23 September 2024

දුර ගමනක සලකුණු ” සහ ” එක අහසක් යට ” කෘති දෙක අද එළිදක්වයි

පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයේ අතිරේක ලේකම් මල්කාන්ති ජයම්පති මහත්මිය විසින් රචිත ග්‍රන්ථ දෙකක් එක්දැක්වීම අද (04) දින පස්වරු 03 කෞතුකාගාර දේශන ශාලාවේදී සිදු කිරීමට නියමිතයි.

ජිනීවා මානව හිමිකම් කොමිසමේ යෝජනාව පිළිබඳ සත්‍යය…! ඇමැති මංගල හෙළි කරයි

සියළු සුජාත හැඟුම් පෙරටු කොටගෙන රටට සංවර්ධනය උදාකර නැවත කිසිදා ගැටුම් මතු නොවන තත්ත්වයක් අත්කර ගැනීමට අප විසින් අදිටන් කරගත යුතු බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

පැරදුණේ විපක්ෂයට අයිති ආයතනයි – අගමැති

තමන් යටතේ පවතින නගර සභා, පළාත් සභා හා ප්‍රාදේශීය සභා මගින් කිසිඳු සංවර්ධනයක් හෝ ජනතා සේවයක් සිදු නොවන බව අවබෝධ කරගත් විපක්‍ෂය, එම ආයතන ප්‍රතික්ෂේප කරමින් ඒ සඳහා මුදල් වෙන් කරන වැය ශීර්ෂය පාර්ලිමේන්තුවේ දී පරාජයට පත් කළ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

විල්පත්තු බොරුවට විරුද්ධව රිෂාඩ් සටන් කරයි

වසර විස්සකටත් වැඩිකාලයක් අනාථ කඳවුරුවල ජීවත්වුනු ජනතාවට ඇතැම් පිරිස් කෙනෙහෙලිකම් කරන බව කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

එළවළු පළතුරු සහ පොල්තෙල් පර්යේෂණ අවසන් … ප්‍රතිඵල ජනතාවට දැනුම් දෙන බව ඇමති රාජිත කියයි

එළවලු පළතුරු සහ පොල්තෙල් වර්ගවල අඩංගු සංඝටක සහ රසායනික ද්‍රව්‍ය භාවිත කිරීම පිළිබදව පර්යේෂණ සිදු කර අවසන් වී ඇති බැවින් ඒ පිළිබදව අවශ්‍ය ක්‍රියාමාර්ග සහ ජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් කඩිනමින් ආරම්භ කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

ඡන්දේ දෙනවාද නැද්ද අවසන් තීන්දුවක් නෑ ..! පරදින්නේ නෑ …! 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමඟ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (02) පස්වරුවේ පැවැති අයවැය සම්බන්ධ සාකච්ඡාවේදී අවසන් තීන්දුවක් නොගත් බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා පවසයි.

අපි භාණ්ඩාගාරයෙන් යැපෙන්නේ නෑ – ඇමැති පාඨලි

තම අමාත්‍යංශයේ වැය ශීර්ෂය පරාද උනාට අප ආයතන භාණ්ඩාගාරයෙන් යැපෙන්නේ නැති බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ශ්‍රී ලංකාවට රබර් සංවර්ධන කලාපයක් සහ රබර් ආශ්‍රිත කර්මාන්ත කලාපයක්

රබර් සංවර්ධන කලාපයක් සහ ඊට සමාන්තරව රබර් ආශ්‍රිත කර්මාන්ත කලාපයක් ස්ථාපනය කිරීම සම්බන්ධයෙන් අද (03) වැවිලි කර්මාන්ත අමාත්‍යාංශ පරිශ්‍රයේදී අමාත්‍ය නවින් දිසානායක මහතා සමඟ මෙරටට පැමිණී චීනයේ හයිනෑං රබර් සංවර්ධන කලාපය නියෝජනය කරමින් විශේෂ දූත පිරිසක් සාකච්ඡාවක් පැවැත්විය.

ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති ධූරයට දේශමාන්‍ය සුසන්ත ලියනාරච්ච් පත්වේ

ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ (National Construction Association of Sri Lanka – NCASL) නව සභාපති ලෙස සුප්‍රකට ව්‍යාපාරිකයෙකු වන දේශබන්දු සුසන්ත ලියනාරච්චි මහතා එහි සභාපති ධූරයට නිතරඟයෙන් පත්ව ඇත.

කලා කෘති පාලනයට පොලිසිය අත පෙවීම වැලැක්විය යුතුයි – නිදහස් මාධ්‍ය ව්‍යාපාර

නිර්මාණාත්මක ලේඛකයෙක් වන ශක්තික සත්කුමාර විසින් රචනා කර මුහුණු පොතෙහි පල කර කෙටි කථාවක්, බුද්ධ ධර්මයට කරන ලද අපහාසයක් ලෙස සලකමින් රක්ෂිත බන්ධගාර ගත කිරීමට සම්බන්ධයෙන් අප්‍රසාදය පල කර බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පවසයි.