කිසිම වංචාවක් වෙන්න ඉඩ තියන්නේ නෑ – ජනපති
දූෂණයට, වංචාවට සහ නාස්තියට විරුද්ධ අයෙකු ලෙස වත්මන් සංවර්ධන වැඩපිළිවෙළේ දී කිසිදු අක්රමිකතාවයකට ඉඩ තබා නොමැති බව ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා පවසයි. වත්මන් සංවර්ධන වැඩපිළිවෙළ රටේ ජනතාවගේ සුබසාධනය සඳහා මිස දේශපාලනඥයින්ගේ සාක්කු පුරවා ගැනීමට නොවන බව ජනාධිපතිවරයා අවධාරණය කරයි.