22 September 2024

CICA ට ශ්‍රී ලංකාවත් එක්වෙයි

ශ්‍රී ලංකාව, ආසියාවේ අන්තර් ක්‍රියා හා විශ්වාසය ගොඩනැංවීමේ පියවර පිළිබඳ සමුළුවේ (CICA) සාමාජික රාජ්‍යයක් බවට පත්ව ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි. එම අමාත්‍යංශය නිවේදනය කලේ ආසියාවේ අන්තර් ක්‍රියා හා විශ්වාසය ගොඩනැංවීමේ පියවර පිළිබඳ සමුළුවේ (CICA) සාමාජික රාජ්‍ය 26 විසින් 2018 අගෝස්තු 15 වැනි දින ශ්‍රී ලංකාව එහි සාමාජික රාජ්‍යයක් ලෙස ඒකමතිකව පිළිගනු ලැබු බවයි.

ගුරුවරුන්ගේ වැටුප් වැඩි කරනවා මිස කප්පාදු කරන්නේ නෑ – ඇමැති අකිල

නිවාඩු කාලවලදී ගුරුවරුන්ගේ වැටුප් නතර කිරීමට අධ්‍යාපන අමාත්‍යවරයා පියවර ගැනීමට සූදානම් වන බව දක්වමින් සමාජ ජාල මාධ්‍යවල සහ වෙබ් අඩවි කිහිපයක පල වී තිබූ අසත්‍ය පුවත පිළිබද නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

වස විසෙන් තොර දේශීය ආහාර සැපයීමට ලංකා සතොසෙන් අලුත් වැඩක්

විෂ රසායනිකයන්ගෙන් තොර දේශීය සහල්, එළවලු හා පලතුරු පාරිභෝගිකයින්ට අලෙවිකිරීමේ නව වැඩසටහනක් ලංකා සතොස හරහා ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තුවන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

ඥානසාර හිමියන්ගේ සැත්කම කල් යයි

බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලබොඩ අත්තේ ඥානසාර හිමියන්ට හට ලබා දුන් අධිකරණ තීන්දුවට අභියාචනාවක් ඉදිරිපත් කිරීම ලබන 29 වනදා සිදු කරන බව එම පක්ෂයේ එම සංවිධානයේ ප්‍රධාන විධායක ආචාර්ය ඩිලන්ත විතානගේ මහතා පවසයි.

අවුරුදු 3 ට කිසිම මාධ්‍යවේදීයෙක් ගුටි කෑවෙත් නෑ – ඇමැති අජිත්

රාජපක්ෂ පාලනය යුගයට වඩා අද වන විට ජනමාධ්‍යවේදීන්ට නිදහස ඇති බවත් රට තුළ මාධ්‍ය නිදහස සුරක්ෂිතව පවතින බව රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (16) සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

වාර්තාවෙන් පසු ඒකාබද්ධය දැඩි දේශපාලන තීන්දුවක් ……! ගනි

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම පාර්ලිමේන්තුවේ ස්වාධීන වීම පිළිබඳ සොයා බැලීමට සඳහා පත් කරනු ලැබු විශේෂඥ කමිටුවේ වාර්තාව ලැබුණු පසු දේශපාලන තීරණයක් ගැනීමට සූදානම් බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමු‍ණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි.

විභාගය කාලවල ප්‍රවාහන වර්ජකයින්ට ගැන ඇමති අකිල කතා කරයි

දරුවන්ගේ ජීවිතයේ තීරණාත්මක කඩඉමක් වන උ.පෙළ විභාගය පැවැත්වෙන කාලයේ ඇතැම් කණ්ඩායම් දේශපාලන න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කරමින් රජය සහ මහජනතාව අපහසුතාවයට පත් කිරීම සඳහා විවිධ වැඩ වර්ජන ක්‍රියාත්මක කරමින් සිටින බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

මහින්දගේ කරෙන් ගෝඨා ජනපති වෙන්න බැලුවේ – මන්ත්‍රී නලින් කියයි

හිටපු ආරක්ෂ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා, හිටපු මහින්ද රාජපක්ෂගේ මහතාගේ පිටින් ජනපති වීමේ සැලසුමක් තිබු නමුත් එය මේ වන විට ව්‍යාර්ථ වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රි නලින්ද ජයතිස්ස මහතා පවසයි.

පොහොර දුෂණ වැඩිම අම්පාර , අඩුම යාපනයේ බව ඇමැති මහින්ද කියයි

පොහොර බෙදා හැරීමේ දී සිදුවන දූෂණ හා වංචා නැති එකම දිස්ත්‍රික්කය යාපනය දිස්ත්‍රික්කය බවත්, වැඩිම දූෂණයක් සිදුවන්නේ අම්පාරේ දිස්ත්‍රික්කය තුළ බවත් රහස්‍ය වාර්තාවකින් හෙළි වී තිබෙනවා යැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

ව්‍යාපාරිකයින් එක්ව ශ්‍රී ලංකා ආර්ථිකය ශක්තිමත් කරනවා – ඇමැති රිෂාඩ්

අප රටේ පෞද්ගලික ව්‍යාපාරික අංශය, පොදු – පෞද්ගලික හවුල්කාරීත්වය සමග එක්ව ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය සවිමත් කිරීම සඳහා සුවිශාල මෙහෙවරක් ඉටු කරන බවත්, එම නිසාම අපගේ කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්ට මේ සඳහා හවුල් වන ලෙසට දිරිමත් කරන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා පවසයි.