21 September 2024

මහින්දට බැරි වුණා ..! රනිල් මාව ගණන් ගත්තේ නෑ ….! ජනපති මෛත්‍රි කියයි

මහින්ද රාජපක්ෂ මහත්මයාට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ 113 හදාගන්න බැරි වෙච්ච කාරණය වුණේ මන්ත්‍රීවරුන්ගේ මිල ගණන් ඉහළ යාම හේතුවෙන් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

එජාපය විනාශ කරන්නේ රනිල් – ජේ ආර්ගේ මුණුපුරා කියයි

එක්සත් ජාතික පක්ෂය විනාශ කරන්නේ රනිල් වික්‍රමසිංහ බවත් අද ඇත්තේ ජේ.ආර්.ජයවර්ධන ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති නොවන බව ජේ.ආර්.ජයවර්ධනගේ මුණුපුරු ප්‍රදිප් ජයවර්ධන මහතා පවසයි.

12 තීරණාත්මකයි … ! අගමැති පුටුව කාටද?

පවතින දේශපාලන අර්බුධය එළැඹෙන 12 වනදා විසදුමක් ලැබෙන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ. ජනාධිපතිවරයා සමීපතමයෙකු අප වෙත පැවසුවේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධ හා අගමැති ප්‍රමුඛ අමාත්‍ය ධුර සම්බන්ධ නඩුවල තීන්දු තීරණ බොහෝ විට ඉදිරි දින කිහිපය තුළදී ලැබෙනු ඇති බව විශ්වාස කරන බවයි.

මට කතා කරන්න එපා කිව්වා – රන්ජන් කියයි

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වන නඩුව සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් සිදු නොකරන ලෙස තමන්ගේ නිතීඥවරුන් දැනුම් දී ඇති බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පවසයි.

උතුරේ ජල ගැටලූව විසදීමට ඉරණමඩු ජලාශය ජනපති අතින් ජනතා අයිතියට

රටේ ගොවි ජනතාවගේ ජල ගැටලූව විසදීම තම සංවර්ධන න්‍යාය පත්‍රයේ ප්‍රමුඛ ස්ථානයට පත්කරගත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පූර්ණ මගපෙන්වීමෙන් මොරගහකන්ද ජලාශයේ ඉදිකිරීම් සමඟ ආරම්භ කෙරුණු මෙරට වාරි ක්‍රියාන්විතයේ දෙවන පියවර ලෙස උතුරේ විශාලතම ජලාශය වන කිලිනොච්චි ඉරණමඩු ජලාශයේ ප්‍රතිසංස්කරණ කටයුතු 2015 වසරේදී ආරම්භ කෙරිණි.

මෙරටට බඩඉරිඟු ආනයනය ලබන වසරේ දී 50% කින් අවම කෙරේ

මෙරටට ඉතාමත් හොඳින් වගා කළ හැකි බෝගයක් වන බඩඉරිඟු මෙතෙක් අපේ රටේ ජාතික අවශ්‍යතාවයට සරිලන පරිදි වගා කර නොමැති බවත් 2017 වසරේ මෙරට බඩඉරිඟු වගා කරන ලද ඉඩම් ප්‍රමාණය අක්කර 150,000ක් බව කෘෂි කර්ම අමාත්‍යංශය පවසයි.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ සම්බන්ධ අතුරු තහනම 10 තෙක් කල් යයි

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව විසුුරුවාහැරීම හා මහ මැතිවරණයක් පැවැත්වීමටත් ආළව නිකුත් කළ ගැසට් නිවේදනයට ශ්‍රේෂ්ඨාධිකරණය පැනවූ අතුරු තහනම ලබන 10 දා තෙක් කල් තබා තිබේ.

අපි ආප්ප පිච්චුවා – රනිල් කියයි

බිත්තර ආප්ප පුච්චන තාච්චිය කතා කරන ලෙස තමා ඇතුළු සියළු දෙනා එක්ව ආප්ප පිව්වු බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. වික්‍රමසිංහ මහතා ඊයේ (05) පස්වරුවේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් වෘත්තිකයෝ සංවිධානය මෙහෙයවන ලද විවෘත සංවාද අවස්ථාවට එක්වෙමින්.

එජාප පාක්ෂිකයාව ජනපතිට අමතකයි – අකිල කියයි

එක්සත් ජාතික පක්ෂය දිය කිරීම සඳහා වැඩපිළිවෙල සකස් කිරීමට ජනාධිපතිවරයා පසුගිය කාලසිමාව තුළ කටයුතු කළ අතර ඔහුට ඡන්දය දුන් එක්සත් ජාතික පාක්ෂිකයන් පවා අමතක කළ බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

ඒකාධිපති රාජ්‍යයක් කරන්නේ සිරිසේන ජනාධිපතිවරයායි – මංගල කියයි

ආසියාවේ පැරණිම ප්‍රජාතන්ත්‍රවාදී රට වූ ශ්‍රී ලංකාව සීග්‍රයෙන් ඒකාධිපති රාජ්‍යයක් කර පරිවර්ථනය වෙමින් පවතීන බවත් ඒ සඳහා මූලිකවම වගකිව යුත්තේ සිරිසේන ජනාධිපතිවරයාය බව පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා පවසයි.