22 September 2024

ඇමෙරිකා ජනාධිපති ඉරානය ගැන දැඩිව විවේචනය කරයි

ඉරානය විසින් ජනතාවට හානි සිදු කරන බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. අමෙරිකානු ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ 73 වන මහා මණ්ඩල සැසිවාරය අමතමින් ඉරානයේ ක්‍රියා කලාපය දැඩි විවේචනයට ලක්කර තිබේ.

ශ්‍රී ලංකාව දිහා අලුත් විදිහට බලන්න – ජනපති

සන්නද්ධ ගැටුම් අවසන්ව වසර 10 ක් ඉක්ම ගොස් පශ්චාත් යුද සමයක වගකීම් ද මැනවින් ඉටුකරමින් සිටින අවස්ථාවක ශ‍්‍රී ලංකා මාතෘ භූමිය දෙස නව මානයකින් බලන්නැයි ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ලෝක ප‍්‍රජාවට ඇරයුම් කරයි.

රුපියල අවප්‍රමාණය වුණේ චීනය හා ඇමෙරිකාව අතර ඇති වෙළෙඳ යුද්ධය නිසයි ! ඇමැති මහින්ද කියයි

රුපියල අවප්‍රමාණය වුයේ රජයේ ආර්ථික ප්‍රතිපත්තිවල දුර්වලතාවය නිසා නොවන බවත් චීනය හා ඇමරිකාව අතර පවතින වෙළඳ යුද්ධය නිසා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.  අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා බෙලිඅත්තේ පැවති රැස්වීමක් අමතමින් – බෙලිඅත්ත ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව ආසන සංවිධායක ලෙස පත් කළ නීතිඥ උපාලි මොහොට්ටි මහතා පිළිගැනීම සඳහා මෙම රැස්වීම […]

රුපියල අවප්‍රමාණය වීමට රජය සාර්ථකව මුහුණ දුන් බව මුදල් ඇමැති කියයි

ලෝකයේ අද ඇතිවෙමින් පවතින නව තත්ත්වයන් හරහා පරිවර්තනයන් ඇති වුනත් ශ්‍රී ලංකාව ශක්තිමත්ව ඉදිරියට ගෙන යන බවත් රුපියල ස්ථාවර කරගෙන අපේ රට 2025 බලාපොරොත්තු වන පොහොසත් රටක් බවට පත් වන බවත් රුපියල අවප්‍රමාණය වීමේ තත්ත්වයට රජය සාර්ථක ලෙස මුහුණ දුන් බවත් දී මුදල් හ ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

ඕන දේකට මම සුදානම් – ෆිල්ඩ් මාර්ෂල් සරත් CIDයෙන් පිටව යන විට කියයි

යුද්ධයට බාහිරව සිදු වු අපරාධ ගැන වගකීම බාර ගැනීම යුද හමුදාපතිටට බැරි බව හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධියට අදාළව අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා අද(24) ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ පිට වු අවස්ථාවේදී මාධ්‍යවේදින් වෙත අදහස් […]

රුපියල කඩා වැටීමට ආණ්ඩුව මැදිහත් විය යුතුයි ….! මේ ආණ්ඩුවට දිගුකාලීන සැලසුම් නෑ … – ජවිපෙ අනුර

රුපියල කඩා වැටීම නැවැත්වීම සඳහා අපිට දිගු කාලීන හා කෙටි කාලීන ක‍්‍රමවේද සැකසිය යුතුව තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රි, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ අද (25) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි. එහිදී දිසානායක මහතා කියා සිටියේ කෙටිකාලීනව ගත්තොත් ආණ්ඩුව මැදිහත් වී රුපියල ස්ථාවර කළ යුතු බවයි.

“ස්පාක් 18” ඇමැති අකිලගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ

කොළඹ රාජකීය විද්‍යාලය විසින් සංවිධානය කරනු ලබන නව නිපැයුම් ප්‍රදර්ශනය “ස්පාක් 18” අද ( 25 ) විදුහල් පරිශ්‍රයේදී ආරම්භ වුණා. මෙම ප්‍රදර්ශනය සැප්තැම්බර් 28 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි. ජනපති ලේකම් කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යංශය, විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යංශය, මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍යංශය අනුමැතිය යටතේ සංවිධාන කරනු ලබන මෙම ප්‍රදර්ශනය අද ආරම්භ කෙරුණේ අධ්‍යාපන […]

නව සේවා ස්ථානවලට වාර්තා කරන්නේ නැති අයට පඩි නෑ – සෞඛ්‍ය අමාත්‍යංශය

ස්ථාන මාරුවීම් ලබාදී තිබියදිත් නව සේවා ස්ථානයන් හී සේවයට වාර්තා නොකරන වෛද්‍ය සහ හෙද හෙදියන්ගේ වැටුප් ගෙවීම අත්හිටුවීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය ලේකම් බී.ජී.එස් ගුණතිලක මහත්මියට දැනුම් දී ඇත.

ජනපති සංවේදියි – පත්තරේ දෙයක් දැක්ක ගමන් කියනවා – ඇමැති දුමින්ද

සමෘද්ධි සහනාධාරය, වකුගඩු රෝගී අධාරය, ආහාර මල්ලක් දීලා තියෙන පවුලක් බතුයි – මුරුංගා කොළයි කෑව සිද්ධිය මාධ්‍යවේදියා වැරදි ලෙස වාර්තා කිරීම සම්බන්ධයෙන් ජනාධිපති ඉතාම සංවේදියි බවත් පත්තරේ දැක්ක දේ හරිද -වැරදිද කියලා හොයලා බලන්නත් කලින් එතුමා ප්‍රකාශයක් කර ඇති බව වාරී මාර්ග ජල සම්පත් හා ආපදා කළමණාකරන අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

ජනපති කැනඩා අගමැති සමග

එක්සත් ජාතීන්ගේ 73 වන මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව පැවැත්වෙන නෙල්සන් මැන්ඩෙලා සාම සමුථව සියලූ රාජ්‍ය නායකයින්ගේ සහභාගිත්වයෙන් අද (24) පස්වරුවේ නිව්යෝර්ක් නුවර එක්සත් ජාතින්ගේ සංවිධාන මූලස්ථානයේ දී ආරම්භ විය.