මිලාන් නුවරදී ශ්‍රී ලාංකිකයා ගැන විදේශ කටයුතු අමාත්‍යංශයෙන් පැහැදිලි කිරීමක්
යෞවනයන් සිවු දෙනකු නීති විරෝධීව ඉතාලියට රැගෙන ඒමට උත්සාහ කළේය යන චෝදනාව මත රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් හිමි ශ්‍රී ලාංකිකයකු මිලාන් නුවර මල්පෙන්සා ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගත් බවට පළවූ ඉතාලි මාධ්‍ය වාර්තාවලින් අනතුරුව, එහි සත්‍ය අසත්‍යබව තහවුරු කරගැනීම පිණිස වහාම විමර්ශනයක් ආරම්භ කළ බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.