22 September 2024

මොන සන්ධානය පැමිණියත් නායකයා මහින්දයි – කුමාර වෙල්ගම කියයි

මොන සන්ධානය මැතිවරණයට පැමිණය ද මහින්ද රාජපක්ෂ මහතා තමයි අපේ නායකයා බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ කොළඹදී අද (08) පෙරවරුවේ මාධ්‍ය වෙත අදහස් දකිමින්.

2019 සමස්ත රාජ්‍ය වියදම රු.බි. 4,470ට කැබිනට් අනුමැතිය හිමිවෙයි

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ඉදිරිපත් කරන ලද 2019 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට 2019.01.07 දින අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.

නව වසරේ පලමු පාර්ලිමේන්තු සැසිය අදයි

2019 වසර සඳහා පළමු පාර්ලිමේන්තු සැසිවාරය අද(08දා) පස්වරු 1.00ට පැවැත්වීමට නියමිතය. අද දිනයේදී පාර්ලිමේන්තු සැසිය පවත්වන්නේ නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් බව වාර්තා වේ.

ශාන්ත බණ්ඩාර පාර්ලිමේන්තුවට

ඒ.එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතාගේ ඉල්ලා අස්වීම හේතුවෙන් පුරප්පාඩු වු එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ශාත්න බණ්ඩාර මහතා ලෙස නම්කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඡන්දෙට නව සන්ධානය ලැස්තියි – ඇමැති රාජිත කියයි

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය කිරිම සදහා බිහි කරන නව සන්ධානයේ කටයුතු අවසන් අදියරට පැමිණ ඇති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.  මෙම සන්ධානයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොටසක්, පොදුජන පෙරමුණේ කොටසක් ඇතුලු තවත් දේශපාලන පක්ෂ රැසක නියෝජිතයින්ගෙන් සැදුම්ලත් දැවැන්ත සන්ධානයක් බව අමාත්‍යවරයා කියා සිටියේය.

ශ්‍රී ලන්කන් ගුවන් සේවය ප්‍රතිසංවිධානයට කමිටුවක් පත් කෙරේ

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ පවතින ගැටලූ නිරාකරණය කර ගනිමින් එහි නව ප්‍රතිසංවිධානයකට අවශ්‍ය යෝජනා සහ අදහස් ලබාගෙන නිර්දේශ ඉදිරිපත් කිරීම සදහා වූ කමිටුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කර තිබේ.

සූරේන් , කිර්ති, දම්ම නව ආණ්ඩුකාරවරුන් ලෙස දිවුරුම් දෙයි

උතුර, සබරගමුව සහ ඌව පළාත් සදහා පත් කෙරුණු නව ආණ්ඩුකාරවරු අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.

පාසල් විෂය නිර්දේශයට නීති අධ්‍යාපනයත්

පාසල් විෂය නිර්දේශය සදහා නීති විෂය ඇතුළත් කිරීමට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැතිනි තලතා අතුකෝරළ මහත්මිය පවසයි.

ජනපති යොමු කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුට ව්‍යවස්ථා සභාවේ ඒකමතිකව අනුමැතිය හිමිවෙයි

ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු ඊවා වනසුන්දර මහත්මිය විශ්‍රාම ලැබීමෙන් පසුව ඇති වන පුරප්පාඩුව සඳහා ජනාධිපතිවරයා විසින් යොමු කරන ලද නාමය සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ඒකමතික අනුමැතිය හිමිවු බව කථානායක මාධ්‍ය කාර්යාලය පවසයි.

සේනා මර්දනයට සහනාධාරයක්

සේනා දළඹු මර්දනයට කෘමිනාශක මිලදී ගැනීම සඳහා ගොවීන්ට 50% ක සහනාධාරයක් ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යාංශය රු.මි.50 ක් වෙන්කර තිබෙන බව කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී.හැරිසන් මහතා පවසයි.