හැමවේලාවේම දයාසිරිගේ වයර් මාරු වෙනවා … !ඇමැති නවින් කියයි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රශ්නය තමයි හැම වෙලාවෙම එතුමාගේ වයර් මිශ්‍ර වීම බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා පවසයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රශ්නය තමයි හැම වෙලාවෙම එතුමාගේ වයර් මිශ්‍ර වීම බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා පවසයි.
2018 නොවැම්බර් 14 ,15, 18 යන දිනයන්හි පාර්ලිමේන්තුවේ ඇති වූ සිද්ධින් පිලිබදව සොයා බලා වාර්තා කිරීම පිණිස කථානායක කරු ජයසුරිය මහතා විසින් පත් කරන ලද කමිටුවේ වාර්තාව අද දින (22) මධ්‍යහ්න 12.20 ට කථානායකවරයා වෙත භාර දී තිබේ.
2019 ක්‍රිකට් ලෝක කුසලානයට සමගාමී ව දිවයින පුරා පැළ මිලියන 2 ක් රෝපණය කිරීමේ “Earth Watchmen” ව්‍යාපෘතිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ යාපනය විශ්ව විද්‍යාලයේ කිලිනොච්චිය කෘෂි තාක්ෂණ පීඨ භූමියේ දී ආරම්භ කෙරිණි.
ත්‍රිරෝද රථ නියාමනය සඳහා වෙනමම අධිකාරියක් පිහිටුවන බව ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. ඒ අනුව “මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාව” ඉදිරියේදී අධිකාරියක් බවට පත් කිරීමට අවශ්‍ය කටයුතු යොදමින් සිටින බවද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.
වසරකට අලි මරණ 350 ක් දක්වා ඉහළ යන බවත් මේ ආකාරයෙන් අලින් මිය ගියහොත් සිදුවන්නේ ඉදිරියෙදී අලි කෞතුකාගාර ඉදිකිරිම බව දුම්රිය සුරැකිමේ සංවිධනයේ කැඳවුම්කරු රුවන් පතිරගේ මහතා පවසයි.
වනාතවිල්ලූව අධි බලැති පුපුරන ද්‍රව්‍ය හමුවීමේ සිදුවීම පිටුපස සිටින අයි. එස්. අයි. එස්. ත‍්‍රස්තවාදීන්ට රැකවරණය දෙන බස්නාහිර පළාත් ප‍්‍රබල දේශපාලනඥයා අත්අඩංගුවට ගෙන, ප‍්‍රශ්න කොට කඩිනමින් මෙරට ජාතික ආරක්ෂාව තහවුරු කරන ලෙස ජාතික නිදහස් පෙරමුණ පවසයි.
එල්ලෙන්න වැල් නැති විපක්ෂයේ සමහර අය දැන් ව්‍යවස්ථාවක එල්ලෙන්න හදනවා බව මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසයි.
නීති විරෝධී ලෙස විදේශ රැකියා සදහා පිටත්ව ගොස් දැන දැනම අමාරුවේ නොවැටීමට ශ්‍රමිකයින් වගබලාගත යුතු බවත්, නොයෙක් කරදරවලට මුහුණදුන් බවට මාධ්‍ය ඔස්සේ හඩ නගන්නේ මෙසේ නීති විරෝධී ආකාරයට විදේශ ගතවූ පිරිස් බවද ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පවසයි.
ස්වකීය ධන පරිත්‍යාගයන් හා පරිත්‍යාගශීලීන්ගේ දායකත්වයෙන් අඩු ආදායම්ලාභී පැල්පත්වාසීන් සදහා නිවාස තනා දීමේ ව්‍යාපෘතියක් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා විසින් මේ දිනවල කුරුණෑගල ආසනය පුරා ක්‍රියාත්මක කරමින් පවතී.
දුම්කොළ සමාගම් නීති විරෝධි සිගරට් ගෙන්වා එම සිගරට් භාවිතය වැඩි වන බවට රට තුල ජනමතයක් ඇති කිරිමට උත්සාහ කරන බවට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා චෝදනා කරයි.