22 September 2024

ජාතික සෞඛ්‍ය පර්යේෂණ සභාවක් ස්ථාපිත කිරීමට අනුමැතිය 

ජාතික සෞඛ්‍ය පර්යේෂණ සභාවක් ස්ථාපිත කිරිමට තීරණය කර ඇති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි. ඒ සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී ඇති බව අමාත්‍යවරයා පවසයි.

දුම්කොළ භාවිතය අවම කොට කංසා නීතිගත කිරීම අගය කරනවා –  තුසිත බාලසූරිය 

  දුම්වැටි භාවිතය පහළ යෑම නිසා රජයට විශාල ආදායමක් අහිමිව ඇති අවස්ථාවක යහපත් අරමුණු වෙනුවෙන් කංසා වගාව නීතිගත කිරීම පිළිබඳ රජයේ අවධානය යොමුවීම අගය කළ යුතු බව සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ලේකම්  තුසිත බාලසූරිය මහතා පවසයි. 

ඔය කාපු දීගේ ඇති – එස්.බී කියයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂ හා එක්ව කාපු දීගය ඇති බව හිටපු අමාත්‍ය එස්.බී.දිසානායක මහතා පවසයි. ඔහු අද (13) පැවැති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ ජනාධිපතිවරයයා විසින් අද කැඳ වු හදිසි කැඳවීම තුළින් ආණ්ඩුවේ සම්බන්ධයෙන් උපකල්පනයක් ගත හැකි බවයි. මෙවැනි දෙයක් මීට පෙර සිදු වුයේ එක් වරක් පමණක් බවත් ඔහු කියා සිටියේය.

නුවර ගැටුම  බුද්ධි අධ්‍යක්‍ෂකගේ කරට දැමිමේ සැලසුමක් ගැන හෙළිදරව්වක් 

පසුගියදා මහනුවර පැවැති ගැටුම සම්බන්ධයෙන්  රාජ්‍ය බුද්ධි අධ්‍යක්‍ෂවරයා විසින් මෙහෙයුවක් බව පවසන ලෙස  නියෝජ්‍ය පොලිස්පතිවරයකු තමාට පැවැසූ බව දූෂණ විරෝධී බළකායේ මෙහෙයුම් අධ්‍යක්‍ෂ නාමල් කුමාර මහතා  පවසයි. 

කාම්බෝජයේ ශ්‍රී ලාංකීක ව්‍යාවසායකයින්ටත් අවස්ථා – අගමැති 

ශ්‍රී ලාංකේය ව්‍යවසායකයන්ට කාම්බෝජයේ ව්‍යාපාර ආරම්භ කරලීම සඳහා පැමිණෙන මෙන් ආරාධනා කළ කාම්බෝජ අග්‍රාමාත්‍ය හුන් සෙන් (H.E. Hun Sen) මහතා ඒ සඳහා සියළු පහසුකම් ලබා දීමට තම රජය කැමැත්තෙන් සිටින බව ද පැවසීය.

යාපනයේ නොවිසඳුණු ප්‍රශ්න 180,000ක් බව ඇමැති වජිර කියයි 

යාපනය දිස්ත්‍රික්කයේ නිල මෙහෙවර වැඩසටහන ආරම්භවීමත් සමගම මෙතෙක් නොවිසඳුණු ගැටළු 180,000කට ආසන්න ප්‍රමාණයක් හඳුනාගෙන ඇති බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි. එම ගැටලු විසඳීම සඳහා යාපනය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය නිල මෙහෙවර වැඩසටහන් 15ක් ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් ක්‍රියාත්මක කරනු ලබන අතර දැනටමත් එවැනි ප්‍රාදේශීය නිල මෙහෙවර වැඩසටහන් හතරක් පවත්වා අවසන් බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා […]

අල නිෂ්පාදනය වැඩි කරන්න ඉන්දියාවේ තාක්ෂණය මෙරටට 

ශ්‍රී ලංකාවේ අර්තාපල් නිෂ්පාදනය 80% කින් ඉහළ නැංවීම සඳහා නව තාක්ෂණය හඳුන්වා දීමට ඉන්දීය සමාගමක් එකඟතාව පළ කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.  ශ්‍රී ලංකාවේ දැනට හෙක්ටයාරයකින් ලබා ගන්නා අස්වනු ප්‍රමාණය  මෙ.ටො. 4 ක් පමණ වන නමුත් හෙක්ටයාර 01 කින් ලබාගන්නා අර්තාපල් අස්වනු ප්‍රමාණය මෙ.ටො. 13 දක්වා ඉහළ නැංවිය හැකි නව තාක්ෂණය සහ අර්තාපල් ප්‍රභේද හඳුන්වා දීමට […]

කුණු කදුවලින් ඔළුව උස්සපු ආණ්ඩුවක් අපි – ජනපති කියයි

ජාත්‍යන්තර වශයෙන් රටට එරෙහිව පැවති කුණු කඳු රැසක් ඉවත් කිරීමට වර්තමාන ආණ්ඩුවට හැකිවූ බවත් කුණු කදුවලින් ඔළුව උස්සපු ආණ්ඩුව තම ආණ්ඩුව බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

තාක්ෂණය දියුණු වීමෙන් රැකියා අහිමිවනවා – තරුණ පිරිස් අතර සමික්ෂණයකින් හෙළි වෙයි 

සිංගප්පූරුවේ සිටින තරුනයින්ගෙන් සියයට 53 ක් පමණ තාක්ෂණය දියුණුවීම හේතුවෙන් රැකියාවන් අඩුවන ඇති බව විශ්වාස කරන බව todayonline වාර්තා කරයි. විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ ලෝක ආර්ථික සංසදය (වොර්ල්ඩ් ඒකොනොමික් ෆොරුම්) හා SEA අන්තර්ජාතික  සමාගම විසින් කරන ලද නව සමීක්ෂණයක් මගින් මෙය අනාවරණ කරගෙන ඇති බවයි.

මම කැමැති වුණාට ! මෛත්‍රි මට කැමැති නෑ – මහින්ද ඉන්දියාවේදී කියයි 

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තමා සමඟ එක්ව වැඩ කිරීමට අකමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.  හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ද හින්දු පුවත්පත සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්.