22 September 2024

අපේ ආර්ථික ප්‍රතිපත්තිවල මුල් තැන ජනතාවටයි – රාජ්‍ය ඇමැති එරාන්

අපේ ආර්ථික ප්‍රතිපත්තියේ මුල්තැන ගන්නේ ජනතාවට බව මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා පවසයි. රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (10) පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී පැවැති මාධ්‍ය හමුවක දීය.

කිරි නිෂ්පාදනය ලීටර් ලක්ෂ තුන හමාර දක්වා වැඩි කරන්න – ඇමැතිගෙන් නිලධාරීන්ට උපදෙස්

මිල්කෝ සමාගමේ දෛනික කිරි නිෂ්පාදනය වහාම ලීටර් ලක්ෂ තුන හමාර දක්වා වැඩි කරන ලෙස ග්‍රාමීය ආර්ථිකය පිළිබද අමාත්‍ය පී හැරිසන් මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ ග්‍රාමීය ආර්ථිකය පිළිබද අමාත්‍යාංශයේ පැවැති මිල්කෝ සමාගමේ විධායක නිලධාරීන්ගේ හමුවේදිය.

පළාත් සභා 9 යේම මැතිවරණ එකවර පැවැත්විය යුතුයි ! ඇමැති පාඨලි

පළාත් මැතිවරණයේ තිබෙන ගැටළුව, පළාත් සභා මැතිවරණ ක‍්‍රමය ගැන දේශපාලන පක්ෂ එකඟ වෙලා එම පනත සම්මත කර ගත යුතු බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ජනතාවාදී අයවැයක් – අගමැති විශේෂ ප්‍රකාශයක් කරමින් කියයි

කොතෙක් අසීරුතා, දුෂ්කරතා මතු වුවත් සියල්ල මධ්‍යයේ ජනතා හිතවාදී අයවැයක් මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ශ්‍රිලනිප නව මහලේකම් වැඩ ඇරඹීමේ අවස්ථාවට ජනපති එක් වෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නව මහලේකම් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අද (10) පෙරවරුවේ එම ධුරයේ රාජකාරී ඇරඹීය. ඒ කොළඹ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ජායනා මධ්‍යයේ යි.

ලං.වි.ම. වැඩ අවසන් නොවූ විදුලි ව්‍යාපෘති ගැන ඇමැති රවිගේ විශේෂ අවධානය

ලංකා විදුලිබල මණ්ඩලය යටතේ පවතින මේ වනවිට වැඩ නිමවූ සහ නිමවෙමින් පවතින විදුලිබල ව්‍යාපෘතින්හි වර්තමාන ප්‍රගතිය, විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවි කරුණානායක මහතාගේ අවධානයට යොමු වී තිබේ.

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව අද රැස්වෙයි

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව අද (10) පෙරවරුවේ රැස්වේ. එහිදී පාර්ලිමේන්තු කාරක සභාවල සාමාජිකයින් සංඛ්‍යාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරිම නියමිතය. පාර්ලිමේන්තු කාරක සභා 04ක් සඳහා සාමාජිකයින් මේ වන විට පත් කර ඇති අතර ඇතැම් කාරක සභාවල සාමාජිකයින් සංඛ්‍යාව ඉහල නැංවිය යුතු බවට එක්සත් ජනතා නිදහස් සන්ධානය යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.

මියගිය රෝගීන්ගේ අවයව බද්ධ කිරීමේ ව්‍යාපෘතිය සම්බන්ධ අවබෝධතා ගිවිසුමට අත්සන් තබයි

හදිසි අනතුරු හේතුවෙන් මොළය මියගිය රෝගීන්ගේ වකුගඩු ඇතුළු අවයව, රෝගීන්ට බද්ධ කිරීමේ ව්‍යාපෘතිය සම්බන්ධ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ සිදු විය.

මරණ දණ්ඩනය නියමු වු රැඳවියන් 1299 ක් අභියාචනා ඉදිරිපත් කෙරේ

2018 වසරේ දෙසැම්බර් මස 31 වන දින වන විට ස්ථිර වශයෙන්ම මරණිය දණ්ඩනය නියමු රැදවියන් හා මරණීය දණ්ඩනයට ලක්ව අභියාචනා ඉදිරිපත් කර ඇති රැදවියන් 1299 දෙනෙකු මෙරට බන්ධනාගාර තුළ සිටින බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය පවසයි.

සෑම ගොවියෙකුටම නොමිලයේ පොහොර ලබා දෙන්න වැඩපිළිවෙලක්

රටේ සෑම පුද්ගලයෙකුම ගොවියෙකු ලෙස රටේ නිෂ්පාදනයට දායක කර ගැනීම බවත්, එලෙසින්ම සෑම ගොවියෙකුටම නොමිලයේ පොහොර ලබා දීමට අවශ්‍ය වැඩ පිළිවෙල ඉදිරියේදී ක්‍රියාත්මක කරන බව කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි.