22 September 2024

ආණ්ඩුව සීමානිර්ණ වාර්තාවට විරැද්ධවීම ලැජ්ජා නැති වැඩක් – කැෆේ සංවිධානය පවසයි

පළාත් සභා ඡන්ද විමසීම කල් දමා ගැනීම සදහා ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සීමා නිර්ණය කමිටු වාර්තාව පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීම වැලැක්වීමට කටයුතු කිරීම ලැජ්ජා නැති වැඩක් යැයි කැෆේ සංවිධානය පවසයි.

රජයේ සංවර්ධන සංග‍්‍රාමය වෙනුවෙන් ‘සංවර්ධන වාසනාව’ විශේෂ ලොතරැයියක්

  රට තුළ වර්තමානයේ ක්‍රියාත්මක වන විවිධ සංවර්ධන සංග‍්‍රාමයන් වෙනුවෙන් සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් “සංවර්ධන වාසනාව”  විශේෂ ලොතරැයියක් පසුගියදා වෙළදපලට නිකුත් කෙරුණි. ඌව වෙල්ලස්ස සංවර්ධනය ‍සනිටුහන් කරමින්  මොණරාගල පවත්වන ගම්පෙරළිය ප‍්‍රදර්ශනයට සමගාමීව මෙම ලොතරැයිපත අලෙවි කිරීමේ කටයුතු සැලසුම් කර ඇති බව සංවර්ධන ලොතරැයි මණ්ඩලය තවදුරටත් සදහන් කරයි.

අපේ රටේ ආණ්ඩුව දීනයි – ජවිපෙ විජිත කියයි

ඕනෑම රටක ආණ්ඩුවක් තමන්ගේ ජාතික වුවමනාව තේරුම් ගනිමින් එයට ප‍්‍රමුඛතාවය දෙන නමුත් අපේ රටේ ආණඩුව ඉතාම දීනවෙලා ඇමරිකාව, චීනය, ඉන්දියාව, ජපානය වැනි රටවල වුවමනාවන් ඉටුකරන තත්වයකට පත්වෙලා තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි.

පළාත් සභා සීමා නිර්ණය වාර්තාව පිළිබඳ අද පක්ෂ නායක රැස්වීමක්

පළාත් සභා සීමා නිර්ණය වාර්තාව පිළිබඳ පක්ෂ නායක රැස්වීමක් අද (23) දින පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වීමට නියමිතයි.  එහිදී එළඹෙන පලාත් සභා මැතිවරණය සහ සීමා නිර්ණ වාර්තාව පිළිබඳව විවාදය සම්බන්ධයෙන් අවධානය යොමුවනු ඇත.

වාරි ක්ෂේත‍්‍රයේ පුළුල් පරිවර්තනයක් සිදු කරනවා – ජනපති

රට ගොඩනගන සංවර්ධන වැඩපිළිවෙළේදී ගොවි ආර්ථිකය නඟා සිටුවන සංවර්ධන ව්‍යාපෘතිවලට ප‍්‍රමුඛත්වයක් ලබා දෙන්නේ මේ රට ගොඩනැගිය හැකි නිවැරදි මාවත කෘෂිකර්මාන්තය නිසා බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසයි.

ශ්‍රී ලංකාව සහ ජපානය අතර ආරක්ෂක අවබෝධතා ගිවිසුමක්

ශ්‍රී ලංකාව සහ ජපානය අතර ආරක්‍ෂක සබදතා තර කර ගැනීමට ක්‍රියා කරමින්, දෙපාර්ශවය අතර ආරක්‍ෂක අවබෝධතා ගිවිසුමක් ඇති කර ගැනීමේ වැදගත්කම ගැන ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ජපාන ආරක්‍ෂක අමාත්‍ය ඉත්සුනොරි ඔනොදෙරා (Hon. Itsunori Onodera) මහතා අතර ඊයේ  (21) අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවේ දී අවධාරණය කෙරිණි.

සබරගමුවේ 12කට එන්ටර්ප‍්‍රයිස් ශ්‍රී ලංකා යටතේ ලංකා බැංකු තුරුණු දිරියෙන් ණය

යොවුන් ව්‍යවසායකයින් නගා සිටුවීම අරමුණ කරගනිමින් එන්ටර්ප‍්‍රයිස් ශී‍්‍ර ලංකා ව්‍යාපෘතිය යටතේ අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ ප‍්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය සහ ජාතික ප‍්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශයේ මධ්‍යම ව්‍යාපෘති කළමනාකරණ ඒකකයේ මැදිහත්වීම මත ක‍්‍රියාත්මක කරයි. 

OSL Magazine ප්‍රථම පිටපත ජනපතිට පිළිගන්වයි 

TTV Media Hub ( Pvt) Ltd ආයතනය මඟින් ප්‍රකාශයට පත් කරනු ලබන OSL සඟරාවේ ( OSL Magazine) ප්‍රථම පිටපත එම ආයතනයේ කලමණාකාර අධ්‍යක්ෂක බන්දුල විතානාරච්චි මහතා විසින් පසුගියදා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත පිළිගැන්විය.

බරපතල ආපදාවකට මුහුණ දීමට රජය සුදානම් – රාජ්‍ය ඇමැති පාලිත කියයි

ආපදා අවදානම හමුවේ ඊට මුහුණ දීමේ අවස්ථාවන්ද ප‍්‍රවර්ධනය කළ යුතු බවත්, ඒ කෙරෙහි රජය මූලික අවදානයක් යොමු කර ඇති බවත් වාරිමාර්ග, ජල කළමනාකරණ හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

ජපානය හා ශ්‍රී ලංකාව අතර සමුද්‍රිය ආරක්ෂාව තවදුරටත් ශක්තිමත් කෙරේ

ජපානය සහ ශ‍්‍රී ලංකාව අතර පවතින සමුද්‍රීය ආරක්ෂාව පිළිබඳ සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳ අවධානය යොමු වෙයි. දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ජපාන ආරක්ෂක අමාත්‍ය ඉට්සුනොරි ඔනොඩේරා (Itsunori Onodera) මහතා සහ ජනාධිපති මෛත්‍රිපාල මෛත්‍රිපාල සිරිසේන මහතා අතර හමුව අද (21) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණු අතර එහිදී මේ පිළිබඳව විශේෂ සාකච්ඡාවට ලක් විය.