22 September 2024

සංචාරක දිනය වෙනුවෙන් ඡායාරූප ප්‍රදර්ශනයක් 

OSl Magazine හි ප්‍රධාන ඡායාරූප ශිල්පී තරින්ද ඇල්විටිගලගේ ඡායාරූප ප්‍රදර්ශනය ලබන 27 වනදා ගාල්ල  මධ්‍යම සංස්කෘතික අරමුදලේ සමුද්‍ර කෞතුකාගාරයේදී  පැවැත්වීමට නියමිතයි. 

හරවත් පොත පත කියවීමට ජනතාව ඇබ්බැහි විය යුතු කාලයක් – අධ්‍යාපන ඇමති කියයි 

20 වැනි වරටත් සංවිධානය කරන ලද කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ විවෘත කෙරුණා.  කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ මෙම ප්‍රදර්ශනය පවත්වන අතර, ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය එය සංවිධාන කර තිබේ. 

ජොන්ස්ටන්ගේ නිදහස වෙනුවෙන් ආශිර්වාද පුජාවක් 

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට ආශිර්වාද පතා බෝධී පුජාවක් ලබන 25 වනදා බෞද්ධාලෝක විහාරයේ සිදු කිරීමට කටයුතු යොදා තිබේ.  හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ සමිපතයින් කියා සිටියේ මෙම ආශීර්වාද පුජාව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන බවයි. 

හිටපු ජනාධිපතිනියට සම්මානයත් 

ප්‍රංශයේ උසස්ම ගෞරව නම්බු නාම සම්මානය සඳහා හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය හට හිමිව ඇත. මේ ගෞරව සම්මානය පාත්‍රවන ප්‍රථම ශ්‍රී ලාංකිකයා ඇය වේ. ප්‍රංශ ජනරජයේ ජනාධිපති එමැනුවෙල් මැක්රෝන් වෙනුවෙන් ප්‍රංශයේ ශ්‍රී ලංකාව හා මාලදිවයින තානාපතිවරයා  මේ ගෞරව සම්මානය ප්‍රංශ තානාපති නිවසේ දී විශේෂ උත්සවයක් පවත්වමින් ඊයේ (20 ) ප්‍රදානය කෙරිණි. 

පිඩාවට පත් වුවන්ට කඩිනමින් සහන දෙන්න – ජනපති 

දිවයිනේ දිස්ති‍්‍රක්ක රැසකට බලපා ඇති දැඩි වියළි කාලගුණය හේතුවෙන් පීඩාවට පත්වූ ජනතාවට සහන සැලසීමේ කටයුතු ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ උපදෙස් මත මේ වන විට කඩිනම්ව කි‍්‍රයාවට නංවා තිබේ.

ශ්‍රීලනිප ආසන සංවිධායක ධුරය 16 කට්ටියට අහිමි වෙයි 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරුන් ලෙස කටයුතු කළ සුසිල් ප්‍රේමජයන්ත්, චන්දිම වීරක්කොඩි, ටී.බී ඒකනායක, අනුර ප්‍රියදර්ශන යාපා, ජෝන් සෙනෙවිරත්න, ලක්ෂ්මන් යාපා අබේවර්ධන යන මන්ත්‍රීවරු එම ධුරවලින් ඉවත් කර තිබේ. 

දේශීය බඩඉරිඟු ගොවියා දැඩිව ආරක්ෂා කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් වැඩපිළිවෙලක්

දේශීය බඩඉරිඟු ගොවියා ආරක්ෂා කිරීම සඳහා ගත හැකි සියලුම ක්‍රියාමාර්ග රජය වශයෙන් ගැනීමට සූදානම් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ වාර්ෂිකව මෙරටට ආනයනය කරනු ලබන බඩඉරිඟු නිසා දේශීය ගොවියා අකර්මන්‍ය වීම වැළැක්වීම සඳහා විශේෂ සාකච්ඡාවක් අද (20) දින කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැති අවස්ථාවේදිය.

චීනය අතර නව ව්‍යාපාර අවස්ථා පුළුල් කෙරේ – හයිරෝන්ං සමුහයේ සභාපති පාන් ලියෝංග්

චීනය ලෝකයේ කර්මාන්ත ශාලාව බවත් ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා පුළුල් කිරීමට චීනයෙන් සහාය හිමි වන බව හයිරෝන්ං සමුහයේ සභාපති පාන් ලියෝංග් මහතා පවසයි. 

තොරතුරු සතිය හෙට සිට ක්‍රියාත්මකයි 

සැප්තැම්බර් 28 දිනට යෙදෙන ජාත්‍යන්තර තොරතුරු දැනගැනීමේ දිනයට සමගාමීව ”තොරතුරු සතිය” ප්‍රකාශයට පත් කර ඇති අතර හෙට සිට (21) සිට තොරතුරු සතිය නිල වශ්යෙන් ක්‍රියාත්මක වන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ( සංවර්ධන හා සැලසුම් ) තිලකා ජයසුන්දර මහත්මිය පවසයි. 

ඇමැති රාජිත 22 ක ජිනිවා යයි 

එක්සත් ජාතීන්ගේ සැසිවාරයට සමගාමීව පැවැත්වෙන ක්ෂය රෝගය මර්දනය කිරිම සහ බෝනොවන රෝග පාලනය කිරීම පිළිබද ජගත් සමුළුවට සහභාගිවීම සදහා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ලබන සෙනසුරාදා (22) ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර බලා පිටත්ව යාමට නියමිතය.