22 September 2024

පොලිස් නිලධාරීන්ගේ දුක්ගැනවිලි වලට විසදුම් ලබාදීමේ විශේෂ හමුව ජනවාරි 24 වනදා

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත, ආරක්ෂක අමාත්‍යාංශයේ නීතිය හා සාමය අංශය මගින් මාසිකව පවත්වනු ලබන පොලිස් නිලධාරීන්ගේ දුක්ගැනවිලි විමසා බලා විසදුම් ලබාදීමේ විශේෂ හමුව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී එච්.එම්.පී. හිටිසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම මස 24 වන දින පෙ.ව. 8 සිට බත්තරමුල්ල, සුහුරුපායේ, 14 වන මහළේ පිහිටි නීතිය හා සාමය පිළිබද අංශ පරිශ්‍රයේදී පැවැත්වේ.

ඇමති අශෝක්ගෙන් විශ්වවිද්‍යාල වරම් ලැබු දැරියකට අතහිත

කුරුණෑගල මල්කඩුවාව වතුයායේ ඉතා කුඩා පැල්පතක අනවසරයෙන් පදිංචිව සිටින ඉතා අසරණ පවුලක දැරියක් මෙවර උසස් පෙල විභාගයෙන් ඉහලින් සමත්ව විශ්ව විද්‍යාල වරම් ලැබූ පුවතක් මාධ්‍ය තුලින් ප්‍රචාරය වීමත් සමග ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා සිය බිරිද විශාකා අබේසිංහ මහත්මිය සමගින් ඔවුන් මුණ ගැසීමට ගොස් තිබේ.

කාර්ක්ෂමව සංවර්ධන ඉලක්ක සපුරන්න – ජනපති නව ආණ්ඩුකාරවරුන්ට දන්වයි

මහජන සේවාවන් විධිමත් සහ කාර්යක්ෂම කරමින් අපේක්ෂිත සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සදහා සියලූ නව ආණ්ඩුකාරවරුන් ඝෘජු මැදිහත්වීම් ලබාදෙමින් වගකීම් ඉටු කරනු ඇතැයි අපේක්ෂා කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

සමාජ ක්‍රියාකාරින්ගේ විරෝධතාව එජාපයේ විසින් මෙහෙය වු එකක් නොවෙයි ….. !

සමාජ ක්‍රියාකාරී කණ්ඩායම් ගණනාවක් විසින් ඊයේ දිනයේ (10 ) මාධ්‍ය ආයතන ඉදිරිපිට විරෝධතා පවත්වමින්, සංදේශ භාර දීම පිළිබඳව එක්සත් ජාතික පක්‍ෂයේ කිසිදු සම්බන්ධතාවයක් නොමැති බව පවසයි.

20–20 ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකාව නවසීලන්තයට පරාජය වෙයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ අද (11) පැවැත් වු 20– 20 ක්‍රිකට් තරගයේ ලකුණූ 35 කින් ජයග්‍රහණය කිරිමට නවසීලන්ත කණ්ඩායමට හැකියාව ලැබී තිබේ. ලකුණු 180 ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 16 යි පන්දු 05 කදි සියළු දෙනා දැවි ලබා ගැනිමට සමත් වුයේ ලකුණූ 144 ක් පමණි.

ජාතික ක්‍රිඩා විද්‍යායතනය එක්ව යෝගා වැඩමුළුවක්

යෝගා කිරිමේදී ශරීරය ආබාධ ලක්වීම අඩුවන බව ජාතික ක්‍රිඩා විද්‍යායතනයේ අධ්‍යක්ෂක ජි.එල්.සජිත් ජයලාල් මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ අද (11) එම ආයතනයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින්. එම මාධ්‍ය හමුව සඳහා යෝගා වැඩමුළු පවත්වන නියෝජිත පිරිසක් ද එක්ව සිටියේය.

ශ්‍රී ලංකාවට රබර් ආශ්‍රිත නිදහස් වෙළඳ කලාපයක් !

චීනයේ මධ්‍යම රජය හා චීනයේ එස්ටේට් කවුන්සිලය එකාබද්ධව මෙරට ක්‍රියාත්මක කිරීමට යෝජිත රබර් ආශ්‍රිත නිදහස් වෙළඳ කලාපය ඇති කිරීම සඳහා සාකච්ඡාවක් චීනයේ හයිනාන් ප්‍රාන්ත උප ආණ්ඩුකාර Shen Danyang හා වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා පැවැත්විණි. 

‘නැත්ත වෙනුවට ඇත්ත’ කෘතියට ජවිපෙට අලාභය ගෙවන්න ලෙසට විමල්ට නියෝගයක්

ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යමකාරක සභාවේ ලියකියවිලි පදනම් කරගෙන විමල් වීරවංශ මන්ත‍්‍රීවරයා විසින් ප‍්‍රකාශයට පත්කරන ලද ‘නැත්ත වෙනුවට ඇත්ත’ කෘතියට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා විසින් 2008 වර්ෂයේදී ජූලි මස 24 වන දින ගොනු කළ නඩුවෙහි තීන්දුව අද(11) දින කොළඹ වාණිජ අධිකරණයේදී ප‍්‍රකාශයට පත් කෙරිණි.

එජාපය නැගිටලා ! ඉසුරු දේවප්‍රිය කියයි

විපක්ෂය නියෝජනය කරන ජනාධිපති අපේක්ෂකයා වශයෙන් මේ වන විට පෙනී සිටින්නේ වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා පැවසිය.

තවත් ඇමැති ධුර – දයාගේ ඇමැති ධුරයේ සංශෝධනයක්

නව කැබිනට් නොවන අමාත්‍යවරු දෙදෙනෙක් සහ නව නියෝජ්‍ය අමාත්‍යවරයෙක් අද (11) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.