22 September 2024

ග්ලයිෆොසෙට් තහනම් කළ යුතුයි – ඇමැති රාජිත කියයි

ග්ලයිෆොසෙට් සම්බන්ධයෙන් ඇමරිකානු අධිකරණ ලබාදුන් තීන්දුවට අනුව සෑම රටකටම ග්ලයිෆොසෙට් තහනම් කිරීමට සිදු වන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

විදෙස්ගතවන ශ්‍රී ලාංකිකයන්ගේ ලේකන සහතික කිරීම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සිට

විදෙස්ගතවන ලාංකිකයන් ඒ සඳහා ඉදිරිපත්කළ යුතු අනිවාර්ය ලේඛනයන්හි සත්‍යතාව තහවුරුකර ගැනීමේ ක්‍රියාවලිය ප්‍රාදේශීය ‌ලේකම් කාර්යාලයේ දී කරගැනීමට හැකිවන ”ඉලෙක්ට්‍රොනික ලේඛන සත්‍යාපනය” වැඩසටහන සඳහා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය හා විදේශ කටයුතු අමාත්‍යාංශය ගිවිසුමක් අත්සන් කෙරිණි.

සිංගප්පූරු ගිවිසුම හරහා ලංකාවට විකිරණ ගේන්න කිසිසේත්ම විදිහක් නෑ – ඇමැති චම්පික

සිංගප්පූරු ගිවිසුම හරහා ලංකාවට විකිරණ ගේන්න කිසිසේත්ම විදිහක් නොමැති බවත් අද සියළුම ආකාරයේ විකිරණ පරික්‍ෂණ කිරීම සඳහා අවශ්‍ය කරන පසුබිම අපේ පරමාණු බලශක්ති අධිකාරියට තිබෙන අතර මෙය සම්පූර්ණයෙන්ම මිනිසුන් බය කිරීම සඳහා සිදු කරන අසත්‍ය ප‍්‍රචාරයක් බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

‘දැන් හොඳටම ඇති ගෙදර යන්න’- විමල් ආණ්ඩුවට කියයි

මේ පරගැති හිඟන ආණ්ඩුවට මේ විදිහට යන්න දීලා නිහඬව බලා සිටීමට මේ රටට ආදරය කරන කිසිවකුටත් බැරි බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් විරවංශ මහතා පවසයි. මාධ්‍ය හමුවක් අමතමින් විරවංශ මහතා පවසා සිටියේ අපට නාමමාත‍්‍රික විපක්ෂ භූමිකාවක් රඟදක්වමින් සිටින්නට බැරි බවයි.

රජයේ රස්සාවල් දෙන එක පාපයක් – ඇමැති මංගල කියයි

ජනතාව දේශපාලනඥයාගේ ඉඳුල් කන යුගය අවසන් කර අනාගතය තමන් අතට ගන්නා යුගය අවසන් ආරම්භ වී ඇතැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. රැකියාවක් සොයා ඇමැතිවරුන්ගේ කාර්යාල ඉදිරිපිට තරුණ තරුණියන් රැස්ව සිටි යුගය අවසන් කළ යුතුව ඇති බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද වින්දිතයන්ගේ ජාත්‍යන්තර දිනය සැමරෙයි

අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය විසින් සකස් කරන ලද අතුරු නිර්දේශ සහිත අතුරු වාර්තාවක් එළි දක්වමින් බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද වින්දිතයන්ගේ ජාත්‍යන්තර දිනය ලබන 30 වන දින අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය විසින් සැමරීමට නියමිතය.

ජනපතිගේ කිසිදු ඥාතියෙක් විදෙස් සේවයේ නෑ

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ කිසිදු ඥාතියෙක් විදේශ සේවයට සම්බන්ධව කටයුතු නොකරන බව ජනපති මාධ්‍ය අංශය පවසයි. ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ පවුලේ කිසිදු සාමාජිකයෙක් හෝ සමීප ඥාතියෙක් ලෙස සැලකෙන කිසිදු පුද්ගලයෙක් ශ‍්‍රී ලංකා විදේශ සේවයට සම්බන්ධ වී කටයුතු නොකරයි.

ඉම්රාන් ඛාන් පාකිස්ථානයේ අගමැති ලෙස දිවුරුම් දෙයි

හිටපු ක්‍රිකට් ක්‍රිඩක ඉම්රාන් ඛාන් පාකිස්ථානයේ 22 වන අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දී ඇත. විදෙස් මාධ්‍ය වාර්තා කළේ පාකිස්ථානයේ ඊයේ පැවති ජාතික රැස්වීමේදී පැවැත්වූ ඡන්දයකින් අනතුරුව ඉම්රාන් ඛාන්ට අගමැති ධූරය සඳහා 176 දෙනෙකුගේ සහය ලැබිණි.

ගම්පෙරළිය, එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන් මඟින් ශ්‍රී ලංකාව ඉන්දියාවේ කේන්ද්‍රස්ථනයක් කරනවා

ගම්පෙරළිය, එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන් ක්‍රියාත්මක කරමින් පුළුල් සංවර්ධන සැලැස්මක් ඔස්සේ ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථාය බවට පත්කිරීම රජයේ අරමුණ වී තිබෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

රනිල් දක්ෂ නායකයෙක් – ඇමැති නවින් කියයි

හොට්ටුව ගෝත්‍රවාදී පවුල්වාදී දේශපාලන ව්‍යාපාරයක් බව ඔවුන්ගේ ක්‍රියා කළාපයෙන්ම මේ වන විට සනාථ වී තිබෙන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (16) අරලියගහ මන්දිරයේ පැවැති ග්‍රාමිය යටිතල පහසුකම් සංවර්ධනය කිරිමේ විශේෂ වැඩසටහනට සහභාගී වෙමින්.