21 September 2024

මාලිංග ඉන්දීය රුපියල් ලක්ෂ 200 කට වෙන්දේසි වෙයි

2019 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට අදාළව ක්‍රීඩක වෙන්දේසියේදී ශ්‍රී ලංකා පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ඉන්දීය රුපියල් ලක්ෂ 200 කට වෙන්දේසි කෙරුනා. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 4.5කට අධිකයි. ඔහු මිලදී ගනු ලැබුවේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම විසිනුයි.

විපක්ෂ නායක මහින්ද – විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහින්දයි

විපක්ෂ නායකවරයා වශයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධනයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පත් කර තිබේ. කථානායකවරයා අද (18) පාර්ලිමේන්තුවේදී දැනුම් දීම් සිදු කරමින් කියා සිටියේ ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායක වශයෙන් ගයන්ත කරුණාතිලක හා සභා නායක වශයෙන් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පත් කර තිබේ.

ශ්‍රී ලනිප විපක්ෂයට – 21 ම එනවා කියලා විශ්වාසයි- දයාසිරි කියයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විපක්ෂය අසුන් ගැනීමට ජනාධිපතිවරයා අතර පැවැති සාකච්ඡාවේදී තීරණය වු බවත් ඒ සඳහා 21 දෙනාම සහභාගී වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.

අමාත්‍ය මණ්ඩලය පත් කරන විට බුද්ධිමත්ව කටයුතු කරන්න – පැෆ්රල් සංවිධානය කියයි

අමාත්‍ය මණ්ඩලය පත් කරන විට බුද්ධිමත්ව කටයුතු කරන මෙන් පැෆ්රල් සංවිධානය පවසයි. එම සංවිධානය කියා සිටියේ මේ වන විට රටේ පැවති දේශපාලන හා ව්‍යවස්ථා අර්බුධය නිමාකරමින් මේ වන විට අග‍්‍රාමාත්‍යවරයා පත්කර තිබෙන අතරම ඉදිරි දින කිහිපය තුළ අමාත්‍ය මණ්ඩලයද පත්කිරීමට නියමිතය බවයි.

අගමැති රනිල් පත්වීමෙන් පසු පලමුවරට පාර්ලිමේන්තුව අද රැස්වෙයි

නව අග්‍රාමාත්‍ය ධුරයේ රනිල් වික්‍රමසිංහ මහතා දීවුරුම් දීමෙන් අනතුරුව පලමුවරට අද දිනයේදී පාර්ලිමේන්තුව රැස්වේ. පස්වරු 1ට පාර්ලිමේන්තුව රැස් වීමට නියමිත අතර එහිදී නව කැබිනට් මණ්ඩලය මෙතෙක් දිවුරුම් දී නොමැති නිසා ජ්‍යෙෂ්ඨත්වය අනුව අද පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරුන්ට අසුන් පැනවීමට තීරණය කර තිබේ.

ඉන්ටව් කරලා තමයි ගන්නේ – එජාපය

මෙවර ආණ්ඩුවට එක්වන පිරිස් සම්බන්ධයෙන් සම්පුර්ණ තොරතුරු සොයා එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කැමැත්ත අනුව ක්‍රියා කරන බව එක්සත් ජාතික පක්ෂය පවසයි. එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද බණ්ඩාර මහතා කියා සිටියේ ආණ්ඩුවට එකතු කරගන්නේ හොඳ පිරිස් පමණක් බවයි.

දිරිය වනිතාවට “එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා -BOC තුරුණු දිරියෙන්” සවියක්

අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය විසින් ක්‍රියාත්මක කරනු ලබන දිරිය වනිතාවට “එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා -BOC තුරුණු දිරියෙන්” සවියක් වැඩසටහන මගින් මේ වන විට කාන්තාවන්ට විශේෂ අවධානයක් යොමුව තිබේ.

සන්ධානය මන්ත්‍රීවරුන් ජනපති හමුවක් අද

රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුව සමඟ ඉදිරියට යාමට නොහැකි බව එක්සත් ජනතා සන්ධාන මන්ත්‍රිවරුන් විසින් අද (17) දිනයේදී පවත්වනු ලබන සාකච්ඡාවේදී ප්‍රකාශ කරන බව වාර්තා වේ.

මේ සටන් ඉවර නෑ … ! මේක ඓතිහාසික සටනක් රාජිත කියයි

ඉදිරි වසරක කාලය තුල රාජ්‍ය පාලනය කිරිම සදහා ජනතාවාදී වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන බව හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි. ඒ මහතා කොළඹ මරදාන සුදුවැල්ල ප්‍රදේශයේ ඊයේ (16) පැවැති ජනහමුවකට එක්වෙමින් කියා සිටියේ පසුගිය ජනතා අරගලයෙන් ප්‍රථම ජයග්‍රහණය වන්නේ රනිල් වික්‍රමසිංහව අගමැති ධුරයට පත් කිරීම බවයි.

පුළුල් සන්ධානයට අත්වැල් බැඳ ගන්න එන්න – අගමැති රනිල්

අනෙක් සියළු භේද පසෙක ලා අපේ මාතෘ භූමිය වෙනුවෙන්, ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්, ජනතා අයතීන් ආරක්‍ෂා කිරීම වෙනුවෙන්, නූපන් පරම්පරාවට නිදහස් රටක් උරුම කර දීම වෙනුවෙන් පුළුල් සන්ධානය හා අත්වැල් බැඳ ගන්නා ලෙස සැමගෙන් ඉල්ලා සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.