21 September 2024

ඡන්දේ කල් දාන කුමන්ත්‍රණයක් – ඇමැති හකීම්

ආණ්ඩුව මැතිවරණය කල් දැමිමේ කුමන්ත්‍රණයක් දියත් කර ඇති බව ආණ්ඩුව පළාත් පාලන මැතිවරණය කල් දැමීමේ කුමන්ත්‍රණයක නිරත වී සිටින බව අමාත්‍ය රවුෆ් හකීම් මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (05) මහනුවර පැවති උත්සවයක් අමතමින්.

ඕනෑම අභියෝගයකට සූදනම් – ඉරානය

ගල්ෆ් කලාපය තුළ පසුගිය දින කිහිපය තුළදී යුද අභ්‍යාස රැසක් සිදු කළ බව ඉරානයේ විප්ලවීය හමුදා කන්ඩය නිවේදනය කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම වාර්තා සදහන් කර සිටියේ සතුරන්ගෙන් එල්ල විය හැකි ඕනෑම අභියෝගයකට මුහුණ දීමේ අරමුණින් මෙම යුද අභ්‍යාස සිදු කරන බවයි විප්ලවීය හමුදාව සදහන් කොට ඇති බවයි.

සමෘද්ධිය තිබ්බේ වෙනම ආණ්ඩුවක් වගේ – ඇමැති ගයන්ත

පසුගිය කාල වකවානුවේ සමෘද්ධිලාභීන් තෝරා ගැනීමේ දි සිදුවු අක‍්‍රමිකතා හේතුවෙන් ලක්ෂ ගානක් දුප්පත් ජනතාවට අසාධාරණයක් සිදු වු බවත් වෙනම ආණ්ඩුවක් මෙන් තමයි සමෘද්ධිය පාලනය වුනේ බව අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.

වහල්භාවය නැති කළ යුතුයි – ඇමැති රාජිත 

අපේ රටේ ඇතැම් පුද්ගලයින් සතුව තිබෙන්නේ වහල් සිතුම් පැතුම් බවත් අපේ රජය පෙරලා දමා එන්න හදන්නෙත් වහල් සිතුම් පැතුම් තිබෙන පුද්ගලයින් පිරිසක් බවත් අපි ආරම්භ කළ වැඩිපිළිවෙල සමහරුන්ට තේරෙන්නේ නැති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

ඩී එස් අයි වොලිබෝල් ශූරතාව වෙන්නප්පුව ධම්මිස්සරයට

ඩී එස් අයි super sport අන්තර් පාසල් වොලිබෝල් තරගාවලියේ අවසන් තරග ඊයේ (04) මහරගම තරුණ සේවා සභාව පරිශ්‍රයේදී පැවැත්වුණා . ඒ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා, අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ඇතුළු මැති ඇමැතිවරු කිහිපදෙනෙකුගේ සහභාගිත්වයෙන් .

අපේ ඉන්නේ කගෙ හරි පස්සේ ගිහින් කියන දේ කරන පිරිසක්

ලංකාවේ නායකයෝ නායිකාවෝ නොමැති බවත් අපේ රටේ වැඩි හරියක් ඉන්නේ කවුරුන් හෝ පසු පස ගොස් කවුරුන් හෝ කියන දේවල් කරන පිරිසක් යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

සිංදු නැති වුණාට දැනෙන දෙයක් අපි කළා

අද පන්සල්වලට ගිහින් ස්වාමීන් වහන්සේලාටත් වඩා බෞද්කම සිංහලකම ගැන කථා කරන අයට එදා මේ රට මත් ද්‍රව්‍ය මධ්‍යස්ථානයක් වෙන එක නවත්වන්න බැරි වු බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පවසයි.

ජොබ් දෙන වැඩෙන් ආණ්ඩුවට ගැලවීමක් නෑ

සියලූ රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබාදීමේ ජාතික වගකීමෙන් ආණ්ඩුවට ගැලවීමක් නොමැති බව ජාතික නිදහස් පෙරමුණ නායක විමල් විරවංශ මහතා පවසයි. ඒ මහතා මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ මීට වසර තුනකට පෙර නව රැකියා අවස්ථාවන් දසලක්ෂයක් උත්පාදනය කිරීමට දසඅතේ පොරොන්දු වී බලයට ආ මේ වැඩබැරි ආණ්ඩුව අවම තරමින් රැකියා විරහිත උපාධිධාරීන් පිරිසට හෝ රැකියා […]

සිම්බාබ්වේ ජනපති ධුරයට එමර්සන් මනන්ගග්වා පත් වෙයි

සිම්බාබ්වේ ජනාධිපතිවරණයෙන් වත්මන් ජනාපධිපති එමර්සන් මනන්ගග්වා ජයග්‍රහණය කර තිබේ. විදෙස් මාධ්‍ය සඳහන් කළේ සමස්තයක් වශයෙන් සියයට 50.8ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් බවයි.  ප්‍රතිවාදී නෙල්සන් චමීසාට ලබා ගැනීමට හැකි වූයේ, 44.3%ක් පමණක් බව ද විදෙස් මාධ්‍ය සඳහන් කර සිටි.

ක්‍රීඩා පනතේ නියෝග මාලාව සංශෝධනය පිළිබද සාකච්ඡාව

ක්‍රීඩා සංගම්වල නිළධාරීන් පත් කර ගැනීමේදී පවත්වනු ලබන ඡන්ද විමසීමේදී දැනට සිදුවන හදුනාගත් අකටයුතුකම් අවම කිරීමේ ක්‍රමවේදයක් සකස් කර ගැනීම හා ඊට අවශ්‍ය ක්‍රීඩා පනතේ නියෝග මාලාව සංශෝධනය කිරීම සම්බන්ධව අදහස්, යෝජනා ගැනීමට කටයුතු යොදා ඇත.