24 September 2024

කැබිනට් මණ්ඩලය අහෝසි වී නෑ – අගමැති

එක් දිනයක් කැබිනට් මණ්ඩලයේ රැස්විම් නොපැවැත් වු පමණින් කැබිනට් මණ්ඩලය අහෝසි වන්නේ නැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.  අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ අරලියගහ මන්දිරයේදී පැවැති සිවිල් සමාජ සහ වෘත්තීය සමිති නියෝජිතයන් සමඟ පැවැති සාකච්ඡාවේදීය.

කුඩේ ඇල්ලීම ගැන මන්ත්‍රී අරුන්දික කතා කරයි

ඉන්දිය අග්‍රාමාත්‍යවරයා මෙරටට පැමිණි අවස්ථාවේදී වර්ෂාව හේතුවෙන් අපේ ජනාධිපතිවරයා ඉන්දිය අග්‍රාමාත්‍යවරයා කුඩේ ඇල්ලු බවත් එයින් ජනාධිපතිවරයාගේ සරළ බව පෙනෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු මහතා පවසයි.

කොළඹ – හැටන් A – 7 මාර්ගයේ ගමනා ගමනය සීමා කරයි

කොළඹ – හැටන් A – 7 මාර්ගයේ යටියන්තොට ගණදෙවි කෝවිල් ඉදිරිපිට මාර්ගයේ ගිලා බැසීමක් හේතුවෙන් එය අලුත්වැඩියා කිරීම සඳහා අද (11) දින සිට වාහන ගමනා ගමනය සීමා කිරීමට කටයුතු කරන බව පොලිසිය පවසයි.

තේරීම් කාරක සභාව හිටපු ආණ්ඩුකාර අසාද් සාලි කැඳවයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ අද(11) දින බස්නාහිර පලාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලී මහතා පෙනී සිටීමට නියමිතයි.

වඩු කර්මාන්තය සුරක්‍ෂිත කරන අතරම වනවගාව පුළුල් කළ යුතුයි – අගමැති

වඩු කර්මාන්තය නවීකරණය කර සාර්ථකව සංවර්ධනය කිරීමට රජයේ උපරිම සහය ලබාදෙන බව පැවසූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (10) මොරටුව ප්‍රදේශයේ වඩු කාර්මිකයන් හා දේශපාලනඥයින් පිරිසක් සමඟ අරලියගහ මන්දිරයේදී පැවැති විශේෂ සාකච්ඡාවකදීය.

ජනාධිපතිවරණය නව වසරේදී…ද ?

මේ දිනවල වඩාත් කතාබහට ලක්ව ඇති ජනාධිපතිවරණය ලබන වසරේ පැවැත්වීමට බොහෝ ඉඩ කඩ ඇති බව වාර්තා වේ. පසුගිය දිනක ජනාධිපතිවරයා ඉන්දිය නව අග්‍රාමාත්‍යවරයා ලෙස දෙවන වරටත් පත් වු නරේන්ද්‍ර මෝදිගේ දිවුරුම් දීමෙන් අනතුරුව මාධ්‍ය පවසා සිටියේ ලබන දෙසැම්බර් මස ජනාධිපතිවරණය පැවැත්වෙන බවයි. එයට තමා ඉදිරිපත්වීමට සුදානමක් නොමැති බව ජනාධිපති මෛත්‍රිපාල එහිදී පවසා සිටියේය.

මුල්‍ය වංචාවකට චෝදනා ලබා රක්ෂිත බන්ධනාගාරව සිටි සක්විතිට ඇප

නීති විරෝධී මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යාම සහ මහජනතාවගේ තැන්පතු සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනා තුනකට වසර නවයකට ආසන්නව රක්ෂිත බන්ධනාගාර ගතව සක්විති රණසිංහ හට ඇප මත මුදාහැරීමට අද (10) කොළඹ මහාධිකරණය නියම කර තිබේ.

රජය සතු ව්‍යාපාර 10 ක් සමඟ සාමූහික අභිලාෂ ප්‍රකාශ අත්සන් තබයි

රජය විසින් තෝරාගත් රජය සතු ව්‍යාපාර 10 ක් සමඟ සාමූහික අභිලාෂ ප්‍රකාශ අත්සන් තැබීම අද (10) පස්වරුවේ මුදල් අමාත්‍යාංශයේ “රන්දොර” ශාලාවේදී සිදු කෙරිණි. මුදල් අමාත්‍යංශය පැවසුවේ මෙහිදී රජය සතු ව්‍යාපාරවල කාර්යසාධනය ඉහළ නැංවීමේ අරමුණින් 2017 වර්ෂයේදි රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව විසින් සාමූහික අභිලාෂ ප්‍රකාශ සංකල්පය හඳුන්වා දුන් බවයි.

මිල සුත්‍රය අනුව ඉන්ධන එක් වර්ගයක් පමණක් මිල වැඩි කරයි

මිල සූත්‍රය යටතේ මිළ සංශෝධනයට ලක් කරන ඉන්ධන වර්ග 4න් 3කම මිළ මෙවර වැඩි නොකිරීමට රජය තීරණය කර ඇත. මුදල් අමාත්‍යංශය නිවේදනය කළේ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිළ රුපියල් 03කින් වැඩිවන අතර ඒ අනුව එහි ලීටරයක සිල්ලර මිළ රුපියල් 138 වේ.

ගෝඨා ජනපති සටනට ළඟදීම දිවයිනට

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා බොහෝ විට ලබන සතියේදී දිවයිනට පැමිණිමට නියමිත බව වාර්තා වේ. ඔහුගේ සමිපතමයෙකු කියා සිටියේ මේ වන විට ගෝඨාභය මහතාගේ අසනිප තත්ත්වය සුව අතට හැරී ඇති බවයි.