ඩිලාන්ගේ හිනා කතාවලට මම උත්තර දෙන්නේ නෑ – ඇමැති දුමින්ද
හිටපු අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතාගේ කතාවලට පිළිතුරු ලබා දීමට තමාට අවශ්‍ය නැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක, අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ අනුරාධපුරයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින්.