22 September 2024

ආනයනික භාණ්ඩ නිෂ්කාශනයට බන්දිත ගුදම් පවත්වාගෙන යන්න පෞද්ගලික අංශයටත් අවසර

ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන LCL Cargo හෙවත්, බහලුම් ප්‍රමාණයකට වඩා අඩු ප්‍රමාණයකින් ආනයනය කරනු ලබන භාණ්ඩ නිෂ්කාශනය කිරීමට පහසු වන පරිදි බන්දිත ගුදම් පවත්වාගෙන යාම සඳහා පෞද්ගලික අංශයටද අවසරය දීමට රජය තීරණය කර ඇති බව මුදල් අමාත්‍යංශය නිවේදනය කරයි.

යළි ඝාතන සංස්කෘතියකට ඉඩ දෙනවාද? බුද්ධිමත්ව සිතා බලන්න …. ඇමැති සජිත් කියයි

මෙරට ඝාතන සංස්කෘතියක් නිර්මාණය කළ ඒකාධිපති පාලකයින්ට නැවත රටතුළ ඝාතන සංස්කෘතියක් ක්‍රියාත්මක කිරීමට ජනතාව ඉඩ ලබා දෙනවාද, නැද්ද, කියා බුද්ධිමත්ව සිතා බැලිය යුතු බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඉන්දියාවෙන් ජීප් රථ 750 ක් ශ්‍රී ලංකාවට

පලාලි ගුවන් තොටුපල සංවර්ධනය සඳහා සහය ලබා දීම, දකුණු ඉන්දියාවේ සිට පලාලි සහ මඩකලපුව දක්වා සෘජු ගුවන් සේවා ආරම්භ කිරීම සහ ශ්‍රී ලංකා පොලීසියේ ජංගම කාර්යයන් වඩාත් විධිමත් කරලීම උදෙසා ජීප් රථ 750 ක් ලබාදීම සම්බන්ධයෙන් ඉන්දියාවේ පූර්ණ සහය හිමිවන බව ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍ය රාජ්නාත් සිං මහතා පවසයි.

ගෝඨා ඇමරිකන් පුරවැසියෙක්… එයාට ඡන්දේ ඉල්ලන්න බෑ – වෙල්ගම කියයි

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අමෙරිකානු පුරවැසියෙකු බවත් ඔහුට මෙරට ඡන්දයට ඉදිරිපත් වීමට නොහැකි බව හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම මහතා පවසයි. ඡන්දය ඉල්ලන්න බැරි පුද්ගලයෙකු සම්බන්ධයෙන් තමාට කතා කිරීමට නොහැකි බවත් භාරකාර ආණ්ඩුවක් බිහි කිරීමට විරුද්ධවීම නිසා මේ වනවිට තමාට විවිධ චෝදනා ඉදිරිපත් කරන බව ද හෙතෙම කියා සිටියේය.

පරිසරය සුරැකීම සහ මත්ද්‍රව්‍ය අභියෝගය ගැන දරුවන් දැනුවත් කළ යුතුයි – ජනපති

විෂය මාලාවලට අදාළ දැනුම මෙන්ම පරිසරය සුරැකීමේ වැදගත්කම සහ මත්ද්‍රව්‍ය භාවිතයේ අනිටු ප‍්‍රතිවිපාක පිළිබඳ දැනුම සහ අවබෝධය පාසල් අධ්‍යාපනය තුළින් දරුවන්ට ලබාදිය යුතු බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසයි.

විසුරුවා හරින්න බලය තියෙන්නේ මටයි … හැබැයි මම එහෙම ක‍ළේ නෑ – ඇමැති කිරිඇල්ල

බැංකු අධ්‍යක්ෂ මණ්ඩල විසුරුවා හැරීමේ බලය තියෙන්නේ අමාත්‍යාවරයාට බවත් කිසිම බැංකුවක අධ්‍යක්ෂ මණ්ඩලයක් විසුරුවා හැරියේ නොමැති බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක, රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

ආරක්ෂක ප්‍රධානීයෙකු ඝාතනය කෙරේ

ඇෆ්ගනිස්ථානයේ ජ්‍යෙෂ්ට අණදෙන නිලධාරියෙකු වන ජනරාල් අබ්දුල් රසීක් වෙඩි තබා ඝාතනය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. ඔහුව මෙලෙස ඝාතනය කර ඇත්තේ පෞද්ගලික ආරක්ෂකයෙකු තැබූ වෙඩි ප‍්‍රහාරයකින්.

මහ කන්නයේ ජාතික වප් මඟුල් උත්සවය තිස්සමහාරාමයේදී

2018 මහ කන්නයේ ජාතික වප් මඟුල් උත්සවය ඔක්තෝම්බර් 29 දින තිස්සමහාරාම ල සඳගිරිගොඩ වෙල් යායේදී පවත්වන බව කෘෂිකර්මාන්ත අමාත්‍යංශය පවසයි.  පැරණි හෙළ සිරිතට අනුව මහ කන්නය අස්වැද්දීමේ දී වප් මඟුල් උත්සවයක් පවත්වා ඇති බව ඓතිහාසික මූලාශ්‍ර වලින් හෙළි වී තිබේ.

ගෑස් මිල නග්ගන්න දෙන්නේ නෑ – ඇමැති රිෂාඩ්

ජාත්‍යන්තර වෙ‍ළෙඳපොළේ බොරතෙල් මිල අඛණ්ඩව ඉහළ ගියද රටේ ජනතාවට බර පටවමින් ගෑස් මිල වැඩි කිරීමට ඉඩදිය නොහැකි බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

රනිල් නැති ආණ්ඩුවකටනම්….. හා …. හිටපු ඇමැති චන්දිම කියයි

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා නොමැතිව ආණ්ඩුවක් බිහි කිරීමට නම් තමා ඊට කැමැති බව හිටපු අමාත්‍ය චන්දීම විරක්කොඩි මහතා පවසයි. TTVnews.lk වෙබ් අඩවිය වෙත අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ ආණ්ඩුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කිසිදු අයිතියක් නොමැති බවයි.