21 September 2024

බටලන්ද, ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය ජනපති ප්‍රදානත්වයෙන්

සපුගස්කන්ද, ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ පාඨමාලා අංක 12 සාර්ථක ලෙස හදාරා නිම කළ ත්‍රිවිධ හමුදා ශිෂ්‍ය නිලධාරින්ට එම උපාධි සහතික ප්‍රදානය කිරීමේ උත්සවය සේනාධිනායක, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (12) පෙරවරුවේ එම විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

මහින්ද ඇතුළු අමාත්‍ය මණ්ඩලයට එරෙහිව පෙත්සම විභාගය කල් යයි

මහින්ද රාජපක්ෂ අගමැති ඇතුළු අමාත්‍ය මණ්ඩලයට පත් කිරීමට එරෙහිව ගොනු කර සිටි පෙත්සම විභාග කිරීම ලබන ජනවාරි 16,17, සහ 18 දින දක්වා කල් තබා තිබේ.

පුරන් කුඹුරු අස්වද්දයි

කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් දිවයිනේ පුරන් කුඹුරු අස්වැද්දීම සඳහා ගන්නා ලද තීරණයට අනුව මෙවර මාස් කන්නයේදී වගා නොකළ ඉඩම් අක්කර 27,000කට ආසන්න ප්‍රමාණයක් යළි වගා කිරීමට පියවර ගෙන තිබේ.

අද අපි එන්නේ නෑ – සන්ධාන මන්ත්‍රීවරු කියයි

අද පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරයට එක් නොවීමට එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායම තීරණය කර තිබෙන බව එස්. බී.දිසානායක මහතා පවසයි.

රනිල්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කරන්නැයි පෙත්සමක්

රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන මෙන් ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක් යුක්තිය උදෙසා කාන්තාවෝ සංවිධානයේ සම සභාපතිනි ශර්මිලා ගෝනවල මහත්මිය විසින් පෙත්සම ඉදිරිපත් කළේය.

පාර්ලිමේන්තුවට යායුත්තේ බුද්ධිමතුන්ය -ජනතාව

පාර්ලිමේන්තුවට යායුතු වන්නේ උගත් බුද්ධිමත් පිරිසක් බවත් රටේ අද වන විට ඇති තත්ත්වය සම්බන්ධයෙන් ජනතාව සිටින්නේ කලකිරිමෙන් බව TTVnews.lk වෙබ් අඩවිය විසින් සිදු කළ සමික්ෂණයකින් හෙළිව තිබේ.

අමෙරිකානු තානාපතියට සාවද්‍ය තොරතුරු ලබා දීලා – බන්දුල කියයි

පවතින ආර්ථික අර්බුධය රට තුළ ඇති දේශපාලන අර්බුධය බව අමෙරිකානු තානාපතිනිය කළ ප්‍රකාශය සාවද්‍ය බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

තීරණය ඉක්මනින් දෙන්න – ජනපති ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලයි

පාර්ලිමේන්තුව විසුරුවා හැරිමට හා මහ මැතිවරණයක් කැඳවීමට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වූ පෙත්සම් සම්බන්ධයෙන් වන තීන්දුව ප්‍රමාදයකින් තොරව ලබාදෙන ලෙස ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක් ඉදිරිපත් කර තිබේ.

හිරුණිකාට එරෙහි නඩුව මාර්තු 13, 14 විභාගයට

දෙමටගොඩ ප්‍රදේශයේදී 2016 වසරේදී තරුණයෙකු පැහැරගෙන ගිය බවට චෝදනා එල්ල වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව නීතිපතිවරයා ගොනු කර ඇති නඩු විභාග කිරීම සඳහා කොළඹ මහාධිකරණය විසින් දින නියම කළේය.

පාර්ලිමේන්තුව හෙටත් රැස් වෙයි ..!

පාරිලිමේන්තුව හෙට (12) දින රැස්වන බවත් මහජන ගැලරිය සහ කථානායක විශේෂ ආරාධිත ගැලරිය වසා තැබීමට තීරණය කර තිබෙන බව වාර්තා වේ.  පාර්ලිමේන්තු සභා ඝර්භය තුළ ඇති වූ ගැටුම්කාරී සිද්ධිය පිළිබඳ කරුණු සොයා බැලීමට පත් කෙරුණු කමිටුවත් පළමු වරට හෙට දින රැස්වීමට නියමිත තිබේ.