23 September 2024

පොලිසියට ඉහළ පිළිගැනීමක් ඇති කරනවා … ජනපති !

ශ්‍රී ලංකා පොලිස් සේවාව ජාතික වශයෙන් පමණක් නොව අන්තර්ජාතික වශයෙන් ද ඉහළ පිළිගැනීමක් ඇති සේවාවක් බවට පත් කිරීමට පොලිස් දෙපාර්තමේන්තුව තමා යටතේ පවතින කාලසීමාව තුළ අවශ්‍ය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

රාජ්‍ය අංශයේ වාර්ෂික වාර්තා හා ගිණුම් පිළිබද තරගාවලිය

ශ‍්‍රී ලංකා වරලත් ගණකාධිකාරි ආයතනයේ රාජ්‍ය අංශය වන රාජ්‍ය මූල්‍ය ගණකාධිකාරි ආයතනය රාජ්‍ය අංශ ගිණුම් හා වාර්තා අතරින් වඩාත් ගුණාත්මක ඉදිරිපත් කිරිම් තෝරා ගැනීම් සදහා 3 වන වරටත් තරගාවලියක් පැවැත්විමට කටයුතු සැලසුම් කර ඇත. ශ‍්‍රී ලංකා වරලත් ගණකාධිකාරි ආයතනය මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ 2017 වර්ෂයේ ගිණුම් හා වාර්තා ඉදිරිපත් කිරිමට මේ වන […]

ගෘහස්ථ විදුලි බිල වැඩි කරන්නේ නෑ – විදුලි ඇමැති කියයි

කිසිසේත්ම ගෘහස්ථ මට්ටමේ විදුලිබිල වැඩි නොකරන බව විදුලිබල,බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුනානායක මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ වර්තමාන විදුලිබල ක්ෂේත්‍රය පිළිබදව අද (08) පෙරවරුවේ අමාත්‍යාංශ පරිශ්‍රයේදී මාධ්‍ය ආයතන ප්‍රධානීන් හමුවී පැවති සාකච්ඡාවකදීය.

කවුරු බලයට ආවත් වැඩ කරන්න ඕන සමඟියෙන් – ඇමති රිෂාඩ් ඛනිජවැලි සේවකයින්ගෙන් ඉල්ලයි

තමන් රාජකාරී කරන ස්ථානය දේශපාලන කටයුතු සඳහා භාවිතා නොකරන ලෙසත් මේ ස්ථානයට ආවම තමන්ගේ ආගම, ජාතිය, පක්ෂය, අමතක කරන්න ලෙසත් එක පවුලක් වගේ සහෝදරත්වයෙන් තමන් කරන කාර්යය වැටුපට සරිලන ආකාරයට ඉටු කිරීමට අදිටන් කරගත යුතු බව කර්මාන්ත හා වාණිජ කටයුතු,දිගුකාලීනව අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචිකිරීම,සමූපකාර සංවර්ධන සහ නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා […]

අපි පැල වෙන මුල්ගල් තියන්නේ නැහැ – ඇමැතිනි තලතා කියයි !

එක්සත් ජාතික පක්ෂය පැලවෙන්න මුල්ගල් නොතියන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය පවසයි. අමාත්‍යවරිය මේ බව පැවසුවේ රුපියල් මිලියන 545 ක වියදමකින් ඉදි කිරීමට නියමිත රත්නපුර කලවාන රෝහලේ නව සිවු මහළ් ගොඩනැගිල්ල සදහා මුල්ගල තැබීමේ අවස්ථාවට පසුගිය 06 වනදා එක්වෙමින්.

වටිනා දේශපාලනයට නිගරු කරන්න එපා – හිටපු ඇමැති දුමින්ද

යහපාලනයෙන් ඇති වෙච්ච හොඳම දේ තමයි අද අපිට ගමේ පක්ෂ භේදයක් නැතිව, හිතන්න, වැඩ කරන්න පුළුවන් වාතාවරණයක් උදා වෙලා තිබෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසයි.

පරාක්‍රමබාහු රජතුමාගේ කලෙත් බදු අයකලා – අගමැති කියයි

වර්තමානයේ බදු පණවන විට ආණ්ඩුවට චෝදනා කිරීමට පෙර අතීතයේ රජ දවස පරාක්‍රමබාහු රජතුමාත් බදු පැනවූ බව සිහිපත් කර ගත යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල 10 වනදා කොළඹදී

ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 10 දින (බදාදා) ප.ව.4.00 ට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතයි.

ගම්පෙරළිය කියන්නේ ඇඩ්වලට සීමා වෙච්ච දෙයක් නෙමෙයි – ඇමැති මංගල කියයි

වසර එකසිය පනහකට අධික කාලයක් තිස්සේ මෙරට ආර්ථිකයට ශක්තිය සපයමින් සිටිය ද වතුකර ජනතාවට සිදු වූ අඩුපාඩු ආමන්ත්‍රණය කළේ වත්මන් රජය බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. වතු නිවාස ගැටලුව විසඳීම සඳහා ම වෙන ම අමාත්‍යාංශයක් බිහි කරමින් මේ වන විට වතුකරයේ ජනතාව වෙත රජය විශේෂ වැඩටසටහන් රැසක් ක්‍රියාත්මක කර ඇති බව අමාත්‍යවරයා පැවසිය.

ආණ්ඩුව ගත් ගොන් තීන්දුවක් ඇමැති රාජිත හෙළි කරයි

යහපාලන රජය හොද තීන්දු ගත් අතරේ ගොන් තීන්දුවක් ද ගත් බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ චීන සහන ණය ආධාර යටතේ දිවයින පුරා රෝහල් 13 ක් සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙලට අනුව කළවාන මුලික රෝහලේ ඉදිකිරීමට යෝජිත මහල් 03 කින් යුත් වාට්ටු සංකීර්ණය සදහා මුල්ගල් තැබීමේ උත්සව අවස්ථාවට […]