22 September 2024

මල් වට්ටි උස්සන් අපි දේශපාලනය කරන්නේ නෑ – ඇමැතිනි තලතා

මට ඉන්න නායකයෝ දෙන්නා ධර්මය තුළින් ජීවිතය හැඩ ගසා ගත්තා මිසක් ආගම පාවිච්චි කරලා දේශපාලනය කරලා මල්වට්ටි උස්ස ගෙන පන්සලට ඇවිල්ලා දේශපාලනය කථා කරන අය නොවන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය පවසයි.

නේවි සම්පත් ලබන 25 දක්වා යළි රිමාන්ඩ්

කොළඹ හා තදාසන්න ප්‍රදේශවලදී කප්පම් ලබා ගැනීම සඳහා පුද්ගලයන් 11 දෙනෙකු පැහැරගෙන අතුරුදන් කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවෙකු වන නේවි සම්පත් නොහොත් හිටපු නාවික හමුදා ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි යන තවදුරටත් ලබන 25 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව වැඩබලන මහේස්ත්‍රාත් ජයන්ත ඩයස් නානායක්කාර මහතා (18) නියෝග කර ඇත.

මම කාටවත් කෝල් කරලා බලපෑම් කළේ නෑ – ඇමැති මංගල කියයි

බදු ගෙවීම සිය ආදායම මංකොල්ල කෑමක් ලෙස නොව, සමාජ වගකීමක් ඉටු කිරීමක් ලෙස දැකිය යුතු බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. නිදහස් සෞඛ්‍ය, අධ්‍යාපනය, සමෘද්ධිය, පොහොර සහනාධාර ඇතුළු සියලු ම දේ ජනතාව ලබා දෙනු ලබන්නේ මෙම බදු ආදායමෙන් බව අමාත්‍යවරයා සඳහන් කරයි.

ත්‍රිකුණාමලය තෙල් ටැංකි ගැන ඇමැති අර්ජුන් කතා කරයි

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයේ දැනට භාවිතයට නොගන්නා තෙල් ටැංකි කිසිම අවස්ථාවක විකුණා දැමීමක් නොකරන බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම තැන ගැන තීරණය ලබන 25 දැනුම් දෙයි

පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ කාර්යාල පරිශ්‍රය වෙනත් සථානයක ස්ථාන ගත කිරිමට අධිකරණයෙන් සිදු කළ ඉල්ලීම සම්බන්ධ නියෝගය ලබන 25 වනදා ලබා දෙන බව කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය (17) ප්‍රකාශ කළාය.

ඩී ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය නඩුව තව ඉදිරියට යනවාද නැද්ද?

රජයේ මුදල් රුපියල් මිලියන 33.9ක් සාවද්‍ය පරිහරණය කළ බවට වන චෝදනාව සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ගොනුකළ රීට් පෙත්සම ලබන මස දෙවනදා විභාගයට ගැනීමට මහාධිකරණය අද (17) දින නියම කර තිබේ.

දිනන්න පුළුවන් අශ්වයාව දානවා

ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා හිටපු ආරක්ෂ ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කළ යුතු බව ඒකාබද්ධ විපක්ෂයෙන් දැඩි තීන්දුවක් ගන්නා බව වාර්තා වේ. මේ වන විට ඒකාබද්ධ විපක්ෂයේ බොහෝ පිරිස් පවසා සිටින්නේ මහින්ද රාජපක්ෂට වඩා දිනන්න පුළුවන් අශ්වයා ගෝඨාභය බවයි.

හිටපු ඇමැති ජොන්ස්ටන්ට නිදොස්

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ට එරෙහිව පවරා තිබූ නඩුවෙන් ඔහු ඇතුළු තිදෙනා අධිකරණය නිදහස් කිරීමට නියෝග කර ඇත.  සතොසට අයත් රුපියල් මිලියන 05කට අධික මුදලක් අවභාවිතා කළ බවට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් පසුගිය සැප්තැම්බර් මස 3 වනදා හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තිදෙනා රක්ෂිත බන්ධනාගාරගත කර සිටියේය.

ආර්ථික අභියෝගයට විසඳුම් සඳහා ජාතික ආර්ථික සභාවෙන් උපදෙස්

ලෝක වෙළෙඳපොළ තුළ දැනට උද්ගතව ඇති අවිනිශ්චිත තත්ත්වය හේතුවෙන් වර්තමානයේ ශ‍්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අභියෝගයන්ට විසඳුම් ලෙස, ආනයනය සීමා කළ හැකි භාණ්ඩ පිළිබඳව සොයා බලා ඒ පිළිබඳ වාර්තාවක් සතියක් තුළ ලබාදෙන ලෙස ජනාධිපතිවරයා මුදල් අමාත්‍යාංශයට උපදෙස් දෙයි.

මිල සූත‍්‍රයක් නැහැ …..! විදුලි බිලට – ඇමැති රංජිත්

විදුලිබල පනතට අනුව විදුලි බිල පිළිබඳ මිල සූත‍්‍රයක් හඳුන්වා දෙන්න ප‍්‍රායෝගිකව පුළුවන් කමක් නොමැති බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. අමාත්‍යවරයා කියා සිටියේ යම් අවස්ථාවක විදුලිබිල වැඩිකිරීමක් කරනවානම්, මහජන උපයෝගීතා කොමිසමෙන් අනුමැතිය ලබාගත යුතු බවයි.