22 September 2024

කුඩු ගෙන්වන, බෙදන, බොන අයට බෙහෙත් තුනක් දෙනවා – යුද හමුදාපති

මෙරටට හෙරොයින් ගෙන්වන, බෙදාහරි මෙන්ම ඒවා බොන පිරිසට ප්‍රතිකර්ම තුනක් ලබා දීමට ලබා දීමට කටයුතු කරන බව යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පවසයි.

කාන්තාවන්ට වෙන්වු දුම්රිය මැදිරි සේවාව අද සිට

කාන්තාවන්ටම වෙන්වූ දුම්රිය මැදිරි සේවාව අද (08) සිට ආරම්භ විය. ලෝක කාන්තා දින සැමරුමට සමගාමීව එහි ජාතික උත්සවය අද උදෑසන ‍පැවැත්වුණේ වේයන්ගොඩ දුම්රිය ස්ථානයේදී වේ.

යුද්ධය තුන් වේලට විකුණාගෙන කාපු අය අවුරුදු 20ක් හමුදාවේ දීමනා වැඩි කරලා නෑ

ශ්‍රී ලංකාවේ ඇත්තේ ආර්ථික අර්බුදයක් නොව ආර්ථිකය හමුවේ ඇති අභියෝග පමණක් බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. ඔක්තෝබර් 26 සිදුවීම හේතුවෙන් ආර්ථික අර්බුද පැන නැගුණ බවත් ආණ්ඩුව යළි බලයට පත් වීමෙන් පසු එම අර්බුද සමනයට පියවර ගත් බවත් හෙතෙම පෙන්වා දෙයි.

කිරි බොනකොට විතරක් නෙමෙයි දත් මදිනකොටත් රුපියල අවප්‍රමාණය වෙනවා

රුපියල් අවප‍්‍රමාණය වන සහ රටේ මුදල් පිටරට වලට ඇදී යන අනවශ්‍ය පරිභෝජන රටාව නවතා ස්වදේශික අනන්‍යතාවය රකින රටට ඔබින පරිභෝජන රටාවක් හඳුන්වා දීම සඳහා පෙරමුණ ගත හැක්කේ මෙරට කාන්තා පරපුරට බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

යල කන්නයේ සිට වී මිල ඉහලට – අමාත්‍ය පී. හැරිසන්

යල කන්නයේ සිට නාඩු වී කිලෝවක් රුපියල් 40 ලෙසද සම්බා වී කිලෝවක් 43 දක්වා ඉහළ දමන බව කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි.

ලාල්කාන්ත ඇප මත මුදා හැරේ

බීමත්ව රිය පදවා අනතුරක් සිදු කිරීමේ චෝදනා අනුව අත්අඩංගුවට ගෙන පසුගිය 02 වනදා රක්ෂිත බන්ධානාගාර ගත කළ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත මහතා අද (07) ඇප මත මුදාහැර තිබේ.

මෛත්‍රි නැතිනම් තව අය ඉන්නවා – හිටපු මහලේකම් දුමින්ද (විඩියෝ)

මීලඟ ජනාධීපති අපේක්ෂකත්වය සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරිපත් නොවුනහොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් එම තනතුරට සඳහා ඉදිරිපත් වීමට සුදානම් බව එම පක්ෂයේ හිටපු මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසයි.

සුව පියස’ වෛද්‍ය කඳවුර ලබන 09 වනදා මහරගම තරුණ සේවා සභා පරිශ්‍රයේ දී

මහරගම නාගරික මන්ත්‍රී ධනුෂ්ක රාමනායක මහතා ප්‍රමුඛ ගම්පියස කාර්යාලය විසින් මාර්තු 08 වන දිනට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව සංවිධාන කරනු ලබන සුව පියස වෛද්‍ය කඳවුර මාර්තු මස 09 වන සෙනසුරාදා දින දවස පුරා මහරගම ජාතික තරුණ සේවා සභා පරිශ්‍රයේදී පැවැත්වීමට කටයුතු සංවිධාන කර තිබේ.

උණුසුම් කාලගුණය හේතුවෙන් ජනතාවට අවධානයෙන් සිටින්න

පවතින උණුසුම් කාලගුණ තත්ත්වය හේතුවෙන් ජනතාවට අවදානයෙන් සිටින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුර, උතුරු මැද සහ නැගෙනහිර පළාත් වල මෙම දැඩි උණුසුම් කාලගුණය අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කරයි.

මෙවර අයවැය විජ්ජාවක් – සමෘද්ධි සංවර්ධන නිලධාරින්ගේ සංගමය කියයි

ආණ්ඩුව දේශපාලන වාසි වෙනුවෙන් සමෘද්ධිලාභීන්ගේ ඡන්දය ඉලක්ක කර ඉදිරිපත් කල 2019 මෙවර අය වැය සමෘද්ධිලාභීන් රවටන විජ්ජාවක් බව සමෘද්ධි සංවර්ධන නිලධාරින්ගේ සංගමය පවසයි.