යානය ඔක්තෝබර් මස 29 දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් ආරම්භ කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ.

දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් ලෙස සී.ජේ.පී. සිරිවර්ධන මහතා පත් කෙරේ

නව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති සී.ජේ.පී. සිරිවර්ධන මහතා පත් කෙරේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති සී.ජේ.පී. සිරිවර්ධන මහතා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නව කොමසාරිස් ජනරාල්වරයා ලෙස අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරනු ලැබ ඇත.

ක්‍රිකට් ආයතනයේ හිටපු මුල්‍ය අංශ ප්‍රධානියාව ලබන 01 තෙක් රක්ෂිත බන්ධනාගාරයට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට විදෙස් රූපවාහීනි ආයතනයකින් ලැබීමට නියමිතව තිබු ඩොලර් මිලියනයකට අධික මුදලක් වංචා කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු මූල්‍ය අංශයේ ප්‍රධානී පියල් නන්දන දිසානායක ලබන මස 01 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියෝග කර ඇත.

ජනපති ඝාතනය කිරීමේ කුමන්ත්‍රණ නඩුවේ ඉන්දියානුවා ලබන මස 21 යළි අධිකරණයට කැඳවයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා රහස් පොලිසිය ප්‍රශ්න කරමින් රඳවා සිටින ඉන්දියානු ජාතික මර්සිලි තෝමස් නැමැත්තා අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කිරීමෙන් අනතුරුව ලබන නොවැම්බර් මස 21 වනදා නිරීක්ෂණය සඳහා අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (23) නියෝග කළාය.

ඉඩම් මංකොල්ල කෑ යුගය අවසන් – ඉඩම් ලබා දෙන යුගයයි මේ ! -ඇමැති සජිත්

දශකයක කාලයක් පුරා මෙරට පාලකයින් සහ ඔවුන්ගේ ගෝලබාලයින් සිදුකළ ඉඩම් මංකොල්ල කෑ යුගය අවසන් කර ජනතාවට ඉඩම් ලබාදීමේ යුගය අද යහපාලන රජය ආරම්භ කර ඇති බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

හිතෙන වෙලාවට එක් වෙන්නයි ගලවන්නයි බෑ – ඇමැති දුමින්ද

මේ රටේ ජනතාව අපිට බලය දීලා තියෙන්නේ ජාතික ආණ්ඩුවක් තුළ මේ රටේ අනාගතය ශක්තිමත් කරන්න මිසක් හිතෙන හිතෙන වෙලාට එකතු වෙන්නයි, ගැලවෙන්නයි නොවෙයි යැයි ශ්‍රී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක වාරී මාර්ග ජල සම්පත් හා ආපදා කළමණාකරන අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

නාලකගේ සහ නාමල්ගේ හඩ සැසදෙන බව රහස් පොලිසිය අධිකරණයට දන්වයි

නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා සහ නාමල් කුමාර යන අයවළුන්ගේ දුරකතන සංවාද124න්123 සැසදී ඇති බව රහස් පොලීසිය අධිකරණයට දන්වා සිටියේය.

වෙල්ගම අපිට හානි කරනවා – මන්ත්‍රී ගම්මන්පිල

හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම මහතා මහන්සියෙන් පුරවා ගත්ත කාලය එතුමා අතින්ම පොළොවේ ගසමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.