22 September 2024

IMF සභාපතිනියව ඇමැති මංගල හමුවෙයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සභාපතිනිය වන ක්‍රිස්ටීන් ලගාඩ් මහත්මියව අද (15) අමේරිකාවේ වොෂින්ටන් නුවරදි මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා හමු වි ඇත. ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල ඉදිරියට ගෙනයාම සඳහා දක්වන දායකත්වය පිළිබඳව මූල්‍ය අරමුදලේ නිලධාරින් දැනුවත් කිරීම මෙම සංචාරයේ අරමුණ බව මුදල් අමාත්‍යාංශය සඳහන් කළේය.

කොළඹ වරාය නගරය ගොඩ කර අවසන්

කොළඹ වරාය නගරය ඉදිරිකිරිම සඳහා වන මුහුද ගොඩකිරිමේ කටයුතු මේ වන විට සම්පූර්ණයෙන්ම අවසන් කර ඇති බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

NITF විසින් පෝලන්තයේ කොප්24 සමුළුවේදී ජාතික ස්වභාවික ආපදා රක්ෂණ ක්‍රමය ඉදිරිපත් කරයි

ශ්‍රී ලංකාවේ ජාතික ස්වාභාවික ආපදා රක්ෂණ ක්‍රමය (NNDIS) මෙම මස පෝලන්තයේ කටෝවයිස් හි පැවැත්වූ එක්සත් ජාතීන්ගේ දේශගුණ සමුළුව (කොප්24) හා සමගාමීව පැවැති දෙවන ගෝලීය රක්ෂණාවරණ සහයෝගීතා සංසදයේ ප්‍රධාන මාතෘකාවක් වී තිබේ.

විමල්ගෙන් …… ජවිපෙ ඉල්ලු වන්දිය…….! නඩු තින්දු අනුව ලක්ෂ 10 යි

‘නැත්ත වෙනුවට ඇත්ත’ කෘතිය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා විසින් 2008 වසරේදී ගොනු කරනු ලැබු වන්දි නඩුවේ තීන්දුව පසුගිය 11 වනදා ලබා දුන්නේය.

දකුණ ජනතාව ප්‍රිය කරන පලාත කරනවා – ආණ්ඩුකාර කීර්ති කියයි

දකුණු පලාත දිවයිනේ වඩාත් ජනතාව ප්‍රිය කරන පලාත බවට පත් කරන බව දකුණු පළාතේ ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.  ඒ මහතා මේ බව පැවසුවේ නිල වශයෙන් සිය ධූරයේ වැඩ භාර ගැනීම ඊයේ (14) ගාල්ල, පහළ ඩික්සන් පාරේ ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේ දි සිදු වු අවස්ථාවේදිය.

ඇමති රිෂාඩ්ගේ මැදිහත්වීමෙන් මන්නාරමේ සියලු පහසුකම් සහිත නිවාස සංකීර්ණයක්

තිස්වසරක යුද්ධයෙන් පීඩාවට පත්ව ස්ථීර නිවසක් නොමැතිව අසණව සිටි දිළිදු ජනතාව උදෙසා සියලු පහසුකම් වලින් සමන්විතව නිවාස එකසිය විස්සකින් (120) යුත් නිවාස සංකීර්ණයක් ජනතා අයිතියට පත්කිරීම කර්මාන්ත හා වාණිජ කටයුතු,දිගු කාලීන ව අවතැන්වූවන් නැවත පදිංචිකිරීම සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (14) මන්නාරමේදී සිදුවිය.

රුපියල් මිලියන 2500 ක් වටිනා නවීන ගිලන් රථ 132 ක් රෝහල්වලට

දිවයින පුරා පිහිටි රෝහල් 132 කට අවශ්‍ය ගිලන් රථ 132 ක් බෙදාදීමේ උත්සවය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 18 වනදා කොළඹ මහ නගර සභා භූමියේ දී සිදු කිරීමට නියමිතයි.

රනිල් මකන්න පුළුවන් චරිතයක් නෙමෙයි – ඇමැතිනි තලතා

තමන්ගේ ලෙයින් දහඩියෙන් කුරිරු යුද්ධය අවසන් කරලා මේ රට ආරක්ෂා කරපු රණ විරුවෝ කිසිම අධිකරණයකට ගෙනි යන්නේ නැති බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය පවසයි.

ගෝඨා – බැසිල් බල අරගලයක

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහ බැසිල් රාජපක්ෂ මහතා අතර මේවන විට දැඩි බලඅරගලයක් ඇතිව තිබෙන බව ඒකාබද්ධ විපක්ෂයේ ආරංචි මාර්ග පවසයි. විශේෂයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ අපේක්ෂාවෙන් සිය පක්ෂය තුළ පළාත් පාලන මන්ත්‍රීවරුන් පිරිසක් සමග මතවාදයක් ගොඩනැගීමට සැලසුම් කර තිබේ.

කෝටි 100 ක වියදමින් ඉදිවන ලංකාවේ සුපිරිම පාසල බලන්න ඇමති අශෝක් යයි

ලංකා ඉතිහාසයේ රුපියල් කෝටි 100 ක මුදලක් වැය කරමින් ලංකාවේ ඉදිවන ප්‍රථම සුපිරි ජාතික පාසල කුරුණෑගල මල්කඩුවාව ප්‍රදේශයේ මේ වන විට කඩිනමින් ඉදිවෙමින් පවතින අතර එම පාසලේ ඉදිකිරීම් නිරීක්ෂණය කිරීම සදහා කුරුණෑගල එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා ගොස් තිබේ.