මොන අභියෝග ආවත් මේ සටන අවසන් කරන බව ජනපති කියයි
ජීවිත අවධානම ද නොතකමින් තමා මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහි සටන අතට ගත්තේ මතු පරපුර වෙනුවෙන් යහපත් දේශයක් ගොඩනැඟීමට බව පවසන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. කුමන අභියෝග මධ්‍යයේ වුව ද එම සටන සාර්ථක අවසානයක් කරා මෙහෙයවන බව ජනාධිපතිවරයා අවධාරණය කරයි.