22 September 2024

BOC තුරුණු දිරියෙන් වැඩිම දිරිය රත්නපුරයට

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ලංකා බැංකුවේ තුරුණු දිරිය ණය යෝජනා ක්‍රමය මගින් සියළුම දිස්ත්‍රික්ක හා පළාත් තුළ තරගකාරී ලෙස ව්‍යවසායක ණය ලබා දෙමින් සිටින අතර රත්නපුර දිස්ත්‍රික්කය ව්‍යවසායක ණය 79ක් නිකුත් කරමින් මුළු දිස්ත්‍රික්ක අතර පෙරමුණ ගෙන ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය නිවේදනය කරයි.

වතුකම්කරුවන්ගේ දිනක වැටුප 1000 කරන්නැයි උද්ඝෝෂණ

දිනකට වතුකම්කරුවන්ගේ වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන ලෙස අද (23) දිවයිනේ ප්‍රදේශ කිහිපයක උද්ඝෝෂණ පැවැත්විණ. එම විරෝධතාව, 1000 ව්‍යාපාරය නියෝජනය කරන වෘත්තිය සංවිධාන, වාමාංශික පක්ෂ, දේශපාලන ක්‍රියාකාරින්, සිවිල් සංවිධාන, ඇතුළු සියලු බහුජන සංවිධාන සහභාගි විය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සදහා නව දිස්ත්‍රික් නායකයන් පත් කෙරේ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සදහා පත් කෙරුණු නව දිස්ත්‍රික් නායකයන් ඊයේ (22) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිය පත්වීම් ලිපි ලබා ගත්තේ ය.

ජාතික දින 71 වැනි සැමරුම් මහෝත්සවය අභිමානවත් ලෙස මෙවරත්

ජාතික දින 71 වැනි සැමරුම් මහෝත්සවය ප්‍රධාන ආරාධිත අමුත්තා වන ජනාධිපති අතිගරු මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගිත්වයෙන් කොළඹ ගාලු මුවදොර පිටියේදී එළඹෙන 04 වන දින උදෑසන අභිමානවත් ලෙස සැමරීමට අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය මේ වන විට සියලු කටයුතු සූදානම් කර ඇත.

වාහන දඩ මුදල් ඉහළට ! වැරදි කරන රියදුරන්ට ඇමැති අර්ජුන අනතුරු අඟවයි….

මහ මඟදී අහිංසක ජීවිත අනතුරට ලක් කරන සහ බිලි ගන්නා බරපතල වැරදි කරන රියදුරන්ට එරෙහිව පනවන දඩය බොහෝ සේ ඉහළ දමන බව ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

කුණු කන්දට සිදු වූ දේ රටට වෙන්න ඉඩ දෙන්නේ නෑ – අගමැති

කුණු කන්දට සිදු වූ දේ රටට වෙන්න ඉඩවීමට ඉඩ නොදෙන බව ප්‍රකාශ කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයෙ (22) දින සියපත් සෙවණ නිවාස යෝජනා ක්‍රමය යටතේ නිවාස 266ක් ජනතා අයිතියට පත්කිරීමේ උත්සවයට සහභාගි වෙමින්.

‘‘ශිල්ප සුරක්ෂා’’ නමින් නව රක්ෂණාවරණයක්

හස්ත කර්මාන්ත ශිල්පීන් සඳහා ශී‍්‍ර ලංකා ඉතිහාසයේ පළමුු වරට ‘‘ශිල්ප සුරක්ෂා’’ නමින් රක්ෂණ යෝජනා ක‍්‍රමයක් ජාතික ශිල්ප සභාව විසින් හඳුන්වා දී ඇතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා පවසයි.

සූර්ය, සුළං මෙන්ම යෝජිත වායු බලාගාර පිළිබදව කොරියානු රජයේ විශේෂ අවධානය

සූර්ය, සුළං මෙන්ම යෝජිත වායු බලාගාර පිළිබදව කොරියානු රජයේ විශේෂ අවධානය යොමු වී ඇති අතර දෙරට අතර තාක්ෂණික ඥානය හුවමාරු කිරීමේ වැඩපිළිවෙලක් සම්බන්ධයෙන් සාකච්ඡාවක් කොරියානු රජයේ තානාපති Heon Lee මහතා, විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා සමග සිදු කර තිබේ.

මටත් අල්ලස් දෙන්න හදනවා – ඇමැති හරීන්

ක‍්‍රිකට් ආයතනයේ වැඩ කරන පුද්ගලයෙකු විසින් රුපියල් ලක්ෂ දහයකට ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායමට ක‍්‍රිඩකයකු දාන්න කියා යැයි තමාට පණිවිඩයක් එවු බව විදුලි සංදේශ, විදේශ රැකියා හා ක‍්‍රීඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා පවසයි.

සේනා දළඹුවා මැඩලන්න කටයුතු කරන්නැයි ජනපතිගෙන් අදාළ අංශවලට උපදෙස් දෙයි

කෘෂිකර්මාන්තයට තර්ජනයක් එල්ල කරමින් සිටින සේනා දළඹුවා මැඩලීම සදහා යුද්ධයකට මුහුණදෙන ආකාරයේ සමාන කැපවීමකින් සහ කාර්යක්ෂමව කටයුතු කරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ අංශවලට උපදෙස් දෙයි.