21 September 2024

විරාට් කෝලි ශ්‍රේණිගත කිරීමේදී ඉදිරියට

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ටෙස්ට් පිතිකරු ශ්‍රේණි ගතකිරීම් ලැයිස්තුවේ පෙරමුණ ගැනීමට ඉන්දීය නායක විරාට් කෝලි සමත්වී ඇත. ඒ, 2011 වසරේදී සචින් තෙන්ඩුල්කාර් පළමු ස්ථානයට පත්වීමෙන් පසු එම ලැයිස්තුවේ පෙරමුණ ගත් ක්‍රීඩකයා විරාට් කෝලි වීම විශේෂත්වයක්.

සුළු ජාතීන්ගේ විශ්වාසය කඩන්න එපා – ඇමැති රිෂාඩ් ජනපතිට කියයි

පසුගිය ආණ්ඩු සමයේ සුළු ජාතිකයින් කොන් කිරීමේ උත්සාහයක් පැවැති බවත්,එම තත්වය නැතිකිරීමේ අරමුණින් මෙරට සුළු ජාතීන් මෛත්‍රීපාල සිරිසේන මහතා මෙරට ජනාධිපති කරවීමට උපරිම අයුරින් කැපවූ බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

2050 දී කාලගුණය නිසා ලංකාවට මොකද වෙන්නේ ?

2050 වන විට ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාත තුළ උෂ්ණත්වය ඉහළ යන විට පුද්ගලයින්ගේ ජීවන තත්වයන් සියයට 7.5 ක් ද ලංකාවේ සමස්තයක් වශයෙෙන් 10 % පහත වැටීමක් දැකිය හැකි වනු ඇති බව ලෝක බැංකු වාර්තා සඳහන් කරයි.

ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ නව සිව්මහල් ගබඩා සංකීර්ණය විවෘත කෙරේ

ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ අලූතින් ඉදිකරන ලද සිව්මහල් ගබඩා සංකීර්ණය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් අද (06) පෙරවරුවේ විවෘත කෙරිණි. ආයුර්වේද ඖෂධ මිලදී ගැනීමේ මධ්‍යස්ථාන හරහා මිලට ගනු ලබන වියළි ඖෂධ සහ නිෂ්පාදිත ඖෂධ ගබඩා කිරීම සදහා මෙම නව ගබඩා සංකීර්ණය ඉදිකර තිබේ.

අප්‍රසන්න තැනක් මට දුන්නේ – ඇමැති තලතා

අපිට හිත පාලනය කර ගන්න පුළුවන් නම් එල්ලුම් ගහක් ඕන නැති බවත් හැදිච්ච ශීලාචාර ජාතියක් ලෙස මනුෂ්‍යයෝ හැටියට හරි දේ කරන්න ඒක වෙච්ච නැති නිසා තමයි විනාශ ගොඩකට මේ රට අර ගෙන ගිහිං තියෙන්නේ බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය පවසයි.

ආණ්ඩුවත් , අමෙරිකාවත් ගෝඨාභයට භයයි

ඒකාබද්ධ විපක්ෂය ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස පත්විය යුත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතා බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ අනුරාධපුරයේ පැවති ජනහමුවක් අමතමින්.

ඉදිකිරීම් කඩිනම් කරන්න නිලධාරින්ට ඇමැති කබීර්ගෙන් උපදෙස්

මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියරේ ඉදිකිරීම් කඩිනමින් සිදු කරන ලෙස මහාමර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා නිලධාරින්ට උපදෙස් ලබා දී තිබේ. අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා එහි නිරික්ෂණ චාරිකාවකට එක් වු අවස්ථාවේදීය. 

ගොවින්ට හිඟයක් නැතිව වතුර දෙනවා – ඇමැති මහින්ද

“වැව් දහසක්- ගම් දහසක්” වැඩපිළිවෙළ යටතේ අපේ රටේ නටබුන් බවට පත්වෙමින් තිබෙන මහා වැව් පද්ධතිය යළි ප්‍රතිසංවර්ධනය කර අපේ ගොවි ජනතාවට දෙකන්නයම වගා කළ හැකි වන අයුරින් ජලය ලබා දීමට අවශ්‍ය පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. 

ඉන්දුනීසියා භූ චලනයෙන් 82ක් මරුට

ඉන්දුනීසියාවේ හටගත් භූ චලනයෙන් පුද්ගලයන් 82 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම වාර්තා සඳහන් කළේ මියගිය අයගෙන් බහුතරයක් වාර්තාවී ඇත්තේ ලොම්බොක් දිවයිනේ බටහිර සහ උතුරු ප්‍රදේශවලින් බවයි.

ආණ්ඩුව ගත්තේ ටයිකාරියින්ට හොරකම් කරන්න නෙමෙයි

මැතිවරණ සමයේදී ගම් බිම් වල ඇවිද දාඩිය මහන්සියෙන් කැප කිරීම් කර ආණ්ඩුවක් පත් කර ගත්තේ එක එක නායකයෝ පස්සේ ඉන්න ටයි කාරයින්ට හොරකම් කරන්නට නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පවසයි.