23 September 2024

අලූත් අවුරුද්ද සියළු ලක්වැසින්ට ජීවිත අලූත් කරගැනීමට කදිම අවස්ථාවක් – අගමැති

සොබාදහමත් දිනෙන් දින අලූත් වෙමින් වසන්තශ්‍රීයෙන් හැඩ ගැන්වෙන බක් මාසයේ එළඹෙන සිංහල, දමිළ අලූත් අවුරුද්ද ජාති, ආගම් භේදයකින් තොරව ලක්වැසි සැමට තම ජීවිත අලූත් කරගැනීමටත්, ඒ හරහා සමාජය නව මං ගැන්වීමටත් ලැබෙන කදිම අවස්ථාවක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජාතික අපේක්ෂා සම්පූර්ණ කර ගැනීමට මේ අලුත් අවුරුද්දේ එක්සත්ව පෙළ ගැසෙමු – ජනපති

අප විසින් මෙතෙක් ලබා ඇති ජයග්‍රහණයන්හි ඵල භුක්ති විඳිමින් ජාතික අපේක්ෂා සම්පූර්ණ කර ගැනීමට මේ අලුත් අවුරුද්දේ එක්සත්ව අධිෂ්ඨානයෙන් යුතුව පෙළ ගැසිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරණයට පෙර පළාත් සභා තියන්න – මන්ත්‍රී නාමල් කියයි

දිරියේදී ජනාධිපතිවරණ මැතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය පවත්වන ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ(12) හම්බන්තොට පැවති උත්සවයකට සහභාගීවීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු ලබාදෙමින්.

අවුරුදු නැකතට පැළයක් සිටුවා පරිසර සංරක්ෂණය වෙනුවෙන් වගකීම ඉටු කරන්න – ජනපති ජනතාවගෙන් ඉල්ලයි

උදාවන සිංහල හා දෙමළ අලුත් අවුරුදු නැකතට පැළයක් සිටුවා පරිසර සංරක්ෂණය වෙනුවෙන් පුරවැසි වගකීම ඉටුකිරීමට එක්වන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමස්ත ශී‍්‍ර ලාංකීය ජනතාවගෙන් ඉල්ලා සිටි.

යුද්ධයට යන්න එපා – පාප් වහන්සේ දකුණු සුඩාන නායකයන්ගේ දෙපතුල් සිප ගනිමින් ඉල්ලයි

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ දකුණු සුඩානයෙන් සිවිල් යුද්ධයකට නොයන ලෙස ඉල්ලීමක් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම ඉල්ලීම දකුණු සුඩාන නායකයන්ගේ දෙපතුල් සිප ගනිමින් සිදුකර තිබුණි.

දේශගුණික විපර්යාසයන්ට මුහුණ දීමට IDA වෙතින් ඇ. ඩො. මි. 125 ක ණයක්

නියඟය සහ ගංවතුර වැනි දේශගුණික විපර්යාසයන්ට ගොදුරු වන ගොවීන්ට උපකාර කිරීම මූලික කොට දේශගුණික විපර්යාසයන්ට මුහුණ දීමේ හැකියාව වැඩිදියුණු කිරීම සඳහා ඇ.ඩො. මිලියන 125 ක ණය මුදලක් ලබා දීමට ලෝක බැංකුවේ ජාත්‍යන්තර සංවර්ධන සමායතනය එකඟතාවය ලබා දී ඇති බව මුදල් අමාත්‍යංශය පවසයි.

එළැඹෙන ජනාධිපතිවරණයට ශක්තීමත් ජනවරමක් – ඇමැති පාඨලි

ශක්තිමත් ජනවරමක් එළඹෙන ජනාධිපතිවරණයේදී ප‍්‍රජාතන්ත‍්‍රවාදී කඳවුරට ලබාගැනීමට කටයුතු කරන බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ශ්‍රී ලංකාව සදහා සෞඛ්‍යාරක්ෂිත ඇස්බස්ටොර්ස් තහඩු වර්ගයක්

ශ්‍රී ලංකාව සදහා සෞඛ්‍යාරක්ෂිත ඇස්බස්ටොර්ස් තහඩු වර්ගයක් හදුන්වාදීමට රුසියාව තීරණය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. ලෝකයේ ඇස්බස්ටොර්ස් තහඩු නිෂ්පාදනය වැඩිම රට රුසියාවයි.

නිදහස් පක්ෂය නැති කිසි දෙයක් කරන්න බෑ – දුමින්ද දිසානායක කියයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැතිව කාටවත් ජනාධිපති කෙ‍නෙක්, ආණ්ඩුවක්, පළාත් සභාවක් හදන්න බැරි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසයි.

එජාපය කිව්ව දේවල් කරන පක්ෂයක් බව ඇමැති රවි කියයි

එක්සත් ජාතික පක්ෂය කියන දේ කරන පක්ෂයක් බවත් ප්‍රශ්ණ ගැටළු විසඳනවා කිව්වහොත් එය විසදන බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.