22 September 2024

ලෝක ආර්ථික අර්බූදයට ශ්‍රී ලංකාව මුහුණ පෑමට හේතු අගමැති හෙළි කරයි

යුද්ධයෙන් පසු විදේශ ආයෝජන ලබාගන්නවා වෙනුවට විදේශ ණය විශාල ලෙස ලබාගැනීම නිසා වර්තමානය වන විට ලෝක ආර්ථික අර්බූදයට ශ්‍රී ලංකාව මුහුණ පා සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජාතික ආණ්ඩුව ඇලජික් !… ගෞරවය තිබ්බත් නැතත් ජනතා සේවය නවත්වන්නේ නෑ – ඇමැති දුමින්ද

ආණ්ඩුවට මොන ගෞරවය තිබ්බත් නැතත්, මේ ආණ්ඩුව ජනතා සේවය නවත්වන්නේ නැති බව වාරී මාර්ග, ජල සම්පත් හා ආපදා කළමණාකරන අමාත්‍යය දුමින්ද දිසානායක මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ, ඵලදායිතා ප්‍රවර්ධනය හා වාරී මාර්ග පද්ධති කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ රුපියල් මිලියන 40 ක වියදමින්, මැදවච්චිය මහදිවුල්වැව ව්‍යාපාරයේ වාරී මාර්ග ඇළ පද්ධතිය නවීකරණය කිරීමේ සමාරම්භක අවස්ථාවට […]

ඉන්දුනිසියාවට බලපෑ සුනාමියෙන් 50 දෙනෙකු ජිවිතක්ෂයට

ඉන්දුනීසියාවේ සුලවේසි දිවයිනට බලපෑ සුනාමියෙන් පුද්ගලයින් 50 කට ජිවිතක්ෂයට පත්ව ඇති බව වාර්තාවේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ පාළු නම් වූ ප්‍රදේශය හරහා මීටර් 2ක් පමණ උසැති සුනාමි රළ පහර පැතිරී ඇති අතර, එමගින් ගොඩනැගිලි රැසකට ද හානි සිදුව තිබෙන බවයි.

ගෝඨාගේ ආරක්ෂාව දවසකට ලක්ෂ 35 ක් – නියෝජ්‍ය ඇමැති නලින් කියයි

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සදහා රජය දිනකට රුපියල් ලක්ෂ 35 කට වැඩි මුදලක් වැය කරන බව නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

දිනා ගත් නිදහස නැති කරන්න පුළුවන් මාධ්‍යයටයි – අගමැති

ජනතාව සටන් කර දිනා ගත් මාධ්‍ය නිදහස නැති කිරීමට හැකි වන්නේ මාධ්‍යයටම පමණක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ කොළඹ, සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවති මාධ්‍ය නිදහස හා සමාජ වගකීම පිළිබද කොළඹ ප්‍රකාශයේ 20 වන සංවත්සරයේ සමාරම්භක උත්සවයට සහභාගි වෙමින්.

යුද්ධයට බයේ හැංගුණේ නෑ – හිටපු යුධ හමුදාපති සරත් ෆොන්සේකා කියයි

යුද්ධයට බියෙන් හිටපු යුධ හමුදාපතිවරයා වශයෙන් තමන් හෝ හිටපු ජනාධිපතිවරයා හා හිටපු ආරක්ෂක ලේකම්වරයා සැඟවී නොසිටි බව හිටපු යුද හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ ප්‍රථම ද්‍රවකෘත වායු (LNG) විදුලි බලාගාරයේ ඉදිකිරීම් කටයුතු හම්බන්තොටදී

ශ්‍රී ලංකා ජනරජය, චීන ජන රජය සමග ඇති කරගන්නා ලද අවබෝධතා ගිවිසුමකට අනුව ශ්‍රී ලංකාවේ ප්‍රථම ද්‍රවකෘත වායු (LNG) විදුලි බලාගාරයේ ඉදිකිරීම් කටයුතු ලබන මසදී (ඔක්තෝබර්) හම්බන්තොටදී ආරම්භ කිරීමට නියමිත බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ සෑබෑ නිදහසත් ප්‍රජාතන්ත්‍රවාදයත් තහවුරු කර ඇති බව ජනපති කියයි

ත්‍රස්තවාදයට එරෙහිව සටන් කළ අවසාන සොල්දාදුවාගේ සිට හමුදාපතිවරුන් දක්වා සියලුදෙනා ශ්‍රේෂ්ඨ රණවිරුවන් බවත්, එම සියලුදෙනාගේ අභිමානය සුරැකීමට රජය නිරන්තරයෙන් කැපවී සිටින අතර, ඔවුන් වෙනුවෙන් ලබාදිය යුතු ඉහළ ම වරප‍්‍රසාද ද නොඅඩුව ලබාදෙන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

පාර්ලිමේන්තුව හදිසියේ කැඳවන්න පුළුවන් අගමැතිටයි – කථානායක

පාර්ලිමේන්තුවේ හදිසි රැස්වීමක් කැඳවීම පිළිබඳ ඉල්ලා සිටීමේ බලය ඇත්තේ අගමැතිවරයාට බැවින් ඒ සම්බන්ධව ඉල්ලීම අගමැතිවරයා වෙත යොමු කිරීම වඩාත් යෝග්‍ය බව කථානායක කාර්යාලය පවසයි.

පෞද්ගලික පංති නිසා අද නිර්මාණශිලිත්වයට ඉඩක් නෑ – ඇමැති මංගල

පෞද්ගලික පංති මත පදනම් වූ අධ්‍යාපනය ක්‍රමය තුළ කිසිදු නිර්මාණශීලිත්වයකට ඉඩක් නැති බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. වහලුන් සේ අධ්‍යාපනය ලබමින් විශ්වවිද්‍යාලය වෙත පිවිසීම හැර රාමුවෙන් පිටට ගොස් නව නිර්මාණ බිහි කිරීමට එමගින් දරුවන්ට අවස්ථාව හිමි නොවන බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.