23 September 2024

අවුරුද්දෙන් පසුව කොළඹට මගීන් ගේන්න ඒකාබද්ධ මෙහෙයුමක්

අලුත් අවුරුද්දෙන් පසුව ඈත ගම්වල සිට කොළඹට පැමිණෙන මගී ජනතාව සඳහා ඒකාබද්ධ මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය පවසයි. එම මෙහෙයුම පිළිබඳව මාධ්‍ය දැනුවත් කරමින් විෂය භාර අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසුවේ අවුරුද්දට ගම්බිම්බලා පිටත්ව ගිය ජනතාවට උපරිම සේවාවක් ලබා දීමට ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සහ ජාතික […]

දශක තුනක මාතර කතාව…. ! මංගලගේ දේශපාලන දිවියට වසර 30යි

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ දේශපාලන දිවියට වසර 30ක් සපිරීම නිමිත්තෙන් මාතර නගරය කේන්ද්‍ර කර ගනිමින් උත්සවය කිහිපයක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ. “දශක තුනක මාතර කතාව” නම් වූ ඡායාරූප ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ අප්‍රේල් මස 20 වැනි සෙනසුරාදා උදෑසන 9.00 සිට මාතර නූපේ සංස්කෘතික මධ්‍යස්ථානයේ දීය.

රාවණ වන් චන්ද්‍රිකාව රැගත් රොකට්ටුව අභ්‍යවකාශය වෙත දියත් කරයි

ප්‍රථමවරට ශ්‍රි ලාංකික ඉංජිනේරුවන් දෙදෙනෙකු විසින් නිර්මාණය කළ “රාවණ වන්” චන්ද්‍රිකාව රැගත් රොකට්ටුව මෙරට වේලාවෙන් අද (18) අළුයම 02.18 පමණ අමෙරිකාවේ වර්ජනියා ප්‍රාන්තයේ පිහිටි නාසා ආයතනයෙන් දියත් කර ඇති තිබේ.

අපේක්ෂකයා කවුරුන් උනත්, දිනන්නම් ඡන්ද ලක්ෂ 70 ගන්න ඕන – ඇමති පාඨලි

ජනාධිපතිවරණ අපේක්ෂකයා කවුරු වුවත් දිනන්නම් ඡන්ද ලක්ෂ 65 – 70 ත් අතර ගන්නම ඕනෑ බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ ශ‍්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ කාර්යාල ගොඩනැගිල්ල සහ කර්මාන්ත ඒකකය සඳහා මුල්ගල තැබීමේ අවස්ථාවට එක් වෙමිනි.

ලිව්වේ කෙනෙක් ඒවා ක්‍රියාත්මක කරන්නේ තව කෙනෙක් – අපේ බුවා 5 වන කොටස

ගම්පෙරළිය, කළුවර ගෙදර, යුගාන්තය ග්‍රන්ථ මාර්ටින් වික්‍රමසිංහ රචනා කළාට ඒවා ක්‍රියාත්මක කළේ රනිල් වික්‍රමසිංහ බව අපේ බුවා කියයි. TTVnews.lk වෙබ් අඩවිය මගීන් නිර්මාණය කර ඇති හාස්‍යය ජනක වැඩසටහනක් අපේ බුවා මෙය හුදෙක් විනෝදාස්වාදය සඳහා පමණක් බව සලකන්න.

මහජන යහපත සඳහා භේදයකින් තොරව සහාය දෙනවා- අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස හිමි

දෙස් විදෙස් වශයෙන් වැඩවසන ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ පාර්ශවයන් විසි දෙකකට අයත් දහසය දහසකට අධික දැන උගත් භික්ෂුන් වහන්සේ ගුණ ගරුක පිරිසිදු මහජන සේවකයෙක් ලෙස කථානායක කරු ජයසූරිය මහතා කෙරෙහි විශාල පැහැදීමක් ඇති බවත් ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාව ඒකමතිකව කථානායකවරයා වෙත ගෞරව සම්මාන පිරිනැමීමට තීරණය කරන ලද්දේ මව්බිම වෙනුවෙන් සේවය කරන එවන් පුද්ගලයන් […]

ලබන වසර මැද වනවිට උමා ඔය ව්‍යාපෘතියේ ඉදිකිරිම් කටයුතු අවසන්

ලබන වසර මැද වනවිට උමා ඔය ව්‍යාපෘතියේ ඉදිකිරිම් කටයුතු නිම කරන බවත් මෙගාවොට් 120 ක ධාරිතාවයක් ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට කටයුතු කරන බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

ඝණ ආහාර සහ අර්ධ ඝණ ආහාර සදහා වර්ණ සංකේත ක්‍රමය ජුනි මස 01 දා සිට ක්‍රියාත්මකයි

ඝණ ආහාර සහ අර්ධ ඝණ ආහාර සදහා වර්ණ සංකේත ක්‍රමය ජුනි මස 01 දා සිට ක්‍රියාත්මක බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.  අමාත්‍යවරයා කියා සිටියේ ඊට අදාල ගැසට් නිවේදනය ඉදිරියේ දී නිකුත් කිරීමට නියමිත අතර, එම ගැසට් නිවේදනයට පසුගියදා අත්සන් කළ බවයි.

නිහඩව හිටියා ඇති… පුප්පන ගමනක් නෙමෙයි අපේ තියෙන්නේ – ඇමැති රවි

‍පක්ෂ නායක ලෙස රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කරද්දී වෙනත් කෙනෙකු නායකයා පුප්පන්න අවශ්‍ය නොමැති බව එක්සත් ජාතික පක්ෂයේ උප නායක අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

පැළ සිටුවීමේ චාරිත්‍රය අද පෙ.ව 11.17ට

පැළයක් සිටුවා පරිසරය වෙනුවෙන් පුරවැසි වගකීම ඉටු කිරීමට එක්වන්න ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමස්ථ ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටි. ඒ අනුව මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුදු නැකැත් අතරට පැළ සිටුවීමේ නැකත ද එක් කර තිබේ.